Pages

Thursday, February 4, 2016

බොදුනුවන්ට එරෙහිව තිතට ක්‍රියාත්මක වන යහපාලන නීතිය! කළුතර බෝ සමිඳු අභියස නීති විරෝධී රැස්‌වීමක්‌ පැවැත්වූවැයි භික්‍ෂු පිරිසකට නීති ක්‍රියා

භික්‍ෂු කතිකාවට එරෙහිව ඉකුත් 27 වැනිදා කළුතර බෝ සමිඳු අභියස මහ මාර්ගයේදී භික්‍ෂූන් වහන්සේ පිරිසක්‌ විසින් නීති විරෝධී ලෙස රැස්‌වීමක්‌ පවත්වා මාර්ග නීති කඩකිරීම පිළිබඳව භික්‍ෂූන්වහන්සේ පිරිසකට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය තීරණය කර ඇතැයි වාර්තාවේ.

මේ පිළිබඳ අද හෙටම පොලිසිය විසින් කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට සැලසුම්කර ඇතැයි වාර්තා වේ.


මෙදින භික්‍ෂූන් වහන්සේ පා ගමනින් කළුතර නගරයේ සිට බෝ සමිදු කරා පැමිණ බෝ සමිඳු අභියස කොළඹ මාතර මහා මාර්ගය ආසන්නයේදී සත්‍යග්‍රහයක යෙදී සංඝ කතිකාවතට සිය විරෝධය පළ කළහ.

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ
http://www.divaina.com/2016/02/04/provin02.html

Pic Source

සබැඳි ලිපි -
[
නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය
http://denethharinna.blogspot.com/2012/07/blog-post_30.html

මහෙස්‌ත්‍රාත්වරයා "ඇමැති, මම ඔයාට කලින්ම කීව නේද නඩුව සම්බන්ධව මාත් එක්‌ක කතා කරන්න එපා කියලා. ආයෙමත් ඔයා මට මේ වගේ දුරකථන ඇමතුම් ගත්තොත් මම ඔයාට විරුද්ධව නීත්‍යනුකූලව ක්‍රියා කරනවා" යෑයි පවසා දුරකථනය විසන්ධි කර සිද්ධිය නීතිඥවරුන් වෙත පවසා ඇත. ඔහුට අනුව ඒ ඇමතුම ගෙන තිබුණේ රිෂාඩ් බදියුදීන්ය. මීට පෙර දින මේ ආකාරයේම ඇමතුමක්‌ ගත් හෙතෙම මහෙස්‌ත්‍රාත්වරයාට පවසා ඇත්තේ මෙම ධීවරයින්ට විරුද්දව චෝමනා ප්‍රකාර තීන්දුවක්‌ දුනහොත් මන්නාරම ගිනි ගැනීමට නියමිත වගය. ඒ මොහොතේ යළිත් ඔහු කතා කර තිබුණේ තමා කලින්ම මහෙස්‌ත්‍රාත්වරයාට දැනුම් දුන් පරිදි මන්නාරම නගරය ගිනි ගන්නවා දුටුවාදැයි විමසන්නටය. බදියුදීන් ඇමැතිවරයා අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්නව හමු වී මන්නාරම මහෙස්‌ත්‍රාත් මාරු කරන ලෙස බලපෑම් කරන්නේ ඉන් අනතුරුවය. 

මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ
http://denethharinna.blogspot.com/2012/07/blog-post_25.html

මෙදින මන්නාරමට ගිය රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයා මන්නාරම දිසා විනිසුරු අන්තෝනිපිල්ලේ ජූඩ්සන් මහතාට දුරකතනයෙන් කතා කොට අධිකරණ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා තිබේ. එසේ නොකළහොත් මන්නාරම ගිනිගන්නා තත්ත්වය වැළැක්‌විය නොහැකි බවටද අමාත්‍යවරයා දිසා විනිසුරුවරයාට අනතුරු අඟවා තිබේ.

මන්නාරම දිසා විනිසුරු අන්තෝනි පිල්ලේ ජූඩ්සන් මහතා අධිකරණ නියෝගය වෙනස්‌ කළේ නැත. තමන්ට එල්ල වූ තර්ජනය ගැන විනිසුරුවරයා ඉහළට කරුණු ඉදිරිපත් කොට සිදුවන්නට යන්නේ කුමක්‌දැයි බලා සිටියේය. උද්ඝෝෂණකරුවෝ සිය උද්ඝෝෂණය උදැසනම ආරම්භ කළත් ඊට කිසිවකුගෙන් හෝ බාධාවක්‌ හෝ ප්‍රතිචාරයක්‌ නොලැබීම නිසා ඔවුනට අව්වේ කරවීමට සිදුවීම හැර වෙනත් දෙයක්‌ සිදුනොවිණි. රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ උදව්කරුවන් උද්ඝෝෂණකරුවන් අතරට පැමිණීමත් සමගම උද්ඝෝෂණය තීව්‍ර වූයේ අමාත්‍යවරයාගේ හයිය නිසාවෙනි. මේ අවස්‌ථාවේදී කරුණු පැහැදිළි කිරීමට දිසා විනිසුරුවරයා උද්ඝෝෂණකරුවන් හමුවීමට පොලිස්‌ ආරක්‍ෂාව මැද පැමිණීමට උත්සාහ කළත් උද්ඝෝෂණකරුවෝ ඊට ඉඩ නුදුන්හ. විනිසුරුවරයාගේ නම කියමින් එතුමාට අපහාස වන අන්දමට කෑකෝ ගැසූ උද්ඝෝෂණකරුවෝ අධිකරණය දෙසට පාරේ තිබූ ගල්කැබලි විසි කළහ. ඉන් තවමත් විවෘත නොවූ මන්නාරම මහාධිකරණ ශාලාවේ වීදුරු ජනෙල් කැඩී බිඳී ගියේය. පහර දෙන ගල් කැබලි පොලිස්‌ නිලධාරීන්ටද වැදුණි. කඳුලු ගෑස්‌ ගසමින් පිරිස විසුරුවා හැරීමට පොලිසිය උත්සාහ කළ අවස්‌ථාවේදී මන්නාරම එකම යුද පිටියක්‌ බවට පත්විණි.

මේ සිද්ධීන්වලින් පසුව මන්නාරම අධිකරණයේ තවමත් විවෘත නොවූ මහාධිකරණ ගොඩනැඟිල්ලේ වීදුරු ජනෙල් කැඩීයැමට අමතරව නඩු බඩු ගබඩාව තුළ ගින්නක්‌ද ඇවිළී ගොස්‌ තිබේ. මන්නාරම අධිකරණය ගිනි ගනිද්දී යළිත් වරක්‌ මන්නාරම දිසාවිනිසුරු අන්තෝනිපිල්ලේ ජූඩ්සන් මහතාට දුරකතනයෙන් ඇමතූ රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයා තමන් මුලින් කී දේ සත්‍ය නොවේද..? මන්නාරම ගිනි අළුලුණේ නැද්දැයි...· විමසා තිබේ.

බද්දුද්දීන් අන්තවාදය බිළිගත් උ/නැගෙනහිර අක්‌කර 16000 ක්‌
http://denethharinna.blogspot.com/2015/12/16000.html
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

0 comments: