Pages

Thursday, June 30, 2016

තුර්කියේ අටාටර්ක්‌ ගුවන්තොටුපළට එල්ල වූ බිහිසුණු ත්‍රස්‌ත ප්‍රහාරය - 50 ක්‌ මරුට - 147 කට තුවාල | යුරෝපයම සලිත වෙයි

අරාබි වසන්තයේ තවත් විපාකයක්‌ තුර්කියේ අටාටර්ක්‌ ගුවන් තොටුපළට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් සනාථවිය.

2010 දෙසැම්බර් 18 දා බටහිර රටවල් එක්‌වී ටියුනීසියානු රජය පෙරළා දැමීය. ඊට අරාබි වසන්තය යෑයි නම් කෙරිණි. අරාබි වසන්තයේ භයානක ප්‍රතිඵලය වූයේ අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය බිහිවීමයි.

2016 මාර්තු 22 දා අයිසිස්‌ ත්‍රස්‌තයෝ බෙල්ජියමේ සැවන්ටම් ගුවන් තොටුපළට ප්‍රහාර එල්ල කළහ. ඉන් මගීන් 32 ක්‌ මරුමුවට පත්විණි. යුරෝපයට ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ලවන බවට තමන් අනතුරු අඟවා තිබූ බව තුර්කි රජය කියා සිsටියේය.

එහෙත් පෙරේදා රාත්‍රි 8.00 ට පමණ ඉස්‌තාන්බුල් නගරයේ අටාටර්ක්‌ ගුවන් තොටුපළේ පිපිරීම් තුනක්‌ සිදුවිය. තුර්කි බලධාරීන් පැවසුවේ එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් 36 ක්‌ මරුමුවට පත්වූ බවයි. එහෙත් නිල නොවන ආරංචි මාර්ග වල සඳහන් වූයේ 50 කට අධික පිරිසක්‌ මියගිය බවයි. මේ වනවිට හෙළිවී ඇති තොරතුරුවලින් වාර්තාවී ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් තිදෙනෙක්‌ ගුවන් තොටුපළට කඩාවැදී වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි. එම ප්‍රහාරවලින් 147 කට අධික සංඛ්‍යාවක්‌ තුවාළ ලබා ඇත. මෙම ප්‍රහාර එල්ල කළ ත්‍රස්‌තයන් තිදෙනාගෙන් එක්‌ ත්‍රස්‌තයෙක්‌ තම පිපිරීම් උපකරණය ක්‍රියාත්මක කිරීමට පෙර ගුවන් තොටුපලේ සිටි පොලිස්‌ භටයෙක්‌ විසින් වෙඩිතබා මරාදමා තිබේ.

අටාටර්ක්‌ ගුවන් තොටුපළට ප්‍රහාර එල්ල කිරීම සඳහා මෙම අයිසිස්‌ ත්‍රස්‌යන් තිදෙනා පැමිණ ඇත්තේ කුලී රථයකිනි. එහෙත් මගීන් පරීක්‌ෂා කරන ස්‌කෑන් යන්ත්‍රයට ඔවුන් පුපුරණ ද්‍රව්‍ය පටි බැඳගෙන ඇති බව හෙළිවී ඇත. ඒ සමගම ත්‍රස්‌තයන් ආරක්‌ෂක නිලධාරීන්ට වෙඩි තබා තිබේ.

පර්යන්ත ගොඩනැඟිල්ල අසලදී ස්‌කෑන් යන්ත්‍රයේ පරීක්‌ෂාවට අසුවූ ත්‍රස්‌තයන් තිදෙනාගෙන් දෙදෙනෙක්‌ පිපිරීම් සිදුකරගෙන ඇත.

මෙම අයිසිස්‌ ත්‍රස්‌තයන් කැලෂිනකෝව් ප්‍රහාරක අවිවලින් සන්නද්ධව සිටි අතර එක්‌ අවියක්‌ මේ වනවිට සොයාගෙන ඇත.

මෙකී ත්‍රස්‌ත ප්‍රහාරය එල්ලවන අවස්‌ථාවේ මගීන් සහිත යානාවක්‌ ගුවන්තොටුපලට පැමිණි අතර එහි සිටි මගීන්ට ගොඩබැසීමට ඉඩදී නැත.

එම යානාවේ සිටි බීබීසී වාර්තාකරු මාර්ක්‌ සෝබස්‌ පැවසුවේ තමා තුර්කියේ වසර දෙකක්‌ තිස්‌සේ ජීවත්වන බවත් අටාටර්ක්‌ ගුවන් තොටුපළට එන වාහන කිසිවක්‌ පරීක්‌ෂාවට ලක්‌ වන්නේ නැති බවයි.

මෙම ප්‍රහාරය ගැන තුර්කි ජනාධිපති අර්ඩෝගන් ප්‍රකාශකයක්‌ කරමින් 2016 වසර තුළ තුර්කියට එල්ල වූ සිව් වන ත්‍රස්‌ත ප්‍රහාරය මෙය බවත් ත්‍රසත්වාදය වැනසීම සඳහා තුර්කි රජය සටන් කරන බවත් කීවේය. 

මෙම ප්‍රහාරයත් සමගම තුර්කි ගුවන් ගමන් වහාම නතර කර ඇත. 

තුර්කි අධිකරණ ඇමැති බෙකිර් බොස්‌ඩාන්ද ප්‍රකාශයක්‌ කරමින් අටාටර්ක්‌ ගුවන් තොටුපළේ පර්යන්ත ගොඩනැඟිල්ල වෙත එමින් සිටි එක්‌ ත්‍රස්‌තයකු එකවරම ආරක්‌ෂක නිලධාරීන්ට වෙඩිතබා සිය බෝම්බය පුපුරවාගෙන ඇති බව හෙළි කළේය.

අයිසිස්‌ ත්‍රස්‌තයන් බෙල්ජියමේ සැවන්ටම් ගුවන් තොටුපලට ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණියේද කුලී රථයකිනි. එම ප්‍රහාරයට ත්‍රස්‌තයන් තිදෙනකු සම්බන්ධ විය. අටාටර්ක්‌ ගුවන් තොටුපළට ප්‍රහාරය එල්ලකිරීම සඳහාද ත්‍රස්‌තයන් අනුගමනය කළේද එම ක්‍රමවේදයයි.

මෙම ප්‍රහාරය සියෑසින් දුටුවෙක්‌ තුර්කි රූපවාහිනිය අමතා පැවසුවේ එක්‌ ත්‍රස්‌තයෙක්‌ බෝම්බය පුපුරුවා ගැනීමෙන් පසු තවත් ත්‍රස්‌තයෙක්‌ පර්යන්ත ගොඩනැගීල්ලට පැමිණ වෙඩි තැබූ බවකි. අටාටර්ක්‌ ගුවන් තෙටුපළට එල්ලවූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පෙන්නුම් කරන්නේ ගුවන්තොටුපළ ආරක්‌ෂක තත්ත්වය අතිශයින්ම දුර්වල බවයි.

ප්‍රහාරය පිළිබඳ වාර්තාවීමත් සමගම ඇමරිකානු රජය තුර්කියට ක්‍රියාත්මක වන ගුවන් සේවා නතර කර ඇත.

මෙම ත්‍රස්‌ත ප්‍රහාරය ගැන ඇමරිකානු බලධාරීන් නිවේදනයක්‌ කරමින් යුරෝපා රටවල ජනතාව සැලසුමක්‌ මගින් මෙවන් ප්‍රහාර මර්දනය කළ යුතු යෑයි සඳහන් කර තිබේ.

එහෙත් තුර්කියට එල්ලවූ බිහිසුනු ත්‍රස්‌ත ප්‍රහාරයෙන් මුළු යුරෝපයම සලිත වී ඇත.

http://www.divaina.com/2016/06/30/forign.html

0 comments: