Pages

Thursday, February 4, 2016

නිදහසේ උත්තමාචාරය දිනූ දේශය වෙනුවෙන් කැපවූ සියලු දෙනාටය! බෙදුම්වාදී අන්තවාදීන්ට නොවේ!

සම්බන්ධන් විපක්ෂ නායක තුමා දෙමළෙන් ගයන ජාතික ගීයට (නි)ගරුකරමින්

"ආදරණීය රටවැසියනි, ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව අතිශය බාරදූර සිද්ධියක්‌ සම්බන්ධයෙන් අප උත්සව පවත්වන්නෙමු. අප රටේ දිගු ඉතිහාසයේ දේශපාලන නිදහස ලබා ගැනීම වසර 2500 කට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කළ අධ්‍යාත්මික නිදහස ලැබීමට පමණක්‌ දෙවැනි වන කාරණයකි. අනාදිමත් කාලයක පටන් අප දිවයින සතුව තිබූ ජන්ම අයිතිය වසර ගණනාවක විදේශ පාලනයෙන් පසු නැවත ලබාගෙන ඇත."

මේ අද පැවැත්වෙන 68 වැනි අභිමානවත් නිදහස්‌ දින උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත කතාවක කොටසක්‌ නොවේ. 1948 පෙබරවාරි 04 වැනිදා එනම් ප්‍රථම නිදහස්‌ දින උත්සවය වෙනුවෙන් මෙරට ප්‍රථම අගමැතිවරයා වූ මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මහතා ගුවන්විදුලිය ඔස්‌සේ ලක්‌ ජනතාව අමතා කළ කතාවේ කොටසකි.

ඇත්ත වශයෙන්ම ඒ දවස ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් "අර්ධ" වශයෙන් නිදහස ලැබූ බව කීම වඩාත් නිවැරැදිය. අපට සම්පූර්ණ නිදහස හිමිවන්නේ 1972 දී බණ්‌ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු රජය විසින් ජනරජ ව්‍යවස්‌ථාව සම්මත කිරීමෙන් පසුවය. එතෙක්‌ අපේ රටේ නිල රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍ය මහා රැජනය. කෙසේ වුව මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මැතිඳුන් කී පරිදි "අප ලැබූ නිදහස දෙවැනි වන්නේ බුදුරදුන් ලැබූ අධ්‍යාත්මික නිදහසට පමණය." යන්න සැබෑවකි.

නිදහස ලබා අවුරුදු 68 ක්‌ ගතවන මොහොතෙත් අප කිසිවිටෙකත් අමතක නොකළ යුතු කාරණයක්‌ තිබේ. ඒ, එම අවුරුදු 68 න් අවුරුදු 30 ක්‌ම ලැබූ නිදහස නොලැබූ ගාණට රට පත්වී තිබුණු බවය. කුරිරු ම්ලේච්ඡ ත්‍රස්‌තවාදය මේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වීමේ අයිතිය අහිමි කර තිබිණි.

ඇත්තටම රටේ ජනතාවට රිසිසේ "නිදහස" බුක්‌ති විඳීමේ අවස්‌ථාව 2009 මැයි මාසයේ 18 වැනිදා හිමිවිය. ඒ නන්දිකඩාල් කලපුවේදී, රටක්‌ නොව ලොවක්‌ සලිත කළ මහ කොටියාගේ පරාජය සමගිනි. අද දවසේ අප භුක්‌ති විඳින 68 වැනි නිදහසට වැඩි වටිනාකමක්‌ හිමිව ඇත්තේ ඒ නිසා බව කිසි විටෙකත් අමතක නොකළ යුතුය.

අපේ රට එවැනි අඳුරු යුග කිහිපයක්‌ම පසුකළ බව නැවත සිහිපත් කළ යුතු නැත. 71 දීත් 88 - 89 දීත්, 80 දශකයේම ආරම්භ වූ බෙදුම්වාදී ඊළාම් යුද්ධයත් රට දියුණුව කරා යන ගමන බොහෝ සෙයින් ආපස්‌සට රැගෙන ගොස්‌ තිබූ මොහොතක ඊට නව පණක්‌ එක්‌ වුණේ 2009 වර්ෂයෙන් පසුවය. ඊළාම් ත්‍රස්‌තවාදය පරාජය කිරීමෙන් පසු, වසර ගණනාවකට පසු, මෙරටට පැමිණි විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් පවා රටේ සංවර්ධනය දැක පුදුමයට පත්වූ බව ඒ දිනවල අසන්නට ලැබිණි. 

එය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අපේ රට නිදහස ලැබීම හා සමගාමීව නිදහස ලැබූ බොහෝ රටවල් අත්පත් කරගත් සංවර්ධනයට පමණක්‌ දෙවැනි වූවකි.

බොහෝ දෙනෙකුට (රට බෙදන්නට තවමත් සැලසුම් සකස්‌ කරන පිරිසකට) මේවා රුස්‌සන්නේ නැති බව සැබෑය. ඒ නිසා මේ මොහොතෙත් බෙදුම්වාදය සඳහා වූ සියලු උපක්‍රම ඒ හැම දෙනාම එකතුව ගෙනෙන බව කිව යුතුය. 68 වැනි නිදහස්‌ දිනයේ රටට ආදරය කරන සියලු දෙනාගේ නිදහසේ ප්‍රතිඥව විය යුත්තේ "දිනූ දේශය සුරකිමු - රට බෙදීම වළකමු" යන්න මිස අන් කවරක්‌වත් නොවේ.

මේ කතාව "දිවයින" පුවත්පතටම සුවිශේෂී වූවකි. අප ඒ නිදහසේ ප්‍රතිඥව දීමට සියලු සුදුසුකම් සපුරා ඇත්තෙමු. "දිවයින" පුවත්පත ආරම්භ කරන ලද්දේද 1982 අවුරුද්දේ අද වැනි දවසකය. 1948 ලද නිදහස අර්ථ ගැන්වීම උදෙසා මේ රටේ ක්‍රියාත්මක වූ ජාතික ව්‍යාපාරවලට යෝධ ශක්‌තියක්‌ වූයේ "දිවයින"ය. එදවස සිටම අද දක්‌වාත් ලැබූ නිදහස අර්ථවත් කිරීමටත් දිනූ දේශය සුරැකීමටත් "දිවයින" ගන්නා වෙහෙස, කාර්යභාරය අවතක්‌සේරුවට ලක්‌කරන, ගර්හාවට ලක්‌කරන "සුළු" පිරිසක්‌ වෙති. ඒ සුළු පිරිස වුව රතිඤ්ඤා කරලක්‌ පිපිරූ සැණින් වුව "සුළු දිය" පහවනා යුගයක්‌ පසුකළ බව අමතක කර තිබේ. එවැනි අයට බොහෝ දේ අමතක වන බව පුදුමයට කාරණයක්‌ ද නොවේ. ලැබූ නිදහස අර්ථවත් කර ගැනීමට දායක වූ බොහෝ දෙනා මානව හිමිකම් දංගෙඩියට ගෙන යන්නට පිරිසක්‌ සූදානම් වන මොහොතේ, තවත් පිරිසක්‌ ඊට හුරේ දමන මොහොතේ, අප ලැබූ නිදහස රැක ගැනීම වෙනුවෙන් ඇස්‌, ඉස්‌, මස්‌, ලේ දන්දුන් ජීවිතය පූජා කළ රණවිරුවන්ටත් රට වෙනුවෙන් මෙහෙවර කර සිපිරි ගෙයි අපා දුක්‌ විඳින රණවිරුවන්ටත් 68 වැනි නිදහස්‌ දිනයේ උත්තමාචාරය පිරිනමමු.

http://www.divaina.com/2016/02/04/editor.html

Pic Source

0 comments: