මෙයට වසර තිස් හතරකට පෙර 1982 වර්ෂයේ පෙබරවාරි මස 04 බදාදා දිනක දිවයින පත්‍රයේ දිනපතා මංගල කලාපය එළි දැක්‌වුණි. බ්‍රිතාන්‍යයන්ගෙන් ලංකාවට නිදහසක් ලැබී වසර තිස්‌නවයක් සපිරෙන මොහොතක දිවයින පත්‍රය එළි දක්‌වන්නට හේතු වූ කාරණා කීපයක්‌ම ති_බෙන්නට ඇත. මෙම යුගය 1970 - 77 සවෘත ආර්ථික කලමනාකරණයෙන් මිදී විවෘත ආර්ථික ප්‍රතිපත්තියකින් රට හැසිරවීම සඳහා මුල්ගල් ගැබූ අවස්‌ථාවකි. එවැනි මොහොතක උපාලි විජයවර්ධන වැනි ලෝ පතළ ව්‍යාපාරිකයකු අතින් පුවත් පතක් බිහිවීම අහම්බයක් ලෙසට මම නොදකිමි. ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් ලබමින් සිය ව්‍යාපාරික ක්‌ෂේත්‍රය ජගත් තලයේ පුළුල් කරමින් සිටි අවදියක දේශීය වශයෙන් ඇති වන විපර්යාසයන් දෙස සංකල්පීයව නොබලා දුර දක්‌නා නුවණින් ඔහු බලන්නට ඇතිවාට නිසැකය.
1948 වසරේ සිට ලංකා දේශපාලනයේ ඇති වූ වෙනස්‌කම් අතර දේශපාලන බෙදීම් කැපී පෙනේ. රටේ ඉදිරි දියුණුවට කිසිසේත්ම නෙගැළපෙන මෙම බෙදීම ආර්ථික ප්‍රතිපත්ති හෝ ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේදී පවා දුරදිග ගිය තත්ත්වයකට වර්ධනය විය. 'තමන්ගේ පුද්ගලිකත්වය රටේ පොදු යහපතට යටත් කිරීමට සූදානම් නැති පුද්ගලයන්ගෙන් සැදුම් ලත් පක්‌ෂ වලින් සීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයට පිවිසිය හැකි ප්‍රතිපත්ති බලාපොරොත්තු වීම උගහටය.' යනුවෙන් පෙබරවාරි 04 වන දා නිකුත් වූ පළමු පත්‍රයේ නිදහස අතිරේකයේ එඩ්මන් රණසිංහ මහාතා ලියූ ලිපියක තිබූ සඳහනකින් මෙය විග්‍රහ කළ හැකිය. එදා උපාලි විජයවර්ධන මහාතා ගේ අරමුණ 'දිවයින' පුවත්පතේ කර්තෘ මණ්‌ඩලය අවබෝධ කර ගත් බව පෙනෙන්නේ එම සඳහනිනි. අසූව දශකයේ සිදුවන පරිවර්තනයන් තුළින් ජාතියට ශක්‌තියක් ලබා දීමටත් එහෙත් ජාතික චින්තනය එහි හරය වියයුතු බවටත් පත් කිරීමේ අභිලාශය 'දිවයින' පත්‍රයට තිබුණාට නිසැකය. පළමු පත්‍රයේ මැද පිටුවේ ඇතුළත් වූ කැලණියෙ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය කාක්‌කපල්ලියේ අනුරුද්ධ ස්‌වාමීන් වහන්සේ ලියූ 'බෞද්ධ දර්ශනය තුළින් නව ආර්ථික න්‍යායක් ගොඩ නැගිය නොහැකිද?' යන ලිපියෙන් මෙම අරමුණ කුමක්‌දැයි හෙළි වේ.
පුරා තිස් හතර වසක් තිස්‌සේ දිවයින පුවත් පත තුළින් ඉටු කරන ලද්දේ මෙම අරමුණයි. මහචාර්ය නලින්ද සිල්වා, ගුණදාස අමරසේකර, ආචාර්ය සූරිය ගුණසේකර වැන්නවුන් තුළ සැඟව පැවතුණු ජාතික අභිලාශයන් 'දිවයින' පත්‍රයෙන් කුළු ගන්වා ලීම යුගයේ මහඟු කාර්ය භාරයක් බවට පත් විය. පණස්‌හයේ මතුවූ පොදු ජනතාවගේ ජාතික අභිලාශයට ජාතික වටිනාකමකමක් ලැබුණේ එලෙසිනි. ඒ තුළින් සන්නද්ධ විද්වත් පරපුරක් ක්‍රමයෙන් මතු වීමට ඉඩහැරීම නිසා ඇතිවූ පරිවර්තනයන් ඊළඟ දශක කීපයේදී අපට දක්‌නට හැකි විය. 'දිවයින' බදාදා අතිරේකය නොකඩවා ඉටු කළ එම කාර්යය පසුව දේශපාලන අතිරේකය විසින්ද ඉටු කරනු ලැබිණ. හුදෙක් ශාස්‌ත්‍රීය අතිරේක වෙතින් ඔබ්බට ගොස් ජනතාවට අවශ්‍ය දේශීය චින්තනය කුමක්‌දැයි වටහා දීම මෙහි වැදගත් කමයි. දිවයින පත්‍රය ක්‍රමයෙන් වර්ධනය වන කල්හි නොයෙකුත් අතිරේකයන් එයට එකතු වුවද ඉහකී අතිsරේක ද්වය කවදත් පොදු ජනතාව බලාපොරොත්තු වූ විශේෂයෙන්ම විද්වතුන් විසින් නොකඩවා කියවූ විශේෂාංග ලිපිපෙළක් බවට පත්විය. දිවයින පත්‍රයේ ආරම්භක කතුවැකියේ මෙලෙස සඳහනක් ඇත.
''අපගේ ප්‍රතිපත්තිය නිදහස් ලේඛනයයි. නිදහස් පුවත් පතක් විසින් අනුගමනය කෙරෙන පිළිවෙතයි. එනම් පොදු ජන අයිතිය රැකීමයි. මේ රටේ ජනතාව අපේ ස්‌වාමීවරුන් ලෙස අප පිළිගත් පසු ඔවුන්ගේ ප්‍රගතියට හේතු වන්නේ කුමක්‌ද අපි ඊට පක්‌ෂ වෙමු. ඔවුන්ගේ අගතියට හේතු වන්නේ කුමක්‌ද අපි ඊට එකහෙළාම විරුද්ධ වෙමු. අපි සාමය අගයන්නෙමු. එහෙත් සටන් නොකර බැරි තැන්හිදී ඊට එක හෙලාම සටන් වදින්නෙමු.'' සැබවින්ම මේ කියමන විසින් අනුදත් ඉලක්‌කය වෙත 'දිවයින' පුවත් පත අඛණ්‌ඩව ගමන් කොට ඇත. අද කීර්ති වර්ණකුලසූරීය ලේඛකයා හට පාර්ලිමේන්තුවේ දී ඇඟිල්ල දික් වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එවැනි නිර්භය ලේඛකයන් රාශියක් 'දිවයින' විසින් බිහිකර තිබේ. ඔවුහු මාධ්‍ය ක්‌ෂේත්‍රයේ කුමන ස්‌ථානයන්හි සිටියද රටත් ජාතියත් වෙනුවෙන් තම පෑන මෙහෙය වන්නට පන්නරය ලැබ සිටිති. විශේෂයෙන්ම කොටි ත්‍රස්‌තයන්ගෙන් රට නිදහස් කරගැනීමට දියත් කළ යුද්ධය සඳහා අවශ්‍ය මතවාදී ශක්‌තිය බිහිකළ එකම පුවත් පත බවට එකල පත් වූයේ 'දිවයින' බව කිව යුතුය. වර්තමානය වන විට විවිධ පුවත් පත් රාශියක් බිහි වී තිබුණද දිවයිනේ ජාතික කාර්යභාරය වන්නේ සිය අනන්‍යතාවයෙන් යුතුව ඉදිරියට යැමයි. එයට හේතුව පශ්චාත් යුධ සමයෙන් පසුව රට සැබෑ නිදහස් අරගලයකට තවමත් අවතීර්ණ නොවීමයි. විවිධ පක්‌ෂ දේශපාලනික හැලහැප්පීම් සහ පුද්ගලික දේශපාලන අභිලාෂයන් ඉස්‌මතු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් රට නැවතත් ආපස්‌සට ගොස් තිබේ. දිවයිනේ ප්‍රකාශන තීව්‍රතාවය මත බිහිවූ ජාතික ව්‍යාපාරයන්ද පුද්ගලික අභිලාශයන් මත දංගෙඩියට දක්‌කවා තිබේ. විදේශ ඔත්තු කරුවන් රටේ දේශපාලන කේන්ද්‍රය තුළට ඇතුල් වී කුමන්ත්‍රණ වල නියෑලෙමින් සිටී. එවැනි අවස්‌ථාවක 'දිවයින' පත්‍රය උපන් මොහොතේ ඇති කරගත් අභිලාශයන් සිය යුතුකමක් බවට පත්කරවාගෙන ජනතාව ඥානයෙන් සන්නද්ධ කරලීම සිදු විය යුතුය. එසේ නොකොට දේශපාලන වන්දිභට්‌ටයන් සමග ප්‍රභූ ආලේපන මාධ්‍යකරණයට නොපිවිසෙනු ඇතැයි අප උදක්‌ම බාලාපොරොත්තු වෙමු.
මතුගම සෙනෙවිරුවන්
http://www.divaina.com/2016/02/04/feature01.html

0 comments:
Post a Comment