Pages

Friday, August 1, 2014

ගාසා ගැන යකා නටන මුසලුවන් බොකෝහරාම්, අයිසිස්, අල්කයිඩා, ටලේබාන් කරන අමානුෂික ත්‍රස්ත ඝාතන වලට එරෙහිවන්න - හෙළ උරුමයෙන් හකීම්ට, බදුදීන්ට, සාලිට, උලමාට අභියෝග

මැතිවරණ කොමසාරිස්තුමා විසින් ලබාදුන් හිජාබය පිළිබඳ තීන්දුව හා ජාත්‍යන්තර මුස්ලිම් මූලධර්මවාදය එල්ලකරන බලපෑම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් අද ජාතික හෙළ උරුමය ප‍්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවැත්විණි.

මෙම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්තී‍්‍ර නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා, ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමි, ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් නරේන්ද්‍ර ගුණතිලක මහතාද  සහභාගි විය.

එහිදී පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංස ස්වාමීන්වහන්සේ අදහස් දක්වමින් ‘‘පසුගිය සතියේ උපරිමාධිකරණය විසින් රාජගිරියේ ජනාධිපති බාලිකා විද්‍යාලයේ මුස්ලිම් ජාතික ශිෂ්‍යාවක් තම ආගමානුකූල හිජාබ් නැමැති ඇඳුම ඇඳීම එම විදුහල්පතිනිය විසින් තහනම් කිරීම අභියෝගයකට ලක්කර පැනවූ නඩුව පිළිබඳව හා එහිදී ලබාදුන් තීන්දුව අනුව කිසිදු දරුවෙක් රජය මගින් නියෝග කර ඇති නිලඇඳුම හැර වෙනත් කිසිදු ආකාරයක ඇඳුමක් ඇඳීම තහනම් කර ඇති බව ප‍්‍රකාශ කළේය. එමෙන්ම උන්වහන්සේ වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් මුහුණ ආවරණය කරගත් ඉස්ලාමීය නිකාබ් හා බුර්කා ඇඳුම් මගින් විවිධ අකටයුතුකම් විශේෂයෙන්ම විභාග පවත්වන විට ජංගම දුරකතන භාවිතා කරමින් වංචා කිරීම් වාර්තා වී ඇති බවත්ය. එසේම මෙම සුවිශේෂි නඩුව වෙනුවෙන් තම ජාතික යුතුකම ඉටුකිරීම සඳහා ඵෙතිහාසික තීන්දුව දුන් උපරිමාධිකරණයටත් මෙම නඩුව සඳහා ඉදිරිපත් වූ ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මැතිතුමාට උපහාරයක් ද පීදිය.

මෙහි දී අදහස් දැක්වු ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්තී‍්‍ර නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මැතිතුමා පලස්තීනයේ ගාසා තීරයට ඊශ‍්‍රායලය විසින් එල්ල කරන බිහිසුණු ප‍්‍රහාරයන් පිලිබඳව දැඩි හෙළාදැකීමක් සිදුකළ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්තුමිය හෝ එම ආයතනය මේ පිළිබඳව කිසිදු විරෝධයක් පළනොකිරීම හරහා ඔවුන්ගේ දෙබිඩි පිළිවෙත පිළිබඳව විවේචනයක්ද එල්ලකරන ලදි. එසේම පසුගිය සිකුරාදා දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් මුස්ලිම්වරු පලස්තීනයට සහයෝගය දක්වමින් උද්ඝෝෂණ කිහිපයක් පැවැත්වීම පිළිබඳව ප‍්‍රශ්නකර සිටියේ ඉරාකයේ හා පාකිස්ථානයේ ඉස්ලාමීය කණ්ඩායම් මගින් සිදුකරනු ලබන මානවහිමිකම් උල්ලංඝනය කිරීම් හා අන්‍යාගමිකයන් දහස් ගණන් ඝාතනය කිරීම් පිළිබඳව නිහ`ඩ පිළිවෙත හෙළාදැක්කේය. පාකිස්ථානයේ මලාලා දැරියට අධ්‍යාපන අයිතිය අහිමිකරමින් වෙඩිතැබු අවස්ථාවේ දී ද නයිජිරියාවේ 200කට අධික පාසල් සිසුවියන් බෝකෝහරාම් නැමැති ත‍්‍රස්තවාදි සංවිධානය මගින් පැහැර ගනිද්දි හා ලිබියාවේ සිරියාවේ සිදුකරනු ලබන මහා මිනිස්ඝාතන වලට ඒකපාර්ශවිකව නිද්‍රාශීලි ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම ප‍්‍රශ්න කර සිටියේය.

එහිදී වර්ණසිංහ මහතා ජමියතුල් උලමා, ශී‍්‍ර ලංකා මුස්ලිම් කවුන්සිලය, ෂූරා සභාව, ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, අලෙවි මව්ලානා, අසාත් සාලි, මුජිබර් රහුමන්, රිෂාඞ් බ¥ර්දීන්, ෆයිසර් මුස්තාෆා යන සංවිධාන හා මුස්ලිම් ජන නායකයන් හට විවෘත අභියෝගයක් කරමින් ඉල්ලා සිටියේ හැකිනම් ඉහත කී ඉස්ලාමීය ත‍්‍රස්ත කි‍්‍රයා හෙළා දකිමින් නිවේදන නිකුත් කරන මෙනි. එසේ කරන්නේ නම් පලස්තීනයට එල්ල වී ඇති තර්ජන වලට විරෝධතා පළ කිරීම සඳහා ජාතික හෙළ උරුමය ද ඔවුන් සමග කටයුතු කිරීමට පසුබට නොවනු ඇතැයි ද ප‍්‍රකාශ කළේය. ෂීෂී ත‍්‍රස්තවාදී සංවිධානය මගින් මේ දිනවල සිදුකරනු ලබන කි‍්‍රයාකාරකම් හෙළා දකිමින් ශී‍්‍ර ලංකාව මෙන්ම බටහිර රටවල් ද මෙවැනි ත‍්‍රස්ත සංවිධාන වල ගොදුරු බවට නුදුරේම පත්වීමේ අවධානම මාධ්‍යයේ පළවූ වාර්තා අනුසාරයෙන් හෙළිදරව් කරන ලදි.

වැඩිදුරටත් අදහස් දැක්වු ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් නරේන්ද්‍ර ගුණතිලක මහතා පවසා සිටියේ ‘‘ඊයේ දිනයේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී පැවති පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමේ දී වර්ණසිංහ මහතා විසින් මතුකරන ලද මුස්ලිම් කාන්තාවන් හා ඡුන්දපොළ නිලධාරිනියන් මුහුණ ආවරණය කරන ඉස්ලාමීය ඇඳුම් පැළඳුම් නිසා ඇතිවන නෛතික හා වෙනත් අපහසුතාවයන් පිළිබඳව ප‍්‍රකාශ කළ අතර එහිදී මුහුණ ආවරණය වන ඉස්ලාමීය ඇඳුම ඡන්දපොළ තුළ තහනම් කරන මෙන් ඉල්ලා සිටීම මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගනිමින් මින්මතු පැවැත්වෙන සියලූ මැතිවරණ සඳහා මුහුණ නිරාවරණය කරමින් හිජාබ් ඇඳුම සඳහා අවසර ලබාදෙමින්ද මුහුණ අර්ධවශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් කිසිදු ඇඳුමක් ඇඳීම තහනම් කිරීමේ නියෝගයක් සියලූ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත නිකුත් කරන බව දන්වා සිටියේය. මෙහිදි ලබාගත් ජයග‍්‍රහණය හුදෙක්ම මුස්ලිම් කාන්තාවන්ගේ සුවිශේෂි ජයග‍්‍රහණයක් බවත් මේ වනවිටත් විවිධ පළාත් වලින් අප අමතා මුස්ලිම් යුවතියන් අප අමතා ඔවුන් වෙනුවෙන් ඉටුකළ මෙහෙය අගය කරමින් ඊමේල් හා දුරකතන පණිවිඩ ඒවා ඇතිබවත් කීවේය.

නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ, මාධ්‍ය ලේකම්, ජාතික හෙළ උරුමය
http://lankacnews.com/sinhala/news/119921/

Pic Source - ISIS commits mass murder

0 comments: