
මෙයට වසර දහස් ගණනකට පෙර සේරු නමැති මෙකී තාරා විශේෂය නැඟෙනහිර පළාතේ පිහිටි මහවැලි ගඟේ පිටාර යන වතුර එකතුවන විල්ලුවකට සංක්‍රමණය වීමට පුරුදුව සිටියහ. ක්‍රිස්‌තු පූර්ව 2 වන සියවසේ එතැනට පැමිණි කාවන්තිස්‌ස රජතුමා විල්ලුවට යාබද භූමියෙහි මහා චෛත්‍යයක් ඉදිකර භාග්‍යවත් ගෞතම බුදුන් වහන්සේගේ ලලාට ධාතුව එහි තැන්පත් කළේය. මේ විල්ලුව සහ අවට ප්‍රදේශයට සේරුවිල යන නම කාවන්තිස්‌ස රජු විසින් තබන ලද බවට මතයක් තිබේ. තවත් මතයකට අනුව කාවන්තිස්‌ස රජතුමා එහි එන්නටත් පළමු එතැන නම සේරුවිලය. කෙසේ වුවද එතැන ඉදිකළ විහාර සංකීර්ණයට කාවන්තිස්‌සරජු විසින් තබන ලද නම මංගල රජමහා විහාරය ය. කාවන්තිස්‌ස රජු මංගල විහාරය ඉදි කිරීමට පෙර එතැන තිබී ඇත්තේ කාෂ්‍යප බුදුන්ගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ විහාරයකි. ඊට පෙර එතැන තිබී ඇත්තේ කෝණාගම බුදුන් නමට කැප කළ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා සහිත විහාරයකි. කකුසඳ බුදුන්ගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ විහාරයක් ඊටත් පෙර එහි විය. අතිතයේදී අප ගෞතම බුදුන් වහන්සේ කාශ්‍යප බුදුන් නමට කැප වූ විහාරයට වැඩම කළ බවත්, සපුමල් අට මිටක් එයට පිදූ බවත් ඉතිහාස කතාවල සඳහන් ය. මේ විහාර භූමිය මංගල විහාර භූමිය ලෙස නම් කළ යුතු බවට නිර්දේශ කළෝ ගෞතම බුදුහු යයි ද කියනු ලැබේ. ඒ උන්වහන්සේ එහි වැඩි අවස්‌ථාවේදී ය. මෙය සොළොස්‌මස්‌ථානවලින් එකකි
මේ ලිපිය ලියන මොහොත වන විට සේරුවිල මංගල රජමහා විහාරයේ අධිපති සේරුවිල සරණකිත්ති ස්‌වාමීන් වහන්සේ අපවත්ව දින කිහිපයකි. කොටින්ගෙන් පස් පාරක්, බෝම්බ පාරවල් කෑමෙන් පසුත් අපවත් නොවූ සරණකිත්ති හාමුදුරුවන්ගේ හදිසි අපවත් වීම මේ වන විට සැකයට තුඩු දී තිබේ. අපවත් වීමට පෙර තමාට වස වර්ගයක් කැවුණේ යෑයි උන්වහන්සේ පැවසූ බවට සාක්‍ෂි තිබේ. ජීවතුන් අතර සිටියදී විහාරස්‌ථානයේ දේපළ සම්බන්ධයෙන් උන්වහන්සේට නඩු කිහිපයක් තිබිණි. අපවත් වීමෙන් පසු උන්වහන්සේගේ දේහය ලබා ගැනීමටත්, මංගල මහා විහාරයේ භාරකාරීත්වය ලබා ගැනීමටත් බෞද්ධ කටයුතු කොමසාරිස්‌ගේ මේසය ඉදිරිපිට එක්‌තරා භික්‍ෂුවක් උදේ සිට රෑ වනතුරු වැඩ සිටියහ. ඒ අතර කොටපොල අමරකිත්ති හිමියෝ දේහයේ අයිතිය ඉල්ලා උසාවි ගියහ. මේ අපවත් වීම සැක සහිත බවට කොළඹ අපරාධ කොට්‌ඨාසය ඉදිරිපත් කළ කාරණා සැලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සරණකිත්ති හිමිගේ දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණයකට ලක් කරන ලෙස නියම කළේය. එමතුද නොව දේහයේ අභ්‍යන්තර අවයව රස පරීක්‍ෂකට යවන ලෙස ද නියම කළේය.
සරණකිත්ති හිමි අක්‌මා රෝගියෙකි. උන්වහන්සේ ඒ සඳහා කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ගත්හ. උන්වහන්සේ නැවතී සිටියේ 45 වැනි වාට්‌ටුවේ ය. ඉන් පසු රෝගය මදක් සුව විය. එහෙත් මැයි 1 වැනිදා රෝගය යළි උත්සන්න විය. ඉන් පසුව උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කරන ලදුව 2 වැනිදා අපවත් වූහ. මේ හදිසි අසනීප තත්ත්වය ගැන සැක පහළ කළ භික්‍ෂුහු දෙනමක් වූහ. ඉන් පළමුවැන්නා මංගල විහාරයේ භාරකාරීත්වයට අයිතිය තිබෙන බව කියන කොටපොල අමරකිත්ති හිමියෝය. දෙවැන්නා මංගල විහාරවාසී කිතලගල ධම්මාලෝක හිමියෝ ය. සරණකිත්ති හිමිට වස දුන්නේ නම් එය සිදු කළේ කවුද? භික්‍ෂුවක් ද, එහෙමත් නැත්නම් ගිහියෙක්‌ද? මංගල විහාරයේ අයිතිය ලබා ගැනීමට විවිධ භික්‍ෂු පාර්ශ්ව කටයුතු කරන බව ද දැන ගන්නට තිබේ. එවැනි සමහරු මෙයට වසරකට පමණ පෙර මංගල විහාර භූමියේ අසපු හදාගෙන වැඩ විසීමට උත්සාහ කළ බවත් වසර දහස් ගණනක් පැරැණි විහාරස්‌ථානයේ නීති විරෝධී වෙනස්‌කම් කළ බවත් දැන ගන්නට තිබේ.

විශේෂ ලියුම්කරුවකු විසිනි.
http://www.divaina.com/2016/05/08/feature01.html
සබැඳි ලිපි -
[
ත්‍රස්‌තවාදීන්ගෙන් රට මුදාගැනීමට උරදුන් සේරුවිල සරණකිත්ති නාහිමිhttp://denethharinna.blogspot.com/2016/05/blog-post_8.html
]
0 comments:
Post a Comment