මිනිස් සමාජය ගත්කල ලොව අති උතුම්ම සැපත වන්නේ සක්‌විති රාජ සම්පත්තියයි. මුළු ලෝකයටම අධිපති වීම සක්‌විති රාජ සම්පත්තියේ ස්‌වභාවයයි. සුද්ධෝදන රජතුමාගේ අරමුණ වූයේද තම එකම පුතු වූ සිද්ධාර්ථ කුමාරයා සක්‌විති වෙනවා දැකීමයි. නමුදු සිද්ධාර්ථ කුමරු එම සැපත මුවින් හෙළ කෙළ පිඬක් සේ සිතා ඉවත් කොට බුදු බව පතා පැවිදිවීම උදෙසා රජ ගෙදරින් පිටත් වූ ආකාරය බුද්ධ චරිතය තුළ ප්‍රකටය.
දීඝ නිකායේ චක්‌කවත්ති සීහනාද සූත්‍රය තුළින් සක්‌විති රාජ සම්පත්තියෙහි ස්‌වභාවය පැහැදිළි කොට ඇත. එහි සඳහන් පරිදි පෙර දැහැමින් රාජ්‍ය කරවන මුළු ලොවටම අධිපති සියලු සතුරන් දිනූ සත් රුවනින් යුත් දල්හනෙමි නම් සක්‌විති රජෙක් පිළිබඳ කරුණු අනාවරණය වේ. සක්‌විති රජවරුන්ට චක්‍ර රත්නය, හස්‌ති රත්නය, අශ්ව රත්නය, මණි රත්නය, ස්‌ත්‍රී රත්නය, ගෘහපති රත්නය හා පරිණායක රත්නය නම් වූ සප්ත රත්නයක් භුක්‌ති විඳීමට ලැබෙනු ඇත. එය සාමාන්‍ය සැප සම්පතක් නොවේ.
එම සූත්‍රයේ සඳහන් පරිදි එම සක්‌විති සැපත අංග සම්පූර්ණ කර ගැනීමට නම් දස සක්‌විතිවත් පිරීම අනිවාර්ය වේ. එසේ නොවන්නේ නම් සප්ත රත්නය අතුරුදන් වනු ඇත. එම දස සක්‌විති වත් නම්,
1. දස කුසල ධර්මයෙහි පිහිටා එය ගරු කරමින් අඹු දරුවන්ද ශීලයෙහි යොදවා ඔවුන් රැකගැනීම.
2. බල සෙනඟද බලයෙහි පිහිටුවා සංග්‍රහ කොට රැක ගැනීම.
3. ක්‌ෂත්‍රීයයන්ද ශීලයෙහි පිsහිටුවා රැක ගැනීම.
4. බ්‍රාහ්මණ ගෘහපතියන් ද එසේම රැක ගැනීම.
5. නියම්ගම් ජනපද වාසීන්ද ශීලයෙහි පිහිටුවා රැක ගැනීම.
6. මහණ බමුණන්ද කළ යුතු සංග්‍රහ කොට රැක ගැනීම.
7. සිවුපාවුන්ද පක්‌ෂීන්ද රැක ගැනීම.
8. ස්‌වකීය රටෙහි අධාර්මික ක්‍රියාවන් ඇති නොවන ලෙස කටයුතු කිරීම.
9. දුප්පතුන්ට දන්දීම.
10. ගුණවත් මහණ බමුණන් කරා පැමිණ කරුණු විමසා ඔවුන්ගේ අවවාද අනුව දහම්හි යෙදී වාසය කිරීම.
සියලුම රජවරුනට අධිපති වූ සක්‌විති රාජ සම්පත්තිය ලැබීම පහසු කාර්යයක් නොවේ. එයට බොහෝ පින් කොට තිබිය යුතුය. කඨින චීවර පූජාව පිළිබඳ විස්‌තර වන තැන්හි නාගිත හිමි පවසා සිටින්නේ,
ආරපථෙ ආරපථෙ - චක්‌කවත්ති සිරිංලභෙ
අසීතිංච චතුක්‌ඛන්තුං - චක්‌කවත්ති අහොසහං
එක ඉඳිකටු පාරක් පාරක් පාසා සක්‌විති රජ වන්නට හේතු සම්පත් තිබුණද සසර එපමණ බොහෝ කලක් නොසිටි හෙයින් 84 වාරයක් චක්‍රවර්ති රාජ්‍ය සම්පත් ලැබීමි. ඒ අනුව සලකා බැලීමේ දී චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය සඳහා බලගතුම පිංකම් කරගත යුතු බව පැහැදිලි වේ.
එසේ වුවද බුදු හිමි දේශනා කොට ඇත්තේ එම කුමන යස ඉසුරින් පිරි සක්‌විති රාජ සම්පත්තියටත් වඩා සෝවාන් ඵලය උතුම් බවය. ඒ බව ධම්මපදයේ ලෝක වග්ගයට අයත් 12 වැනි ගාථාව තුළින් පැහැදිලි වේ.
පථව්‍යා එකරඡ්ඡේන - සග්ගස්‌ස සමන්නෙ වා
සබ්බ ලොකාධිපච්ෙච්න - සෝතාපත්ති එලං වරං
සක්‌විති රජයට වඩා දෙව්ලෝ යැමට වඩා සියලු ලොවැ අධිපතිකමට වඩා සෝවාන් ඵලයම උතුම් වේ.
එයට හේතුව මිනිස් දිවියේ උසස්‌ම සැපත වූ සක්‌විති රාජ සම්පත්තිය වුවද වෙනස් වීමය. එයින් නැවත දුක හටගැනීමය. නමුදු ආධ්‍යාත්මික ගුණ වගාවන් එසේ වෙනස් නොවනු ඇත. සෝවාන් වූ කෙනකු කිසි කලෙක අපාගත නොවනු ඇත. සුගතියක පමණක්‌ම ඉපදේ. එසේ ඉපදුනත් වැඩිම ආත්ම හතක් පමණි. සෝවාන් පුද්ගලයන් වශයෙන් තිදෙනෙක් ඇති බව පැහැදිලි වේ. එනම්,
1. ඒක බීජ (දෙවන භවයේදීම රහත් වන පුද්ගලයා)
2. කොලං කොල (2-7 අතර ආත්මයක දී රහත් වන පුද්ගලයා)
3. සත්තකඛත්තුපරම (සත්වන භවයේදී රහත්වන පුද්ගලයා)
සෝවාන් වීම යනු සසරින් එතෙර වීමේ පළමු පියවරයි. පඩිපෙළවල් 4 ක් අවසානයේ දී නිමාව නැත්නම් ඉලක්‌කය ඇත්නම් එහි පළමු පඩිය වන්නේ සෝවාන් මාර්ගයයි. එතුළින් සෝවාන් ඵලය සිදුවේ. එය නිවන් මගේ පළමු පියවරයි. එය අසීරු කටයුත්තකි. නමුදු කෙසේ හෝ පළමු පියවර තැබිය හැකි නම් එහි අවසානය දක්‌වා ගමන් කිරීම අසීරු කර්තව්‍යයක් නොවේ.
සෝවාන් වීම පිළිබඳ කතා කිරීමේදී සෝතාපත්ති සිත යනුවෙන් නම් කළ හැකිය. සෝත යනු දිය පහරයි. නිවන් නමැති මහ සයුරට නැඹුරුව ගමන් කරන දිය පහරක් හෙයින් එයට බැස ගැනීමේ (සොත + ආපත්ති) අර්ථයෙන් එහි මුල්ම සිත ඒ නමින් හැඳින්වේ. එම මගට බැස ගැනීමේදී බැහැර කෙරෙන කෙළෙස් මළ කීපයක් ඇත. ඒවා දස සංයෝජන නමින් හැඳින්වේ. සංයෝජන නමින් හැඳින්වෙන්නේ සසර බැඳ තබන හෙයිනි.
1. සක්‌කාය දිට්‌ඨි (ආත්ම දෘෂ්ටිය විනාශ නොවන (සත්) භවගාමී ආත්මයක් ඇති යන මිථ්‍යා දෘෂ්ටියයි. මගේ අපේ යනුවෙන් අල්ලා ගැනීම ද ඉන් ගම්‍යමාන වේ.)
2. විචිකිච්ඡා - (සැකය - එනම් බුද්ධාදී අට තැන සැකයයි. බුද්ධ, ධම්ම, සංඝ ශික්‌ෂා, පූර්වාන්තය, අපරාන්තය, පූර්වාන්ත අපරාන්තය, පටිච්ච සමුප්පාදය යනාදී අට ගැන සැකයයි.)
3. සීලබ්බත පරාමාස (සසරින් මිදීම උදෙසා අනවබෝධයෙන් අත්ථකිලමතානු යෝගය වැනි ඒ ඒ සිල් හා ව්‍රත අනුගමනය කිරීමෙන් ඇති කර ගන්නා චංචල ස්‌වභාවයයි.)
සක්‌විති සැපතටත් වඩා සෝවාන් ඵලය උතුම් වන්නේ නිවන් මගෙහි පළමු පියවර එය බැවිනි. සක්‌විති රජුත් මියගොස් අපාගත වීමට පුළුවන. එම සැපත විඳින කාලය තුළම නැවත නොයෙක් තාඩන, පීඩන, දුක්, කරදර වලට පැමිණීමට පුළුවන. එම සැපත අහෝසි වීමට පුලුවන නමුදු සෝවාන් වූ උත්තමයා නැවත කිසිදු ආත්මයක නරක , තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපායෝත්පත්තියකට පත් නොවනු ඇත. අටවැනි ආත්මයක් ඔහුට උරුම නැත. සක්‌විති සැපත හෝ වෙනත් කුමන සැපතක් ලබන කෙනකු වුවද සසර තව බොහෝ කල් ගමන් කිරීමේ ප්‍රවණතාවය සුලබය.
බුදුන් දවස සත් හැවිරිදි වයසේදීම විශාකා සිටු දියණිය සෝවාන් වීම, ඊට අමතරව ඒ ඒ අවස්‌ථාවලදී සෝවාන් වූ අය ලෙස සේ ඡත්ත මානවක ඇතුළු පිරිස, ගැරඬියකු පෙළු ළමුන් පිරිස, සැවැත් නුවර වෘද්ධ බමුණා ප්‍රමුඛ දරුවන් පිරිස, රඡ්ජුමාලා, අනේපිඬු සිටුගේ පුත් කාල සිටු, මිගාර සිටුතුමා ආදීන් දැක්‌වීමට පුලුවන. ප්‍රඥව මුහුකුරා යැමත්, පෙර පිං බලයත් ආදී හේතුන් මත නිවන් මගෙහි පළමු පියවරට ඔවුහු පත් වූහ.
අද ලෝකය තුළ සෝවාන්වීම ඉතා දුෂ්කර කාර්යයක් වී ඇත්තේ ඇලීම්, බැඳීම්, ගැටීම්, අන්ත ලෙස පවත්වාගෙන යැම හේතුවෙනි. කාම ලෝකයේ අන්ධ වී සිටින සත්ත්වයාට සසර දුක නොතේරේ. ලෝකය හා සත්ත්වයා දෙස ප්‍රඥවෙන් දැක දැන බෞද්ධ ප්‍රතිපදා ඔස්‌සේ ගමන් කොට සෝවාන් වීම කළ යුතුව ඇත. ඒ සඳහා බුදුන් දෙසූ උතුම් දහම් මග පහුරක් කර ගත යුතුව ඇත. සදා නොවෙනස් උතුම්ම සැපත වූ නිවන් මගට යන ගමනේ එහි පළමු පියවර වූ සෝවාන් මාර්ගය ප්‍රගුණ කොට එහි ඵලයට පැමිණීමට සියල්ලෝම උත්සාහවන් වෙත්වා..........!
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනෙහි ආචාර්ය මාස්‌පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී, ගලගෙදර රතනවංශ හිමි.
http://www.divaina.com/2016/05/21/feature04.html
Pic Source

0 comments:
Post a Comment