Pages

Monday, May 16, 2016

ඉන්දීය විරෝධය නිසා කච්චතිව් පල්ලිය ඉදිකිරීම නාවික හමුදාව නතර කරයි

ඉන්දීය විරෝධය නිසා ලංකාවට අයත් කච්චතිව් දූපතේ නව පල්ලිය ඉදිකිරීම නාවික හමුදාව විසින් නතර කරනු ලැබ ඇතැයි ආරංචි මාර්ග දක්‌වයි. කච්චතිව් දූපතේ නාවික කඳවුරක්‌ ඉදිකරන බැවින් එය නීති විරෝධී යෑයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් කොළඹ ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලයට දැන්වීමත් සමගම මෙම ඉදිකිරීම් නතර වී තිබේ. කෙසේ නමුත් මෙම ශාන්ත අන්තෝනි නව පල්ලියේ ඉදිකිරීම් ආරම්භ කිරීමට නාවික හමුදාව පියවර ගනු ලැබුවේ යාපනය බිෂොප් බර්නාඩ් ඥණප්‍රගාසම් පියතුමාගේ ඉල්ලීම මතය.

කච්චතිව් දූපතේ නාවික කඳවුරක්‌ ඉදිකරන්නේ යෑයි ඉන්දියාව නගන චෝදනාව නාවික හමුදාව විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

මේ අතර තමිල්නාඩු මහඇමැතිනි ජයලලිතා ජෙයරාම් මහත්මියද කච්චතිව් දූපතේ නව පල්ලිය ඉදිකිරීම් පිළිබඳව සිය විරෝධය පළකර ඇත. තමිල්නාඩු ධීවරයන්ගේ දැනුවත්වීමකින් තොරව සිදු කරන මෙම ඉදිකිරීම් නීති විරෝධී බවත් ඇය ප්‍රකාශ කර ඇත.

කච්චතිව් දූපතේ සිදු කෙරෙන නව ප්‍රතිසංස්‌කරණ කටයුතු පිළිබඳව විරෝධය පළ කරමින් තමිල්නාඩු මහ ඇමැතිනිය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක්‌ද යවා ඇත.

කච්චතිව් දූපතේ 1974 දී ශ්‍රී ලංකාවේ අයිතියට පවරා දෙනු ලැබිණි. 

කච්චතිව් දූපත් යාපනය දිස්‌ත්‍රික්‌කයට අයත්වන අතර ඩෙල්ෆ් උපදිසාපති කොට්‌ඨාසයට අයත් වේ.

චතුර පමුණුව 
http://www.divaina.com/2016/05/16/news03.html

Pic Source

0 comments: