Pages

Monday, May 23, 2016

මුසලු හින්දු ආගමික දිනවල අරලියගහ මැදුරේ වතාවත් බොදු තෙමඟුල් දින නැත්තේ ඇයි? නරපාලයකයන් බොදුනුවන්ට මෙතරම් වෛර කරන්නේ ඇයි?

සුළු ජාතිකයන්ගේ අන්‍ය ආගමිකයන්ගේ සියළු උත්සව මහ ඉහලින් සමරන මේ නරපාලක යමපාලකයන් බොදුනුවන්ගේ අත්‍යන්ත ගෞරවයට ලක්වන බොදු තෙමඟුල් වෙසක් උත්සවයේ කිසිඳු ආගමික වැඩසටහනක් අරලිය ගහ මැඳුරේ ඉටු නොකිරීමට වග බලාගත්හ. ඒ වෙනුවට ඉන්දුයානු බ්‍රාහ්මණයෙකුගේ දේශණයක් සංවිධානය කර තිබුණි.

මුසලු හින්දු ආගමික දිනවල අරලියගහ මැදුරේ කරන වතාවත් බොදු තෙමඟුල් දින නැත්තේ ඇයි? මේ නරපාලයකයන් බොදුනුවන්ට මෙතරම් වෛර කරන්නේ ඇයි?


මේ පිළිබඳව දෙනෙත් හරින්න අපේ කණ්ඩායමේ බලවත් කනස්සල්ල මේ ජහපාලකන්ට මෙසේ පළකර සිටිමු!


පෝදා බුදු බණ තහනම් වූ අරලියගහ මැදුරෙන් රවි ශංකර්ගේ පූජා හඩ ඇසෙයි

ඉන්දියාවේ සුප්‍රකට ආධ්‍යත්මික නායකයෙකු වන රවි ශංකර් තුමා විසින් පැවැත්වූ විශේෂ පූජාවක් අරලියගහ මැදුරේදී පැවැතිවිණි.

එයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, එම එහත්මිය, මැති ඇමතිවරු ඇතුළු පිරිසක් සහභාගී විය.

පසුගිය රජය සමයේදී සැම පොහොය දිනකදීම අරලියගහ මැදුරේදී පැවති පෝදා වැඩසටහන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නවතා දමා ඇති බැවින් දැන් නොපැවැත්වෙයි. අනෙකුත් ආගමික උත්සවවලට සමගාමීව අරලියගහ මැදුරේදී විශේෂ වැඩසටහන් සංවිධානය කළද මෙවර වෙසක් පොහොය වෙනුවෙන්ද කිසිදු වැඩසටහනක් එහි සංවිධානය කර නොමැත.


මේ අතර දිවයිනේ සංචාරයක නිරතව සිටින රවිශංකර් පූජකතුමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අතර නුවරඑළිය, සීතාඑළියේ පිහිටි අම්මාන් කෝවිලේ විශේෂ ආගමික පූජාවකටද සහභාගී විය.

http://www.colombotoday.com/59522326998712-2/

ඉන්දීය ආධ්‍යාත්මික දේශක ශ්‍රී රවි ශංකර් ජනපති හා හිටපු ජනපති හමුවෙයි!

දිවයිනේ සංචාරයක නිරත වී සිටින ඉන්දියාවේ සුප්‍රකට ආධ්‍යාත්මික දේශකයෙකු වන ශ්‍රී රවිශංකර් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් සිදුවුණා. ඒ කොළඹ ජනාධිපති මන්දිරයේදීයි.

ඉන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද හමුවූ ඔහු විශේෂ සළුවක් පළදවා ආශිර්වාද කර තිබෙනවා.

ඉන්දියාවේ සුප්‍රකට ආධ්‍යාත්මික දේශකයෙකු වන රවිශංකර් යුද්ධය පැවති සමයේ ත්‍රස්තවාදයට එරෙහිව අදහස් දැක්වූ පුද්ගලයෙකු ලෙසද ප්‍රකටයි.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් රවිශංකර් විසින් පැවැත්වූ දේශනයක් අරලියගහ මන්දිරයේදී සංවිධානය කර තිබුණා.

කෙසේ වෙතත් අරලියගහ මන්දිරයේ සෑම පෝය දිනකම පැවැත්වූ බෞද්ධ ආගමික වැඩසටහන නවතා දමා ඇති පසුබිමක ඉන්දීය ආගමික දේශකයෙකු ගෙන්වා අරලියගහ මැදුරේ පූජා පැවැත්වීම සම්බන්දයෙන් අගමැතිවරයාට දැඩි අප්‍රසාදය පළවී තිබෙනවා.

වෙනත් ආගමික උත්සවලට සමගාමීව අරලියගහ මැදුරේ ආගමික වැඩසටහන් සංවිධානය කෙරුණද මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කිසිදු ආගමික වැඩසටහනක් අරලියගහ මැදුරේ සංවිධානය කර නොමැති බවයි වාර්තා වන්නේ.

http://www.colombotoday.com/26269262324211-23/

0 comments: