Pages

Sunday, August 17, 2014

මැදපෙරදිග 80,000 වඩා ගෘහ සේවයේ නිරත වෙනවා. බොහෝ අය මුස්ලිම් වෙලා. අපි මුස්ලිම් ජනතාවට විරුද්ධ නැහැ. අන්තවාදයට විරුද්ධයි - ඥානසාර හිමි

මෙරට තුල ක‍්‍රිස්තියානි මූලධාර්මවාදී සංවිධාන 400ක් පමණ ක‍්‍රියාත්මක වන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසති.

උන් වහන්සේ එසේ සඳහන් කලේ රත්මලානේ පියරතනාරාම විහාරස්ථානයේදී දහම් දෙසුමක් පවත්වමිනි.

ඥාණසාර හිමියෝ එහිදී මෙසේ ද පැවසූහ.

‘මැද පෙරදිග 80,000 කට වැඩි කාන්තාවන් පිරිසක් ගෘහ සේවයේ නිරත වෙනවා. දැන් ඒ අයගෙන් බොහෝ අය මුස්ලිම්කරණය වෙලා. පසු ගිය කාලයේ අපි පානදුරේ සිට කළුතර දක්වා සමීක්ෂණයක් කළා. එහි දී සිංහල කාන්තාවන් 351 ක් මුස්ලිම්කරණය වෙලා.

ක‍්‍රිස්තියානි මූල ධර්මවාදී සංවිධාන 400 ක් විතර මේ රටේ ක‍්‍රියාත්මක වෙනවා. අපි නොදන්නවා වුණාට අපේ ජාතිය විනාශ කරන්න දැන් නොයෙක් බලවේග රටේ ක‍්‍රියාත්මක වෙනවා. රටක් හැටියට, ජාතියක් හැටියට අපිට අලූතින් හිතන්න වෙලා. සිංහලයෝ හැටියට අපි අද පා පිස්සක් බවට පත් වෙලා.

අපි මුස්ලිම් ජනතාවට විරුද්ධ නැහැ. හැබැයි මුස්ලිම් අන්ත වාදයට විරුද්ධයි. දෙමළ ජනතාවට විරුද්ධ නැහැ. LTTE සංවිධානයට විරුද්ධයි. ඉතිං සිංහලයන් හැටියට භික්ෂූන් වහන්සේලා අපිට මේ ජාතියට සිදු වන විනාශය දිහා බලා ගෙන දෑස් පියා ගෙන ඉන්න බැහැ. ඒකයි අපි මේ අටේ අසාධාරණයක් වුණොත් ඒ වෙනුවෙන් නැගී සිටින්නේ. ඒ අපේ ජාතිය ආගමට තිබෙන ආදරය නිසා මිස වෙනත් ප‍්‍රතිලාභ බලාපොරොත්තුවෙන් නොවෙයි’

http://lankacnews.com/sinhala/news/120733/

Pic Source

0 comments: