Pages

Wednesday, August 20, 2014

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ශිෂ්‍යයෙකු City Guilds 'වසරේ අන්තර්ජාතික විද්‍යාර්ථියා' ලෙස ජාත්‍යන්තර පිළිගැනීමට ලක්‌ වෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්‌ථානයේ සිසුවෙකු වසරේ අන්තර්ජාතික විද්‍යාර්ථියාට හිමි සම්මානය දිනා ගත් පළමු ආසියාතිකයා ලෙස කිරුළු පැළ`දි බව නිවේදනය කරන්නේ මහත් අභිමානයෙනි. ලන්ඩනයේ මෑතකදී පැවැත්වුණු වාර්ෂික සිටි ඇන්ඩ් ගිල්ඩ්ස්‌ ‘Medal for Excellence and Lion Awards’ සම්මාන උළෙලේදී 'විදුලිසංදේශන පද්ධති' යන කාණ්‌ඩය යටතේ පැවැති 'විශිෂ්ටත්ව පදක්‌කම' දිනා ගත් ශිෂ්‍යයාද වෙයි. 

මෙම සම්මානය දිනා ගත් සමිත් රාජපක්‍ෂ මහතා අන්තර්ජාතික සිටි සිටි ඇන්ඩ් ගිල්ඩ්ස්‌ විෂයමාලාව යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්‌ථානයයෙන් විදුලිසංදේශන පද්ධති පිළිබ`ද කාර්මික නිලධාරී ඩිප්ලෝමාව හදාරන සිසුවෙකි. විශිෂ්ටත්ව පදක්‌කම පිරිනමනු ලබන්නේ අපේක්‍ෂිත ඉලක්‌ක ඉක්‌මවා යමින් විශිෂ්ට ප්‍රතිඵල උදා කරන ලද සිටි ඇන්ඩ් ගිල්ඩ්ස්‌ සිසුන්, දේශකවරුන් හා පුහුණුව ලබන්නන්ගේ ජයග්‍රහණ වෙත පිළිගැනීමක්‌ ලබා දීම ස`දහාය. මෙම පදක්‌කම ස`දහා සමිත්ගේ නම යෝජනා කරනු ලැබවේ ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්‌ථානයේ දේශකවරයෙකු වන කළ තුසිත සමීර බණ්‌ඩාරනායක මහතා විසිනි. 

'වසරේ අන්තර්ජාතික විද්‍යාර්ථියා'ට හිමි සම්මානය ස`දහා තෝරා ගනු පිණිස සැලකිල්ලට බ`දුන් කළ ක්‍ෂේත්‍ර වූයේ( ඉහළම වර්ධනයක්‌ පෙන්වූ කුසලතා, පුළුල් දැනුමකින් යුතු වීම හා නව තත්ත්වයන්ට පහසුවෙන් අනුගත වීමේ හැකියාව, නව්‍යත්වය හා උත්පාදන ශක්‌තිය සහ අදාළ අතිරේක තොරතුරු යනාදියයි. 

අත්තනගල්ල ග්‍රාමයේ උපත ලද සමිත්, විදුලිසංදේශන ක්‍ෂේත්‍රය ආශ්‍රිතව අඛණ්‌ඩව ඉගෙන ගැනීමටත් පුහුණුවක්‌ ලබා ගැනීමටත් උනන්දුවෙන් පසු වන අයෙකි. සෑම විටම පාහේ ඔහුගේ වැඩ කටයුතු ඉටු කෙරුණේ ඉහළම ප්‍රමිතියකට අනුවය. විදුලිසංදේශන පද්ධති ආශ්‍රිතව 2 වන මට්‌ටමේ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සමිත් පුහුණුව ලබන්නෙකු ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත එක්‌ විය. ඉන් අනතුරුව ශීඝ්‍ර දියුණුවක්‌ අත්කර ගත් ඔහු වෙත එතෙක්‌ ඉහළ මට්‌ටම්වල පුහුණුව ලබන්නන් වෙනුවෙන් පමණක්‌ වෙන් වී තිබුණු විශේෂිත කාර්යයන් පවා ඉටු කරන්නට අවසර ලද අයෙකි. ඔහු තමන් සතු දැනුම අන් අය සමග හුවමාරු කරගැනීමෙන් සතුටක්‌ ලබන්නෙකි. එපමණක්‌ද නොව, තමන් ලබා ගත් දැනුම පදනම් කරගෙන ඔහු ටෙලිකොම් සමාගමේ කාර්මික ශිල්පීන් වෙනුවෙන් මූලික මට්‌ටමේ අත්පොතක්‌ද සම්පාදනය කර තිබේ. මෙම අත්පොත ඔහුගේ පන්තියේ පුහුණුව ලබන අය වෙත ලබා දෙනු ලැබූ අතර විභාග ස`දහා සූදානම් වීමේදී එය ඔවුන්ට මහෝපකාරී වී ඇත. සමිත් සිය පුහුණුව ස`දහා අවශ්‍ය මුදල් උපයා ගන්නේ අමතර රැකියා කිහිපයක්‌ කිරීමෙන් හා සිය පියා සමග වී වගාවේ නිරත වීමෙනි. ඉගෙන ගැනීම කෙරෙහි දැඩි උනන්දුවකින් පසු වෙමින් ඔහු සිය කුසලතා ඉහළ නංවා ගැනීමෙන් අදහස්‌ වන්නේ සමිත් සතුව දීප්තිමත් අනාගතයක්‌ ඇති බවයි. 

''අපගේ සේවක මහත්ම මහත්මීන් සතු ශක්‍යතාවන් අප සමාගමේ මෙන්ම ඔවුන්ගේද තිරසාර සංවර්ධනය වෙනුවෙන් යොදා ගැනීම උදෙසා ඔවුන්ගේ ජයග්‍රහණයන් පිළිගැනීමට ලක්‌ කිරීමේත්, ඔවුන්ව ප්‍රමෝදයට පත් කිරීමේත් වැදගත්කම අප සෑම විටම පිළිගන්නා කරුණක්‌'' යෑයි මේ පිළිබ`දව අදහස්‌ දක්‌වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් ද සිල්වා මහතා පවසා සිටියේය. 

http://www.divaina.com/2014/08/20/velanda05.html

Pic Source

0 comments: