Pages

Wednesday, August 20, 2014

කඳුකරයේ ආනයනික ශාක ඉවත් නොකළොත් ජල සම්පත නැතිවේවි

උඩරට කඳුකරය පුරා ඇති පරිසරයට හානි කර ආනයනික ශාක වර්ග කපා ඉවත් නොකළහොත් ඉදිරි කාලයේදී කඳු ඉඩම්වල ජල සම්පත මුළු මණින්ම නැතිවී යන තත්ත්වයක්‌ උදාවනු ඇතැයි ග්‍රැෆික්‌ ශ්‍රී ලංකා පරිසර සංවිධානය අනතුරු හඟවයි.

දැනට කඳු ඉස්‌මත්තේ අක්‌කර දහස්‌ ගණනක්‌ වගා කර ඇති පයිනස්‌ හා යුකැලිප්ටස්‌ පරිසර සමතුළිතයට ඉතාම හානිකර ලෙස බලපා තිබෙන අතර වටිනා දැව වර්ගයක්‌ වශයෙන් මෑතදී හඳුන්වාදී තිබෙන මැහෝගනී ශාකයද පරිසරයට හානිකර බව එම සංවිධානයේ අධ්‍යක්‍ෂ ගාමිණී ජයතිස්‌ස මහතා පැවසීය.

මෙම වගා බිම්වල දැනටමත් ඇළ, දොළ ගංගා ජල උල්පත් ආදියේ ජල ප්‍රමාණයන් විශාල වශයෙන් අඩු වී ඇති අතර වසර දහයක්‌ පමණ වන විට මෙම තත්ත්වය වඩාත් දරුණු තත්ත්වයකට පත්වීමේ අවදානමක්‌ පවතින බවද ඒ මහතා පැවැසීය.

මෙම තත්ත්වය වළක්‌වා ගැනීමට නම් මෙම ප්‍රදේශවලට ආවේනික වන වගාවන් මෙන්ම පරිසර හිතකාමී ගහ කොළ ගෙවතු වගාවන් ව්‍යාප්ත කළ යුතු බව එම පරිසර සංවිධානය පෙන්වා දෙයි.

පන්විල ඡේ. තල්වත්ත
http://www.divaina.com/2014/08/20/provin01.html

Pic Source

0 comments: