Pages

Friday, August 1, 2014

ඉස්ලාමික රාජ්‍යය සිරියානු සෙබළුන්ගේ හිස ගසා දමයි

නැගෙනහිර සිරියාවේ රක්කා නගරයේ පිහිටා තිබූ සිරියානු හමුදා කඳවුරක් අත්පත් කරගත් ඉස්ලාමික රාජ්‍යය සටන්කාමීන් විසින් සෙබළුන් ගණනාවකගේ හිස් සිඳ ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

රක්කා නගරය ඇතුළු අවට ප‍්‍රදේශයම ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන් අතට පත්වුවද ඩිවිෂන් 17 හමුදා කඳවුර රැකගැනීමට එහි සිටි හමුදාවන් සමත්ව සිටි බව පැවසේ.

සවුදි ජාතික මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ ප‍්‍රහාර සමග ආරම්භවූ ගැටුම් පැය ගණනාවක් පුරා ඇවිළ ගොස් ඇති අතර ජිහාඞ්වාදීන්ගේ ප‍්‍රහාරයෙන් කඳවුර ආරක්ෂා කරගැනීමට සිරියානු ගුවන් හමුදා හෙලිකොප්ටර භාවිතයෙන් පහරදී තිබේ.

කෙසේවෙතත් අවසානයේදී කඳවුර අල්ලාගැනීමට සටන්කාමීන් සමත්ව ඇත.

ඔවුන් විසින් ඩිවිෂන් 17 කඳවුර තුළ ඡයාරූප සමාජ ජාල තුළ පළ කර ඇති අතර සිරියානු රජයේ සෙබළුන් ආරක්ෂාව පතා අසල ඇති ගම්මාන වලට පලා ගොස් ඇති බවද ඔවුන් සඳහන් කර තිබේ.

පැන ගිය සෙබළුන් ලූහුබැඳ ඔවුන්ද ඝාතනය කර ඇති අතර සෙබළුන් ගණනාවකගේ සිඳින ලද හිස් නගර චතුරස‍්‍රයේ ප‍්‍රදර්ශනය කර ඇති බවද වාර්තා වේ.

රජයේ ආරංචි මාර්ග විසින් පවසා ඇත්තේ ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීම සඳහා උපායමාර්ගික පසුබැසීමක් සිදුකළ බවයි.

එහිදී සියගණනක් සෙබළුන් ආරක්ෂිතව 93වන බි‍්‍රගේඩය දක්වා පසු බැස ඇති නමුත් 200 දෙනෙකුගේ පමණ තත්වය මෙතෙක් නොදන්නා බවද ඔවුන් පවසා තිබේ.

http://lankacnews.com/sinhala/foreign-news/119885/

Pic Source

0 comments: