Pages

Wednesday, August 6, 2014

'වීර, බෝසත් රාවණා චරිතයට අගෞරව එපා' - රාවණා සවියෙන් මිරැන්ඩෝ ඔබේසේකරට පිළිතුරු

රාවණා රජු සම්බන්ධයෙන් ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා විසින් පසුගිය කාලයේ වරින් වර සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් රාවන සවිය ජාතික සංවිධානය විසින් ප‍්‍රතිචාර දක්වයි.

මාධ්‍ය වෙතද පිටපත් සහිතව මිරැන්ඩෝ අබේසේකර මහතා වෙත එම සංවිධානය විසින් යොමු කර ඇති ලිපිය මෙසේය.

මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ මන:කල්පිත මනෝවිකාර ඉතිහාසය තුළින් කෙළෙසීමට පත්වු මහාරාවන චරිතය.

ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා
ඕබේසේකර ආශ්‍රමය,
තලකිරියාව,
මාදිපොළ.

හිතවත් මහත්මයාණෙනි,

උගත් බුද්ධිමත් ප්‍රවීන ලේඛකයෙකු, දාර්ශනිකයෙකු ලෙස අප සංවිධානය මෙන්ම විද්වත් සමාජය ද ඔබතුමාව හැ‍දිනගෙන ඇත. මහා රාවන යුගය තහවුරු කිරීමට ඔබතුමා අපට මහත් ශක්තියක් බව අප කලක සිතූහ. කලක පටන්  ඔබතුමා මහාරාවන රජු සම්බන්ධව ලියන කියන දෑ ගැන අප ඉතා අවධානයෙන් උවමනාවෙන් රසවින්දෙමු, අධ්‍යනය කළෙමු.එහෙත් මේ මෑත කාලයක සිට ඔබතුමා ඉදිරිපත් කරන ඇතැම් කරුණු ඉතා හාස්‍යජනක මෙන්ම මහාරාවන යුගය හෑල්ලුවකට පත්කරන බව අප සංවිධානයේ අවංක අදහසයි. අප සංවිධානය ඔබතුමා හට ගරුකළ ආදරය කළ සංවිධානයකි. මීට පෙර අප සංවිධානය නියෝජිතයන් ඔබතුමා විටන්විට ස්ථාන කිහිපයකදී හමුවී ඇත. නොයෙක් කරුණු කාරණා සාකච්ඡා කර ඇත. ලිපි හුවමාරු කරගෙන ඇත. ඔබතුමා සමග කිසිදු වෛරයක් ද්වේෂයක් හෝ වෙනයම් වූ පෞද්ගලික ප්‍රශ්නයක් අප සංවිධානයට නැත. ඒබව ඉතා වගකීමෙන් යුතුව සදහන් කරන්නෙමු. මේ ලිපිය අප ලිවීමට තීරණය කර ඇත්තේ ඔබතුමා විසින් ඉදිරිපත් කරඇති ඇතැම් කරුණු දැක තවදුරටත් ඉවසා සිටිය නොහැකි හෙයිනි. ඒ අප මහා රාවන රජුට හා හෙළ යුගයට ඇති කැමැත්ත ගෞරවය නිසාමය. පසුගිය කාලය පුරා අපගේ සිත්වේදනාවට පත් ඔබතුමා විසින් ඉදිරිපත් කරනු ලැබු සමාජය නොම`ග යවන සු`M කරුණු කිහිපයක් පහතින් දක්වන්නෙමු.

13 වැනි රාවන රජු සමාජ රෝගයකින් මිය යයි. (2013 අප්‍රේල් මස 28 වන දින මව්බිම පුවත්පත)
රාවනා දෙවගනක දුෂණය කරයි.(2012 මාර්තු මස 25 වන දින මව්බිම)
කතරගමින් මැණික් මතුවන්නේ රාවනා මව් ඇලයෙන් දකුණු ඇලයට හැරුණු නිසාවෙනි.(2012 මාර්තු 11 මව්බිම)
රාවනාගේ අන්ත:පුරය ඌව පරණගම ස්ත්‍රීපුර කන්දේ.
රාවනා යුද අපරාධකරුවන් පණපිටින් වළලයි. (රාවනාවත මව්බිම)
ලෝක විනාශය සිදුවන්නේ සිහිසුන් රාවනා නැගිටින දවසටද? (2011 සැප්තැම්බර් ඉරිදා මව්බිම)
වෙදවතී නම් තාපසිකාව රාවනගෙන් මිදෙනු නොහැකිව දිවනසා ගත්තේද. තම පතිවත රැකගැනීමටයි. (2012 ජනවාරි 08 වන දින මව්බිම)
හලාවතදී සීතා රාවනට ශාපකරයි. (2007 දෙසැම්බර් මස 02 වන දින ලක්බිම)
රාවනා රජු අතින් සීතා කිලිටු නොවුනේ පුලස්ති පරපුරේ රාජලාංජනය සීතාගේ ලමැදෙහි සටහන් කර තිබු බැවිනි.(2012 ජනවාරි 08 මව්බිම)
රාවනා රජු කෝණාගම බුදුරජාණන් වහන්සේගේකේෂධාතුන් වහන්සේලා අ`ගහරුලොවට ගෙනගොස් එහි චෛත්‍යයක් සාදයි. (2014 ජූලි 27 ලංකාදීප)
රාවනා රජු මේ වනවිටත් වෙස්වලාගෙන ලොවපුරා සැරිසරයි. එකම වෙනස රාවනා රජු පොලොවට අ`ගල් කිහිපයක් උඩින් ඇවිද යාමයි. (ලංකාදීප 2014-07-20)
රාවනගේ යුද රහස් සහ අතිවිශේෂ යුද ආයුධ මන්දෝදරී නැමැති සිය බිසව හා විභිෂණ රාමාට දෙයි. (2012 අප්‍රේල් 01 වන දින මව්බිම)
රාවනා රජුගේ ආශිර්වාදයෙන් වටිනා මැණික්ගල් හිමිවීම හා එම මැණික් ගල ලැබී මාස තුනක් ඇවෑමෙන් එම වාසනාවන්තයා මරණයට පත්වීම.
මේ දිනවල රටේ එකදිගට මැණික් රත්‍රං වස්තුව මහපොළොවෙන් මතුවන්නට විය. මෙය රාවනාගේ යලි නැගීටීමේ ප්‍රතිඵලයයි.(ලංකාදීප 2014-07-20)
ඉහත ඉදිරිපත් කරන ලද කරුණු ඔබතුමා පදනම් කරගෙන තිබුණේ රාවනා කතා නම් ඔබතුමා සතුව ඇතැයි කියන පුස්කොළ පොතකිනි. එහෙත් එවැනි පුස්කොළ පොතක් ඇත්දැයි යන්න අපට මහත් සැකයක් මතුව ඇත.

තවද එම පුස්කොළ පොත පිළිබදව විශ්වාසනීත්වය අද සමාජය තුළ පලුදු වී ඇත. ඕනෑම අයෙකුට තමන් සතුව මෙවැන්නක් තිබෙනවාය කියා තමන් හිතෙන හිතෙන මනෝවිකාර හුදු බොළද කතන්තර ගෙතිය හැක. එමගින් සිදුවන්නේ මහාරාවන යුගය හෑල්ලුවකට, අපහසයකට, උපහාසයකට, හාස්‍යයකට ලක්කිරීම නොවන්නේද? ඔබතුමා ඉදිරිපත් කරන ඉහත කරුණු රාවනා යුගය විධිමත්ව ගවේෂණය කරන හෙළ යුගය ක්‍රමානුකූලව ගොඩනැගීමට වෙරදරන විද්වතුන් හා ගවේෂණ කණ්ඩායම් මහත් අපහසුතාවයකට පත් කිරීමකි. සමාජයේ ඉදිරියේ විහිලුවකට ලක්කිරීමකි. අද මේ වන විට ඉතිහාසඥයින්, පුරාවිද්‍යාඥයින්, විද්වතුන්, විශ්ව විද්‍යාල හා පාසල් ශිෂ්‍යයන් මහා රාවන යුගය නැවත කියවා බලමින් විධිමත් අධ්‍යනයකට පෙළගැසෙමින් ඇති යුගයකි. ඔබතුමා මේ සිදුකරන්නේ දැන හෝ නොදැන මහාරාවන යුගය ගොඩනැ`ගීම වෙනුවට වළදැමීමකි. එසේ නොමැතිනම් ඔබතුමාව යම්යම් මාධ්‍ය විසින් පාවිච්චි කරමින් ඇත. නැතහොත් යම් කණ්ඩායමක් ඔබතුමා කියන ඇතැම් දේ විකෘති කරමින් මහාරාවන යුගය විනාශ කිරීමට සුක්ෂම වැඩපිළිවෙළක යෙදෙනවා විය හැක. සිංහල ජාතියේ මූලාරම්භයට, හෙළ අභිමානයට, හෙළ ශිෂ්ටාචාරයට නින්දා කිරීමේ අවමන් කිරීමේ වැඩපිළිවෙලක් මේ පිටුපස තිබිය හැක. මේ පිළිබදව ඔබතුමාගේ විශේෂ අවධානය යොමුකොට ඉදිරියේ දී මෙම කරුණු නිවැරදි කරන ලෙසත් මේ සම්බන්ධව අදහස් දක්වන්නේ නම් දෙවරක් සිතා බලන ලෙසත් අප ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

පාසැල් ළමුන්ගේ සිට මතුවෙමින් අවදිවෙමින් තිබෙන හෙළ යුගය ගවේෂණය පිළිබද කතිකාවත මහා රාවනාවාදය අඩපණ නොකරන ලෙස අපඉතා වගකීමෙන් යුතුව ඉල්ලා සිටින්නෙමු. මෙමගින් මහාරාවන යුගය මිත්‍යාවක් යන පදනමේ සිට අදහස් දක්වන ප්‍රතිප්‍රහාර එල්ල කරන කණ්ඩායම් වලට ඔබතුමා විසින් තව තවත් ආයුධ සපයා ඇත. ඇත්ත ඇති සැටියෙන් කිව යුතුය. එහෙත් අප කියන දේ ලියන දේ කුමන පදනමක සිට ද කුමන මූලාශ්‍රයක සිට ද යන්න සමාජයට ප්‍රශ්න කිරීමට අයිතියක් ඇත. ස`ගවාගෙන ඇති කිසිවෙකුට මේවනතෙක් දැක නැති පුස්කොළ පොතක තිබුණායැයි කියා සමාජය ඉදිරියේ ආකර්ශනීය බොරු බේගල් ඇදබාන්න කිසිවෙකුට හෝ  සාදාචාර අයිතියක් නැත. උතුම් වූ ශ්‍රී රාවන චරිතය එක්කෙනෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ උරුමයක් හෝ පෞද්ගලික බූදලයක් නොවේ. මහා රාවන රජු හෙළයේ සළකුණයි. හෙළයේ ජීවයයි. හෙළයේ ශක්තියයි. මහා රාවන චරිතය කවරෙකු හෝ සාවද්‍ය ලෙස විනාශ කිරීමට කටයුතු කරන්නේ නම් හෙළයුගයට ආදරය කරන සැම ඊට එරෙහිව පෙරට පැමිණිය යුතුය. ඉන්දියානුවන් රාවන චරිතය විකෘති කළාට අපට ඉවසිය හැක. එහෙත් හෙළයන් වන අප අතින් පදනම් විරහිතව රාවන චරිතය හෑල්ලුවට අපහාසයට ලක්කිරීම ඉවසාගත නොහැක. මහාරාවන යුගය පිළිබ|ව නොයෙක් බාධක මැද දැඩි කැපවීමෙන් ගවේෂනය කරන අධ්‍යනය කරන ඒවගේම ප්‍රතිවිරෝධී මත දරන අය සමග උරෙන් උර ගැටෙමින් තර්ක විතර්ක කරන රාවනා පරපුරේ අවංක පිරිස් සංවිධාන අදටත් ඇත. ඔබතුමා කියන දෑ වලින් ඔවුන්ට මහත් අගෞරවයක් කර ඇත. ඇත්තෙන්ම ඔවුන්ට කරන අසාධාරණයකි. ඔවුන්ව සිත් වේදනාවකට පත් කිරීමකි. මෙතෙක් කලක් මහාරාවන රජුවෙනුවෙන් කළ කී දෑ ගගට ඉණි කැපුවා විය හැක. කිරිකළයට ගොම එක්කලා විය හැකිය.ඔබතුමා ප්‍රකාශ කරන ඇතැම් දෑ කිසිදු හරයක් තර්කානුකූල බවත් හෝ ශාස්ත්‍රීය බවක් නැත. ඉන්දියානුවන් රාමායණය තුළින් රාවන චරිතය කෙළසන ලදි. සුදු චරිතය කලුකරන ලදි. ඔබතුමාද ඊට නොදැවෙනි ලෙස ඌනපූර්ණ සපයා ඇත.

අප සත්‍ය පිළිගැනීමට කිසිවිට මැළි නොවෙමු. එහෙත් මේ සත්‍යයද? මෙහි පදනම කුමක්ද? රාමායණය තුළින් හෙළ අසුර අධිරාජ්‍යයේ මහරජ ඕනෑවටත් වඩා පුම්බා ඉන්පසු මහා අපරාධකාරයෙක් , සල්ලාලයෙක් බවට පත්කරන ලදි. ඔබතුමා තිබෙනවාය කියන අභිරහස් අදෘශ්‍යමාන රාවන කතා පුස්කොළ ග්‍රන්ථය මගින් ද  සිදුකර ඇත්තේ රාමායණය කළ දේමය.

පසුගිය වසර කිහිපය තුළ ඔබතුමා කියු ලියු දෙය නැවත විමසිල්ලෙන් මැදහත් සිතින් හැරී බලන ලෙස අප ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. ඔබතුමා තිබෙනවායි කියන රාවනා කථාපුස්කොළ ග්‍රන්ථයේ මාධ්‍ය මගින් හෙළිදරව් කළ කරුණු ඇතුලත් එක පිටුවක් හැකිනම් සියලු මාධ්‍ය වෙත නිරාවරණය කරන ලෙස අප ඔබතුමාට අභියෝග කර සිටිමු.

නිධන් හොරුන්ගෙන් ආරක්ෂා කිරීම සදහා ආරක්ෂිතව ස`ගවා ඇතැයි ඔබතුමා නිසැකවම ප්‍රකාශ කරනු ඇත. උතුම් ශ්‍රී රාවන කිසිවෙකු අතින් මිය නොගිය බවත් එහෙත් ස්වාභාවික ආකාරයට වයසට යාමෙන් මිය ගිය එතුමන්ගේ ශ්‍රී දේහය බෙහෙත් ගැල්වූ ගල්ඔරුවක මහා වනලැහැබක ඉතා සුරක්ෂිතව ගල්ලෙනක් තුළ නිරුපද්‍රිතව මමියක් ආකාරයෙන් තිබෙන බව අප සංවිධානයේ විශ්වාසයයි. නමුත් ඔබතුමා පුනපුනා කියන සමාජය ඉදිරියේ අවධාරණය කර සිටින සමාජය නොසන්සුන් කරමින් ව්‍යාකූල කරමින් භීතියට පත්කරන සිහිසුන්ව සිටින රාවනා කෙනෙකු ගැනත් සිහිමුර්ඡාවෙන් නැගිටින රාවන කෙනෙකු ගැනත් අප තුළ කිසිදු පිළිගැනීමක් හෝ විශ්වාසයක් නැත. වම් ඇළයට හැරෙන විට හෝ දකුණු ඇලයට හැරෙන විට ස්වාභාවික විපත් ගෙනදෙන මැණික් මතුවෙන සුරංගනා කතා උගත් බුද්ධිමත් සමාජ පිළිගන්නේ නැත.

දැන්වත් සිහිඑළවා අප කියනාදේ වටහාගැනීමට උක්සූකවන ලෙස ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින අතර හෙළ යුගයට ආදරය කරන මැදහත් විද්වතුන්ගේ හා සංවිධානයන්ගේ අවධානය මේ සම්බන්ධව යොමු වේවා යන්නත් උතුම් ශ්‍රී මහා රාවන බෝසත්චරිතය ඒ ශිෂ්ටසම්පන්න අද්වීතිය හෙළ ශිෂ්ටාචාරය වළදැමීමට කිසිවෙකුට ඉඩනොතබන ලෙසත් අප ඉල්ලා සිටිමු. ඕනෑම අයෙකුට ඉතිහාසයට නව අර්ථකතන දිය හැක. ඉතිහාසය සම්බන්ධව සංවාද කළ හැක. එහෙත් එමගින් ඉතිහාසය විකෘති විය නොවිය යුතුය. ජනවිඥානය අවුල්විය නොවිය යුතුය. රටක ජාතියක ඉතිහාසය යම් යම් පුද්ගලයන්ට අවශ්‍ය පරිදි වෙනස්කළ නොහැක. එය සාපරාධි ක්‍රියාවකි. මහා පාපකර්මයකි. ඇතැම්විට යළි නිවැරදි කළ නොහැකි වරදකි. ඉදිරිපත්කරනු ලබන කාරණා තරකානුකූල විය යුතුය. යම් සාධක සහිත පදනමක් මූලයක් තිබිය යුතුය. අප තවදුරටත් මේ සම්බන්ධව නිහඩව නොසිටන අතර ඇත්ත ඇති සැටියෙන් සමාජගත කිරීමට අදිටන් කරගතිමු. අප පළකරන ලද අදහස් තුලින්  මේ සම්බන්ධව ඔබතුමාගේ හෝ ඔබතුමාට ආදරය කරන යමෙකුගේ සිත් රිදේ නම් ඒ සම්බන්ධව ද අපගේ කණාගාටුව පළකරන අතර ඔබතුමා මෙතේක කියු ලියු සියලු දේ අප සතුව ඇත. එබැවින් විවෘත සංවාදයකට වුව අප සුදානම්ය. මේ සියල්ල මහාරාවන රජු වෙනුවෙන්ම පමණක්ම බව අප නැවත නැවතත් අවධාරණය කර සිටිමු.

තෙරුවන් සරණයි! සිව්හෙළ දෙවි රැකවරණයි!
හිරැ සදු පවතිනා තුරු සිව්හෙළය සුරැකේවා!

මෙයට, දුලිප් සංජය, ලේකම්, රාවන සවිය ජාතික සංවිධානය
http://lankacnews.com/sinhala/main-news/119983/

Pic Source

0 comments: