Pages

Wednesday, June 1, 2016

විජිත හේරත් අනතුර වනවිට බීමතින්. වෛද්‍ය පරීක්‌ෂණයෙන් හෙළිවේ. පක්ෂ කාර්යාලයේ සිට බිව්වාද? එසේ නම් කා සමඟද? අයර්ලන්තය, සමාජවාදය සහ මත්පැන්!

බීමත්ව අනාරක්‌ෂිත ලෙස කැබ්රථයක්‌ පදවාගෙන ගොස්‌ එය අනතුරට ලක්‌කර රජයේ දේපොළවලට හානි කිරීමේ චෝදනාව මත ඊයේ (31 වැනිදා) අලුයම අත්අඩංගුවට ගත් ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පොලිස්‌ ඇප මත මුදාහැර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ වැලිකඩ කුරේ මාවත ආසන්නයේදී ඊයේ (31 වැනිදා) අලුයම 1.00 ට පමණ මෙම අනතුර සිදුවී තිබිණි.

විජිත හේරත් මහතා පදවාගෙන ආ කැබ්රථය වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ දුරකථන කණුවක සහ තාප්පයක ගැටී ඇත.

බත්තරමුල්ලේ පිහිටි පක්‌ෂ කාර්යාලයේ සිට කිරුළපන පිහිටි සිය නිවස බලා යමින් සිටියදී විජිත හේරත් මහතා මෙම අනතුරට මුහුණ පා තිබේ.

විජිත හේරත් මහතාට කිසිදු අනතුරක්‌ සිදුවී නොමැති අතර උඡ ඡෑ 7154 අංකය දරන කැබ් රථයේ ඉදිරිපස කොටසට බරපතළ හානි සිදුවී ඇත.

මෙම සිද්ධියෙන් පසු වැලිකඩ පොලිසිය මගින් විජිත හේරත් මහතා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි පූෂර් මහත්මිය වෙත ඉදිරිපත් කර තිබේ. වෛද්‍ය පරීක්‌ෂණයෙන් හෙළිවී ඇත්තේ විජිත හේරත් මහතා අනතුර සිදුවන අවස්‌ථාවේ මත්පැන් පානය කර සිට ඇති බවයි. හේරත් මහතාගේ මුවින් මත්පැන් ගඳ වහනය වන බව වෛද්‍ය වාර්තාවේද සඳහන් කර ඇත.

ඒ අනුව මත්පැන් පානය කිරීම, අනාරක්‌ෂිත ලෙස වාහන ධාවනය කිරිම, අනතුරක්‌ වළක්‌වා නොගැනීම, රජයේ දේපොළවලට අලාභහානි කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා පොලිස්‌ ඇපමත ඊයේ පෙරවරුවේ මුදාහැර ඇත.

විජිත හේරත් මන්ත්‍රීවරයා අද (01 වැනිදා) අලුත්කඩේ අංක 07 අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

වැලිකඩ පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු
http://www.divaina.com/2016/06/01/news05.html

0 comments: