Pages

Saturday, February 20, 2016

රුසියාව ප‍්‍රධාන මිලිටරි බලයක් – ඔබාමා

රුසියානු මිලිටරි ශක්තිය පිළිබඳව පෙර දැරූ ස්ථාවරය හකුළා ගනිමින් එය ලෝකයේ දෙවන බලවත්ම හමුදාව බවට ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා විසින් හඳුන්වාදී ඇතැයි වාර්තා වේ.

කැලිෆෝනියාවේ පැවති ගිණිකොනදිග ආසියානු රටවල සමුළුව අමතමින් ඔබාමා පවසා ඇත්තේ කැරලිකරුවන් රොත්තකට ලොව දෙවන බලවත්ම හමුදාවේ අවි බලයට මුහුණදිය නොහැකි බවයි.

මෙය ඇමරිකානු ජනාධිපතිවරයා රුසියානු හමුදාව පිළිබඳව පෙර දැරූ ස්ථාවරයට සාපේක්‍ෂව පැහැදිලි වෙනසක් බව පැවසේ.

රුසියාව විසින් ක‍්‍රිමියාව ඈඳාගැනීමට කටයුතු කළ අවස්ථාවේදී එය අසල්වැසියන්ට තර්ජනය කරන හා ශක්තිය මත නොව දුර්වල බව විසින් මෙහෙයවෙන කලාපීය බලයක් පමණක් බව ඔබාමා විසින් හඳුන්වාදී තිබිණි.

නොවැම්බර් මසදී ඇමරිකානු ආරක්‍ෂක ලේකම් ඇෂ්ටන් කාටර් පැවසුවේ රුසියාව හා චීනය තීරණාත්මක මිලිටරි බලයන් ලෙස ජාත්‍යන්තර වේදිකාව තුල නිරූපණය වීම සමග ඇමරිකානු ආධිපත්‍යයට පහරක් එල්ලවී ඇති බවයි.

තම රටේ ත‍්‍රස්තවාදය විනාශ කිරීම සඳහා සහය වන ලෙසට සිරියානු ජනාධිපති බෂාර් අසාද් සිදුකළ ඉල්ලීමකට ප‍්‍රතිචාර දක්වමින් සිරියාවේ ගුවන් මෙහෙයුම් ආරම්භ කළ රුසියාව පසුගිය සැප්තැම්බර් 30 සිට මේ දක්වා නොනවත්වා ත‍්‍රස්ත ඉලක්කවලට අධික තීව‍්‍රතාවයකින් යුතුව පහරදෙමින් සිටී.

මෙහිදී රුසියාව දක්වමින් සිටින මිලිටරි හැකියාව පිළිබඳව තමන් මවිතයට පත්වූ බව යුරෝපයේ ඇමරිකානු හමුදා අණදෙන නිලධාරි ලූතිනන් ජෙනරාල් බෙන් හොජස් පවසන ලදී.

http://lankacnews.com/sinhala/foreign-news/140734/

Pic Source

0 comments: