Pages

Tuesday, August 26, 2014

රාවණාගේ යකඩ තාක්ෂණය ගැන ගවේෂණ ඇරඹේ

කැළණි සරසවියේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය විසින් රාවණා රජුගේ යකඩ භාවිතය සම්බන්ධයෙන් ගවේෂණ කටයුතු ආරම්භ කර තිබේ.

ගවේෂණ කණ්ඩායමේ ප‍්‍රධානී මහාචාර්ය රාජ් සෝමදේව මහකා පවසන්නේ දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව වැඩිදුර ගවේෂණ සිදුකරන බවය.

හල්දුම්මුල්ල ප‍්‍රදේශයේ වසර 4000 කට පෙර බාර්ලි වගා කර ඇති බවත්, බලංගොඩ සහ ඒ අවට ප‍්‍රදේශය පුරාවිද්‍යා ලේඛනාගාරයක් සේ සලකා රැකගත යුතු බවත් මහාචාර්යවරයා සඳහන් කලේ බලංගොඩ ජාතික උරුමයන් සුරැකීමේ සභාවේ පැවති විශේෂ රැස්වීමක් අමතමිනි.


Pic Source

0 comments: