Pages

Saturday, February 6, 2016

දේශපාලකයෝ බලය උදෙසා කෑමොර දෙන විට මා අරගල කළේ සිංහලයා අවදි කොට එකම රට බේරා ගැනීමටයි. හිරගෙදර සිට ඥානසාර හිමි එවූ ලිපිය

2016-02-01, 
හිරගෙදර - වැලිකඩ,
අතිපූජනීය මහනායක හිමිවරු,
ගරු ජනාධිපති, ගරු අගමැති, කැබිනට්‌ ඇමැතිවරු වෙත මහත් සංවේගයෙනි,

"අපගේ භාවිතාවන් දෙස හේතුඵලවාදී න්‍යායෙන් බලත්වා"

වසර 20 ක්‌ තිස්‌සේ රටටත්, සම්මා සම්බුද්ධ ශාසනයටත්, ජාතියටත් එරෙහිව පෙළගැසුණු අනේකවිධ සතුරු බලවේග හා මිථ්‍යාදෘෂ්ඨික බලවේග පිළිබඳ වගකිවයුත්තන්ගේ අවධානයට යොමු කිරීම පිණිස අපමණ වෙහෙසක්‌ දැරුවෙමි.

වරෙක මෘදු ලෙසත්, තවත් වරෙක ඉතා රළු ලෙසත්, රට දැය, සමය වෙත ඇති අනතුර පිළිබඳව හඬගා කීවෙමු.

බෞද්ධයන්ගේ හා හින්දුන්ගේ චින්තන නිදහසට බාධා කරමින් ආගමික කලකෝලාහල නිර්මාණය කරමින් සදාචාර විරෝධී සහ නීති විරෝධී ලෙස ක්‍රියාත්මක වන බලවේග සංවිධාන හැටියට 400 ක්‌ ඉක්‌මවා ලියාපදිංචි වී ඇති අතර ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ සියලු මාධ්‍ය මගින් අප අනාවරණය කරද්දී කිසිම සංඝ සභාවක්‌ හෝ කිසිම ඇමැතිවරයෙක්‌ හෝ මන්ත්‍රීවරයෙක්‌ ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට අපට අවස්‌ථාවක්‌ ලබාදී සාකච්ඡා කොට නැත.

බුද්ධ ප්‍රතිමා ගිනි තබමින්, ඒවා බෞද්ධයන් ලවා පොළොවේ ගස්‌සමින් කළ සැහැසිකම් සියෑසින් දැක ඇති මා ඊට එරෙහිව නැඟී සිටිමින් මිථ්‍යා දෘෂ්ඨික බලවේගවලට එරෙහිව නැගීසිටීම විනය විරෝධී නම් ඕනෑම දඬුවමකට සූදානම්ය. ඒ බලවේග සියල්ලම අද මට එරෙහිව අවි අමෝරා ඇති අතර නීතියෙන් මා වරදකරුවකු කොට සිර ගත කිරීමට පිඹුරුපත් සකස්‌ කරමින් සිටී. මූලධර්මවාදය, මුස්‌ලිම් ආක්‍රමණය පිළිබඳව සාකච්ඡා කිරීමට එකදු අවස්‌ථාවක්‌ හෝ ඔබ වහන්සේලා, පක්‍ෂ විපක්‍ෂ මැති ඇමැතිවරු කිසිවෙක්‌ අවස්‌ථාවක්‌ දී තිබේද? සියලු දේශපාලකයෝ තමන්ගේ බලය උදෙසා කෑ මෝර දෙන විට මා අරගල කළේ නිර්වින්දනය වූ සිංහලයා අවදි කොට සිංහලයාට ඇති එකම රට බේරා ගැනීම පිණිස ම ය.

එහිදී සිදුවූයේ කුමක්‌ද? දේශපාලකයෝ ද ඇතැම් මාධ්‍යවේදීන් යෑයි කියාගන්නා එන්ජීඕ කාරයන්ද මා කලහකාරී, ජාතිවාදී, ආගම්වාදී භික්‍ෂුවක ලෙස හංවඩු ගැසීම පමණි. ඇතැම් අවස්‌ථාවාදී භික්‍ෂූන් ද අලඡ්ජි ලෙසින් අපව නිර්දය ලෙස විවේචනය කරනු පෙනේ.

රටට, ජාතියට එරෙහිව මුස්‌ලිම් ආක්‍රමණික බලවේග පිළිබඳ මා සතුව විශාල ප්‍රමාණයක්‌ සාක්‍ෂි තිබේ. අද වනතෙක්‌ කිසිම වගකිවයුත්තෙක්‌ ඇස්‌ ඇර බලා තිබේද?

සුළු ජාතික, සුළු ආගමික කණ්‌ඩායම්වල ප්‍රශ්න තමන්ගේ ගෙදර ප්‍රශ්නවලටත් කලින් විසදීමට යුහුසුළුවන දේශපාලකයෝ සිංහල සංවිධාන පෙන්වාදී ඇති කිනම් කරුණකට විසඳුම් ලබාදී තිබේද? උදාහරණ ලෙස හලාල් ප්‍රශ්නය, කූරගල ප්‍රශ්නය, අන්‍යාගමික කරන පනත, නැගෙනහිර පුරාවස්‌තු සංහාරය වන්ද්‍යාකරණ, වැඩපිළිවෙළ, ත්‍රිවිධරත්නය යනු මැණික්‌ගල් තුනකි. බුදු හාමුදුරුවෝ මිනී මස්‌ කෑවේය. මැණික්‌ ගල්වලට වඳින්නේ මෝඩයෝය යනාදි වශයෙන් සීඩීපට පවා නිකුත් කොට බෞද්ධයන් කුපිත කරවීමේදී ඔබලා ගත් ක්‍රියාමාර්ගය කුමක්‌ද?

අතේ සතයකුදු නැතිව ඒවාට විරුද්ධව, ආත්ම ශක්‌තියෙන් වැඩ කළ මා මිථ්‍යා දෘෂ්ඨික බලවේගවලින් වන හානියට වඩා ශාසනික හානියක්‌ සිදු කොට තිබේද? 
සමහරවිට ඉදිරි දින මට ඇප ලැබුණත් නැතත් දින 14 කට නොව වසර 14 කට සිරබත් කෑමට සිදු වුවත් කිව යුතු දේ ලියා එවිය යුතුය.

අප සතුව ඇති සාක්‍ෂි, තොරතුරු සංයමයකින් තොරව හෙළි කළේ නම් අදටත් මේ රට ලේ විලකි.

මා අහිංසාවාදීව සටන ආරම්භ කළෙමි. ඉදිරියේදී නොනවතින අරගලයක්‌ ලෙසින් එය ගොඩනැගෙනු ඇත.

අපගේ අතීත භාවිතාවන් හා අප සතුව ඇති දේවල් පිළිබඳ සාකච්ඡා කිරීමට මැති ඇමැත්තෝ සමඟ අවස්‌ථාවක්‌ උදා කරන්නේ නම් මැනවි.

වරදක්‌ වී නම් මහනාහිමිවරු කමා කෙරෙත්වා!

මා, 
ලෝ සසුන් වැඩ වඩන - ගලබොඩඅත්තේ ඥානසාර 
http://www.divaina.com/2016/02/07/feature14.html

සබැඳි ලිපි 1 -
[
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
අම්පාරේ තවත් දාගැබක් සමතලා කර කුඹුරක් හදලා! නැගෙනහිර බොදු උරුමය වැනසීමේ සංවිධනාත්මක වැඩපිළිවෙලක්http://denethharinna.blogspot.com/2015/10/blog-post_22.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
]

සබැඳි ලිපි 2 -
[
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
ඉස්‌ලාම් මූලධර්මවාදයේ ආසියානු බලපෑම
http://denethharinna.blogspot.com/2014/11/blog-post_2.html
'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5.html
මුස්‌ලිම් අන්තවාදය පිළිබඳ කියෑවෙන 'සංචාරයේ' කතාව
http://denethharinna.blogspot.com/2013/03/blog-post_9.html
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_21.html
"උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
http://denethharinna.blogspot.com/2012/12/blog-post_20.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
]

සබැඳි ලිපි -
[
ලංකාවේ නීතිය මුසලුවන්ට අවලන්ංගුද? බලපත් නැති 17වියැති මුසලුවා නිදහස්! හෙල්මට්‌ නැතිව ඇල්ලුවාට මුතූර් උද්ඝෝෂණ. ලංගම බසයද වනසතිhttp://denethharinna.blogspot.com/2015/11/17.html
බුද්ධාගමට අපහාස කරන්න, අන්තවාදය වපුරන්න අරාබියෙන් කෝටි ගණන් සල්ලි ලැබෙනවා – අසාද් සාලි මෙතෙක් නොකී රහසක් හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2015/11/blog-post_55.html
අයි එස්‌ සංවිධානය සමඟ සබඳකම් පවත්වන අය නැගෙනහිර සිටිනවා - බුද්ධි අංශhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_30.html
"අබු සුරෙයියා සයිලානි" ගලේවෙලින් කටුනායකට... එතැනින් සිරියාවට... එතැනින් අයි.එස්‌.අයි.එස්‌.ට... තහනම් වචනය රටේ ආරක්ෂාව!
]

0 comments: