Pages

Sunday, February 28, 2016

කිරින්ද රජමහා විහාරයේ ආගමික වැඩසටහන්වලට අසල මුස්ලිම් පල්ලියෙන් බාධා

kirinda rajamaha viharayaතිස්මහාරාම ඓතිහාසික කිරින්ද රාජ මහා විහාරයේ ආගමික වැඩසටහන්වලට අසල මුස්ලිම් පල්ලියෙන් බාධා එල්ල වන බව ප්‍රදේශවාසීන් පවසනවා.

දෙටු ගැමුණු රජුගේ මෑණියන් වන විහාරමහා දේවිය ගොඩබට ස්ථානයේ ගොඩනගා ඇති කිරින්ද රජ මහා විහාරය වසර දෙදහසකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියනවා. විහාරයට නුදුරින් මෑතකදී ඉදිකරන ලද මුස්ලිම් පල්ලියේ උදේ සවස දෙවියන් යැදීම මහ හඩින් විකාශය කරන අතර ශබ්ද විකාශන යන්ත්‍රද හරවා තිබෙන්නේ විහාරය දෙසටයි. එම නිසා විහාරස්ථානයේ සිදු කරන ආගමික කටයුතු වලට දිනපතාම බාධා එල්ලවී තිබෙන අතර පෝදා සිල් සමාදන් වී සිටි උවැස උවැසියන් සදහන් කළේ එය තමන්ටද මහත් හිරිහැරයක් වී ඇති බවයි.

රට පුරා ඓතිහාසික වටිනාකමකින් යුතු වෙහෙර විහාරස්ථාන සහ ආගමික සිද්ධාස්ථාන ඉලක්ක කරගනිමින් ඒ අසල ඉස්ලාම් පල්ලි ඉදිකිරීමේ සැලසුම්සහගත ව්‍යාපාරයක් ආසන්න වශයෙන් පසුගිය දශක දෙකක කාලය ඇතුළත ක්‍රියාත්මක වෙමින් පවතින අතර අනුරාධපුර අටමස්ථානයට අයත් භූමියේ පවා පල්ලියක් ඉදිකිරීමට කටයුතු කර තිබෙන බව පසුගිය සමයේ පැවසුනා. සැලසුම්සහගත ලෙස ඓතිහාසික බෞද්ධ විහාරස්ථාන ආසන්නයේ මෙලෙස පල්ලි ඉදිකරමින් විහාරස්ථානවල කටයුතු වලට බාධා පැමිණෙන අයුරින් කටයුතු කරන අතරතුර එම විහාරස්ථානවල ආගමික කටයුතු විකාශය කිරීම පල්ලියට බාධාවක් බව පවසමින් ඒවා නැවැත්වීමට කටයුතු කළ සිදුවීම් පිළිබදවද පසුගිය සමයේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා විය.

මෙළෙස සිදුවන හිරිහැර ඉවසීමෙන් විදදරා ගැනීමට බෞද්ද ජනතාව කටයුතු කළද ඉස්ලාම් භක්තිකයන් බහුතරයක් වී ඇති ප්‍රදේශවල තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්ය. පානම ඓතිහාසික මුහුදු මහා විහාරයේ පිරිත් දේශන විකාශය කරද්දී ගල්මුල් වලින් පහර දෙන බවද පසුගිය සමයේ එහි ස්වාමීන්වහන්සේලා බුද්ධ ශාසන අමාත්‍යාංශයට පවා ලිඛිතව දන්වා තිබුණු අතර මාවනැල්ල, ගම්පොළ වැනි ඉස්ලාම් භක්තිකයන් බහුතරයක් වෙසෙන නගරවල පිරිත් දේශනා විකාශය කිරීම මුස්ලිම් පල්ලියේ බලපෑම මත නැවැත්වීමට කටයුතු කරඇති බවද සදහන් විය.

බොහො ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානවලට මුහුණ දීමට සිදුව ඇති කබල්ලෑවා ගෙට රිංගාගත් ඉත්තෑවාට සිදු වූ වින්නැහිය ඓතිහාසික කිරින්ද රජමහා විහාරයටත් නුදුරේදීම සිදුවනු ඇති බවයි පොහෝ දිනයේ එහි රැදී සිටි වන්දනාකරුවන් සදහන් කළේ.

ශාමන්ත විජේවර්ධන
Colombo Today

0 comments: