Pages

Friday, July 3, 2015

1505න් ඇරඹූ අපේ වැරදි ආහාර පුරුදු

ශ්‍රී ලංකාවේ සුප්‍රකට "ෂෝට්‌ඊට්‌ස්‌" අවන්හලක විකුණූ ආහාරයක තිබී මිය ගිය කැරපොත්තකු හමුවී යයි සතියකට පෙර අපට දැන ගන්නට ලැබිණ. ආරංචියේ හැටියට කැරපොත්තා සිටියේ "චයිනීස්‌ රෝල් එකක්‌" තුළය. එහි මිල රුපියල් හතළිහකි. රුපියල් හතළිහට රෝස්‌ කුකුළකු සහිත රෝල් එකක්‌ දීමට නොහැක. එබැවින් පාරිභෝගිකයා කැරපොත්තාගෙන් සෑහීමකට පත්විය යුතුය.

ඊට සතියකට පෙර කොළඹ තරු පහේ හෝටලයකින් ආහාර ගත් කිහිපදෙනකුගේ බඩවල් ඉතා නරක ලෙස බුරුල් විය. ඔවුන්ට බඩ ගියේ ජලාපවහන මණ්‌ඩලයේ වතුර ලයින් එකක්‌ කැඩුණා හා සමවය. මේ ඇබැද්දියට හේතුව ෆයිව් ස්‌ටාර් හෝටලයේ තිබූ පුස්‌ කෑ බටර් වර්ගයකි. ඇතැම් පුස්‌ වර්ග උදරයට හිතකර නමුත් තවත් ඒවා උදරයට නරකය. බටර්වල තිබෙන්නට ඇත්තේ ඒවා විය යුතුය·

ලංකාවේ වෙසෙන සෑම පස්‌ දෙනකුගෙන්ම එක්‌ අයකුට අධික රුධිර පීඩනය තිබෙන බවත් සෑම දස දෙනකුගෙන්ම එක්‌ අයකු දියවැඩියා රෝගියකු බවත් අපි ඊයේ (2දා) දැක ගතිමු. ඒ, ඊයේ දිවයිනේ පළවූ පුවතක්‌ මගිනි. සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කෙරුණු සමීක්‍ෂණයක්‌ එම පුවතට පාදක විය. ලාංකිකයා ඉතා ඉක්‌මනින් රෝගියකු බවට පත් වෙමින් සිටී. කට්‌ටියකට දියවැඩියාව; තව කට්‌ටියකට ප්‍රෙෂර්; තව පිරිසක්‌ පිළිකා රෝගීහුය. තවත් පිරිසක්‌ වකුගඩු රෝගීහුය. කට්‌ටියකගේ පෙනහැල්ල නරක්‌ වෙලාය. ඒ තරම්ම ප්‍රමාණයකගේ අක්‌මාව "ඩැමේඡ්" වෙලාය. සෑහෙන පිරිසකට පිස්‌සුය. තවත් සෑහෙන පිරිසක්‌ රෑට නින්ද නොයාම නිසා සයනගත වන්නේ එක්‌කෝ කුණු වන තුරු "බීලා"ය. නැත්නම් නිදිපෙති ගිලලාය.

අප වසා පැතිර තිබෙන රෝගවලින් වැඩි හරියකට හේතුව අප ගන්නා කෑමවල අවුලය. දෙවැන්න පැවැත්මේ අවුලය. අප කන්නේ මොනවාද? තෙල්, පිටි, සීනි සහ මිරිස්‌ය. මේ ආහාර රටාව පටන් ගන්නේ 1505 දී පෘතුගීසීන් විසින් ලංකාව ආක්‍රමණය කිරීමත් සමඟ පටන් ගත් යටත් විජිත වාදයයි. අපට පාන් සහ මත්පැන් හුරු කළෝ සුද්දොaය. කුඹුරු වැඩ කර ලබා ගන්නා වී ටික විකුණා ඒ මුදලින් පාන් ගෙන අනුභව කිරීම ඉතා පහසුය. වී කොටා, සහල් ගෙන දර පලා ලිපවල් සාදා බත් උයාගෙන කෑමට වඩා පාන් ගෙඩියක්‌ කඩෙන් ගෙන පොල් සම්බෝලයක්‌ තලාගෙන කෑම කොතරම් පහසුද? මේ රටේ ගැමියා උදේ සිට මහන්සි වී වැඩකර හවසට ගහෙන් බා ගත් රා මුට්‌ටියෙන් රා කට්‌ටක්‌ ගසා බත් කෑවේය. සුද්දා එම රා ආසවනය කර අරක්‌කු තනා සිංහලයාටත්, දුප්පත් අසරණ දෙමළ වතු කම්කරුවාටත් පොවා වැඩි "සූර්" එකක්‌ සහ වැඩි චූන් එකක්‌ ඔවුන්ට ලබා දුන්නේය. ඉන්පසු රා මැදීමට ලයිසන් ක්‍රමයක්‌ ඇති කර අරක්‌කු විකිණීමට " රේන්දයක්‌" ඇති කළේය. අද අපට බඩ යන්නේ එදා පටන් ගත් ගමනේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි. ඝර්ම කලාපයේ වෙසෙන අපගේ උදරයට එළකිරිවල තිබෙන ලැක්‌ටික්‌ අම්ලය හොඳ නැත. එහෙත් කිරි පිටි නැතුව තේ බොන්නට අපට බැරිය. ශීතාධික රටවල සිටින සුද්දාගේ උදරයට බටර් සුදුසු වුවද ඝර්ම කලාපයේ අපට බටර් වැඩක්‌ නැත. බටර් කෑමේ එකම පලය කොලෙස්‌ටරෝල් හට ගැනීමයි. මේ කෑම කන විට අධික රුධිර පීඩනය සහ දියවැඩියාව යනු නියතයන්ය. යළිත් මෙසේ කියමු. අපට අද බඩ යන්නේ 1505 දී පටන් ගත් ගමනේ ප්‍රතිඵලයක්‌ ලෙසය.

http://www.divaina.com/2015/07/03/editor.html

Pic Source

0 comments: