ඒ නිමිත්තෙන් අනුස්‌මරණ වැඩසටහන ජුනි මස 01, 02 දිනවලදී අරන්තලා බෞද්ධ මධ්‍යස්‌ථානයේදී පැවැත්වෙන බව ශාස්‌ත්‍රපති කිරිඳිවැල සෝමරතන හිමියන් ප්‍රමුඛ සංවිධායක මණ්‌ඩලයේ නිලධාරීහු පිරිසක් "දිවයින"ට පැවසූහ.
වැඩසටහන් විස්‌තරය මෙසේයි.
ජුනි මස 01 වැනිදා සවස සප්තාසන කාව්‍ය ධර්ම දේශනාව සහ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවකි.
ජුනි මස 02 වැනිදා පෙරවරු 8.00 සිට සවස 2.00 දක්‌වා අරන්තලා භික්‍ෂු ස්‌මාරකය අබියස ආගමික වතාවත් හා පුෂ්පෝපහාර පූජාව, අටවිසි බෝධි අංකුර හා බුදුපිළිම වහන්සේ තැන්පත් කිරීම සිදුකෙරෙයි.
ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කරන ලද මහා සංඝ රත්නයේ ප්‍රතිමා ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අරන්තලා භික්‍ෂු විශ්‍රාම ශාලාවට මුල්ගල් තැබීම ආදී විවිධ සමාජ සුබසාධන කටයුතුද සිදුකරන බව සංවිධායක මණ්‌ඩලයේ උසස් නිලධාරියෙක් කීය.
දඩයම්තලාව - පී. ජයසිංහ
http://www.divaina.com/2014/05/31/news11.html
Pic Source
0 comments:
Post a Comment