Pages

Thursday, July 23, 2015

කොඩියබැන්ද වැවේ සෑම පවුලකම වකුගඩු රෝගීන්

බහුල ලෙස වකුගඩු රෝගයට ගොදුරුවී ඇති ප්‍රදේශය හැටියට මැදවච්චිය සැලකේ. මැදවච්චියේ පවත්වාගෙන යන වකුගඩු රෝගයට අදාළ බටහිර වෛද්‍ය සායනයට රෝගීන් 150 ක්‌ පමණද දේශීය වකුගඩු රෝග සායනයට තුන්සීයක්‌ පමණද ප්‍රතිකාර ගැනීමට එති. දේශීය වකුගඩු සායනයේ ලියාපදිංචි රෝගීන් සංඛ්‍යාව දෙදහසකට වැඩිය. පූනෑව ගමේ එක පවුලේ හත්දෙනාම වකුගඩු රෝගයට ගොදුරුවී ඇත.

මැදවච්චිය බටහිර වෛද්‍ය සායනයේ වකුගඩු රෝගීන්ට නොමිලයේ බෙහෙත් දෙයි. රෝගය උත්සන්න වූ විට රුධිර කාන්දුකරණයට අනුරාධපුරයට යවයි. රුධිර කාන්දුකරණයද තාවකාලික පිළියමකි. එයින් ඔබ්බට ඇත්තේ වකුගඩු බද්ධයයි. ගැලපෙන වකුගඩුවක්‌ සොයාගත නොහැකි වුවහොත් රෝගියා අනතුරේය. මැදවච්චිය දේශීය වකුගඩු සායනයේ බෙහෙත් ලබාගැනීමට සියගණනක්‌ රෝගීහු පැමිණෙති. මාස ගණනක්‌ නොකඩවා බෙහෙත් ගත් අය මේ වන විට යම් පමණකට සුවය ලබා ඇත.

මේ අතර මැදවච්චියට ආසන්න එක්‌ ගමක්‌ - එනම් කොඩිය බැන්ද වැවේ හැම ගෙදරක්‌ම වකුගඩු රෝගයට ගොදුරුවී ඇති බව දැනගන්නට ලැබී අපි ඒ ගම සොයා ගියෙමු.

මැදවච්චිය නගරයේ සිට කිලෝ මීටර් පහක්‌ පමණ දුර පදවිය පාරේ ගොස්‌ දකුණට හැරී දෙපැත්තම කැළෑවෙන් පිරුණ පුංචි පාරක්‌ දිගේ කිලෝමීටර් තුනක්‌ පමණ දුර මෙම ගමට යායුතුය. සවස තුන හතර පමණ වනවිට මේ හරිය අලි ඇතුන්ගේ රජදහන වෙයි. මේ අවදානමත් පොදිබැඳගෙන හිතවතකු සමඟ උදය දහය පමණ වෙද්දී අපි කොඩිය බැන්දවැව ගම්මානයට ගියෙමු.

ගමේ වෙල් ටික ඇත්තේ එකම මණ්‌ඩියකය. ඒ රෑ දවසේ වන සතුන්ගෙන් ආරක්‍ෂා වන්නටය. රජරට පෙරදා පැවැති වැව්ගම්මාන සම්ප්‍රදාය කොඩියබැන්ද වැවේ දකින්නට ලැබිණි. සියලු දෙනා එක පරපුරකින් විහිදී ගිය ලේ නෑයෝය. චන්ද්‍රසිරි (53) ගේ නිවසේ සාමාජිකයන් හය දෙනෙකි. එයින් චන්ද්‍රසිරිටත් ඔහුගේ දුව අනුෂ්කා මධුමාලිටත් (30) වකුගඩු රෝගය සෑදී ඇත. මසකට නව වරක්‌ මධුමාලී අනුරාධපුරයට ගොස්‌ රුධිර කාන්දුකරණය කරගත යුතුය. පසුගිය මාස පහ තුළ ඇය හතළිස්‌ පස්‌ වරක්‌ රුධිර කාන්දුකරණය කර ඇත. මේවන විට ඇය ඉතාමත් දුබල රෝගී තත්ත්වයේ සිටී. පුංචිරාළගේ ගෙදරද වකුගඩු රෝගීන් දෙදෙනකු සිටී. ඒ අය මැදවච්චිය දේශීය වකුගඩු සායනයෙන් බෙහෙත් ලබා ගනිති.

මේ අන්දමට කොඩියබැන්ද වැවේ හැම ගෙදරකම පාහේ රෝගියකු දෙන්නෙකු ඇත. පළාත් සභාවක්‌ තිබුණත් මැති ඇමැතිවරු හිටියත් ඒ කාගේවත් ඇස්‌බැල්මක්‌ තවමත් මේ ගමට වැටී නැත.

මේ අන්දමට කොඩියබැන්ද වැවට වකුගඩු රෝගය කඩාවැදී ඇත්තේ කවර හේතූන් නිසාදැයි අනුමාන කරන්නට එක්‌ කරුණක්‌ තිබේ. මේ ගමේ හැම දෙනාම වෘත්තියක්‌ වශයෙන් කරන්නේ එළවළු ගොවිතැනයි. හේන් වගා කාලෙට හේන්වල වගා කරන්නේ එළවළුය. ගමේ කුඹුරු යායක්‌ ඇතත් කොඩියබැන්දවැවේ වී ගොවිතැනට පිරිමහින වතුරක්‌ නැති කන්න වලදී කුඹුරුවල ගොවිතැන් කරන්නේද එළවළුය. හේන්යායේ සහ කුඹුරුවල කැළෑව වද කරන්නට වල්නාශක යෙදීමට පුරුදුවී ඇත. අලි ඇතුන්ගෙන් බේරා ගැනීමට බැරිනිසා බඩ ඉරිඟු වගා නොකරන නමුත් මෑකරල්, බණ්‌ඩක්‌කා, පතෝල, මාළු මිරිස්‌ වැනි එළවළු වර්ග නිතර වගාකරන නිසා ඒවාට කෘමිනාශක යොදන්නට සිදුවේ. විශේෂයෙන් වම්බටු, බෝංචි ආදියට නිතරම කෘමිනාශක යොදන්නට සිදුවේ. කොඩියබැන්ද වැවේ ගැමියන්ගේ දවස ගෙවීයන්නේ එළවළු වගාව සහ කෘමිනාශක සමගය. මේ ගම්මානයට ගෙයක්‌ දොරක්‌ නෑර වකුගඩු රෝගය පැතිරී ඇත්තේ කෘමිනාශක හා වල්නාශක සමඟ දවස ගතකරන නිසාදැයි පුළුල්ලෙස විමසා බැලිය යුතුවෙයි.

මෙසේ නිරතුරුව පොළවට හලන විෂකාරක භූගත ජලයට කාන්දුවී පානීය ජලයට මුසුවී වකුගඩු රෝගයට හේතුකාරක විය හැකියයි සිතා ඉහළ තම්මැන්නාව විහාරාධිපති විරා ගන්නොරුවේ අනුරුද්ධ නාහිමියන්ද ඉහළ තම්මැන්නාවේ ජයන්ත විඡේසිරි මහතාද මුල්වී තවත් කීපදෙනකුගේ උදව් ඇතිව කොඩියබැන්ද වැවේ පවුල් විසිහයට පිරිපහදු කළ පානීය ජලය ලබාදීම සඳහා මේ දිනවල පිරිපහදු යන්ත්‍රයක්‌ සවිකොට ජලය බෙදාදීමේ වැඩපිලිවෙලක්‌ පටන්ගෙන තිබේ.

කොඩියබැන්ද වැවේ පවුල් විසිහයේ ජනතාව සියයක්‌ පමණ වෙති. මේ කැලෑබද ගම්මානයේ දුකින් ජීවත්වන මිනිසුන්ගේ දුක සැප බලන්නට කිසිවෙකුත් නැත. 

වකුගඩු රෝගය සෑදී මියගිය පසු හඬා වැටෙනවා හැරෙන්නට මේ අසරණයන්ට වෙනත් පිහිටක්‌ නැත. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඡන්ද කාලෙට නම් කැලෑ පාර යටකරගෙන ගම්වදින බව ගැමියෝ කියති. ඒත් දැන්නම් ඔවුන්ගේ දුකට පිහිටවන්නට මේ ගම්දොර ගැන සොයා බලන්නට බලු බල්ලෙක්‌ වත් එන්නේ නැතැයි ඔවුහු කියති.

එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2015/07/22/provin03.html

ගමින් ගමට ගොස්‌ වකුගඩු රෝගීන් හඳුනාගැනීමේ වැඩපිළිවෙලක්‌

උතුරු මැද පළාතේ ගමින් ගමට ගොස්‌ වකුගඩු රෝගීන් හඳුනා ගැනීමේ වැඩපිළිවෙලක්‌ රජය මගින් ආරම්භ කර තිබේ. වකුගඩු රෝගීන් බහුලව සිටිනා ප්‍රදේශවල පළමුවෙන් මෙම පරීක්‍ෂණය පවත්වා ක්‍රමයෙන් සෙසු ගම්වලද පරීක්‍ෂණය ව්‍යාප්ත කිරීම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බලාපොරොත්තුවයි.

තලාව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ රත්තොටගම ගම්මානයේ ජනතාව වකුගඩු පරීක්‍ෂණයට යොමුකළ අවස්‌ථාවේ තලාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරිය එසේ පැවැසුවාය. මෙදින ගම්මානයේ සියයක්‌ පමණ දෙනාගේ රුධිර පරීක්‍ෂණය සඳහා ලබාගත් අතර අනුරාධපුර රසායනාගාරයේදී මෙම රුධිරය පරීක්‍ෂා කොට රෝගීන් හඳුනාගෙන මුලදීම ප්‍රතිකාර කිරීම ආරම්භ කරන්නේ යෑයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරිය පැවසුවාය.

ප්‍රතිකාරයට වඩා වැදගත් වන්නේ රෝග නිවාරණය බැවින් වගාවන්ට රසායනික තෙල් පොහොර යෙදීමෙන් වළකින ලෙස මහජන සෞඛ්‍ය පරීක්‍ෂක රත්නායක මහතා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2015/07/22/provin02.html

ගැඹුරු පොළවෙන් ගෙන ජලය පිරිපහදු කොට දුන්නත් රෝගය වැළඳී ඇති වකුගඩු රෝගීන්ට පළක්‌ නැහැ

රජරට පුරාවට පැතිරී ඇති වකුගඩු රෝගය තුරන් කිරීමේ පියවරක්‌ වශයෙන් ගැඹුරු පොළවෙන් දිය උකහාගෙන - පිරිපහදුකොට පානීය ජලය ලෙස රජරට ගම්පුරා බෙදා හැරීමේ සැලැස්‌මක්‌ උතුරුමැද පළාත් සභාවෙන් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක්‌ ඉදිරිපත්වී තිබෙනවා. එය අනාගතයට හොඳ වැඩපිළිවෙලක්‌. නමුත් මේවනවිටත් රෝගය සෑදී ඇති අයට එයින් පිහිටක්‌ වෙන්නෙ නෑ. මහමාංකඩවල ශ්‍රී පියරතන නාහිමියෝ, එප්පාවල විහාරස්‌ථානයේදී පැවැති දේශීය වී වගාකරන ගොවීන්ගේ රැස්‌වීමේදී එසේ පැවැසූහ.

පානයට පිවිතුරු ජලය ලබාදීමත් සමඟම කළයුතු තවත් වැඩදෙකක්‌ තිබෙනවා. එකක්‌ තමයි තෙල්පොහොර නොයොදා දේශීය වී වගාවට ගොවීන් නැඹුරු කරමින් කෘත්‍රිම නොවූ සිංහල හාලේ බත් කන්නට රජරට ජනතාව හුරුපුරුදු කිරීමයි. දැනට වකුගඩු රෝගය සෑදී රෝගීන්ට දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ සොයාගෙන ඇති ආයුර්වේද බෙහෙත් ලබාදීම ඊළඟට කළ යුතු වැඩයි.

මේ අනුව පිරිසිදු පානීය ජලය දෙන අතරම ගුණාත්මයෙන් පිරුණ සිංහල හාලේ බත් කන්න පුරුදු කිරීමත් ඒ වගේම දැනටමත් වකුගඩු රෝගයට දේශීය වෛද්‍යවරියක්‌ සොයාගෙන ඇති ඖෂධ වට්‌ටෝරුව රෝග සෑදී ඇති රෝගීන්ට ලබාදීමත් යන කරුණු ක්‍රියාත්මක කිරීමෙන් වකුගඩු රෝගය සහමුලින් රජරටින් පළවා හරින්න පුළුවන් යෑයි නාහිමියෝ වැඩිදුරටත් පැවැසූහ. මෙම මාස්‌ කන්නයේ වගාවට රජයෙන් ලබාදුන් දේශීය බිත්තරවී වලට ගොවීන්ගෙන් ලැබෙන බිත්තර වී පංගුව රැස්‌කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම ගොවි රැස්‌වීම පවත්වන ලදී.

එප්පාවල - රත්න බී. ඒකනායක

Pic Source

සබැඳි ලිපි -[හම්බන්තොටත් වකුගඩු රෝගයට ගොදුරුවීමේ අවදානමකhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_95.htmlරජරට වකුගඩු රෝගීන් දෙලක්‌ෂයක්‌ ඉන්නවා. කාන්දුකරණයට යොමුවී මරණයට කැපවූවන් 8000 වැඩියි - මහමාංකඩවල පියරතන නාහිමිhttp://denethharinna.blogspot.com/2015/06/8000.htmlවකුගඩු මාරක ග්ලයිපොසේට්‌ රේගුවෙන් නිදහස්. තවත් දසවසරකට මේ විෂ ප්‍රමාණවත්! අහිංසක ගොවි පරපුරේ මරණයේ කතාව නැවතත්..?http://denethharinna.blogspot.com/2015/06/blog-post_96.htmlශ්‍රී ලංකාව පුරා හඳුනාගත් වකුගඩු රෝගීන් තිස්‌ දහසක්‌! දහනව දහකට අධික පිරිසක්‌ උතුරු මැද!http://denethharinna.blogspot.com/2015/05/blog-post_8.htmlවකුගඩුවලට විනකටින ග්ලයිෆොසේට්‌ තහනම්! ආනයනය කළ තොග නිදහස් කරන්න කළ ඉල්ලීම ජනපති ඉවතලයි.http://denethharinna.blogspot.com/2015/05/blog-post_6.htmlතහනම තිබියදීත් කන්ටේනර් පිටින් ගෙන්වූ වකුගඩු මාරයා 'ග්ලයිපොසේට්‌'http://denethharinna.blogspot.com/2015/05/blog-post_59.htmlපොහොර වර්ග තුනක්‌ ආනයනය තහනම්http://denethharinna.blogspot.com/2015/03/blog-post_63.htmlදේශීය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයෙන් වකුගඩු රෝග නිවාරණයට පියවරhttp://denethharinna.blogspot.com/2014/08/blog-post_71.htmlපර්යේෂණ සාර්ථකයි! දේශීය වෙදකමෙන් වකුගඩු රෝගීන් සනීපයි!http://denethharinna.blogspot.com/2014/07/blog-post_3942.htmlරජරට වකුගඩු රෝගයට මුල විෂ කාරකයක්‌ ශරීරගත වීමයි. පිළිකා මඬින දේශීය සහල් කන්න - වෛද්‍ය චන්න ජයසුමනhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_2822.htmlවකුගඩු රෝගීන් මෙන්න මෙහෙම කන්න බොන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_2560.htmlවකුගඩු රෝගයෙන් අත්මිදෙන්න දේශීය සහල් පරිභෝජනය කරන්න - වෛද්‍ය ඡන්න ජයසුමනhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_346.htmlලංකාවේ වකුගඩු පර්යේෂණය - 2013 වසරේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ හොඳම පර්යේෂණය ලෙස පිදේhttp://denethharinna.blogspot.com/2014/04/2013.htmlශ්‍රී ලංකික විද්‍යාඥයෝ අභිරහස් වකුගඩු රෝගයේ රෝග යාන්ත්‍රණය පර්යේෂණ මඟින් සොයා ගනිතිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_21.htmlවකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනවල ඇති කැඩ්මියම් හා ආසනික්‌ - පර්යේෂණ ප්‍රතිඵල එළිදකියිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_7225.htmlවකුගඩු රෝග ඇතුළු බොහෝ බෝ නොවන රෝගවලට මුල අපි කන වස විසයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6452.htmlරටම වකුගඩු රෝග අවදානමේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_5645.htmlවකුගඩු රෝගය නිසි ප්‍රතිකාර ක්‍රම පාලනය කළ හැකියි - විශේෂඥ වෛද්‍ය රජීව දිසානායකhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_695.htmlරජරට වකුගඩු රෝගයට බෙහෙත් පැරණි වී වර්ගවල – පර්යේෂණ මඟින් චන්න ජයසුමන හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_313.htmlඋඩරට ගොවීන්ගේ පොහොර රජරට වකුගඩු ලෙඩ කරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_549.htmlඋතුරු මැද වකුගඩු රෝගයට ප්‍රධානම හේතුකාරකයා කැඩ්සියම් - නවතම පර්යේෂණ වාර්තාවක්‌ හෙළිකරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6556.htmlගොවිතැන සහ වකුගඩු රෝගය - 'වකුගඩු මාවත'http://denethharinna.blogspot.com/2013/09/blog-post_8541.htmlවකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික්‌ - ලෝක සෞඛ්‍ය සංවිධානයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_28.htmlඅතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක්‌ වැඩියි - චන්න ජයසුමන
http://denethharinna.blogspot.com/2013/08/1-9244.html
]

0 comments: