Pages

Saturday, August 16, 2014

අයි එස් අයි එස් මූසලු අන්තවාදය හමුවේ, කුසගින්නට දරුවන්ට ලේ පොවන ඉරාක දෙමාපියෝ

ඉරාකයේ ගැටුම්වලින් අසරණව සිටින වැසියන් සිය අහිංසක දරුවන් හට කුසගින්න නිවීම සදහා රුධිරය බීමට දීමට තරම් අන්ත අසරණ වී ඇත. බී බී සී රූපවාහිනිය ප්‍රචාරය කල මෙම වාර්තාවෙන්  අයි එස් අයි එස් සටන් කාමීන්ගේ දරුණු කි‍්‍රයාකාරකම් නිසා දස දහස් ගණනක් වූ ඉරාක වැසියන් සින්ජාර් කදු වැටියේ සිරවී ඇති බවටද අනාවරණ කරණ ලදී.

අයි එස් අයි එස් සංවිධානය මුලදී කතෝලිකයන් හට දරුණු වද හිංසා පමුණන ලද අතර දැන් ඔවුන් මුස්ලිම්වරුන්ටද හිසරදයක් වී ඇති බවට අසරණ වූ මුස්ලිම් වැසියන් පවසයි. මෙම වැසියන් සදහා මානුෂිය ආධාර සැපයීම මීට වඩා කඩිනමින් සිදුවිය යුතු බව මානව හිමිකම් කි‍්‍රයාකාරීන්ගේ අදහසයි.

බි‍්‍රතාන්‍ය රජයද මේ වන විට ඉරකායට ආධාර සැපයීම සිදුකරන අතර ඔවුන් හෙළිකොප්ටර් යොදාගෙන ගුවනින් ආහාර හෙළන බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.. සින්ජාර් කදුකර ප‍්‍රදේශයට අමෙරිකාවද වරින් වර ආහාර සහ පානීය ජලය ගුවනින් හෙලනු ලැබුවද ප‍්‍රමාණවත් තරම් ආහාර හෝ ජලය තමන්ට නොමැති බවයි පීඩාවට පත් වූවන් බී බී සී මාධ්‍යවේදීන්ට වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ.

http://gossip.hirufm.lk/1688/2014/08/iraq-childrens-drink-blood-for-milk

0 comments: