Pages

Wednesday, July 29, 2015

රටම අන්තර්ජාල ආවරණය වන ලොව පළමු රට - රජය සහ ගූගල් සමාගම එකතුවෙන් ශ්‍රී ලංකාවටම අධිවේගී අන්තර්ජාල ආවරණ පහසුකම්

මුළු රටම ආවරණය වන පරිදි අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීම සඳහා ගූගල් ආයතනය සමග ශ්‍රී ලංකා රජය ඊයේ (28 වැනිදා) ගිවිසුමක්‌ අත්සන් කරන ලදී.

මෙම ගිවිසුමට අනුව අන්තර්ජාල සබඳතාව මුළු රටම ආවරණය වන ලොව පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වේ.

ගූගල් ලූන් තාක්‌ෂණය ඔස්‌සේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්‌වා ආවරණය වන පරිදි අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා වූ ගිවිසුම ඊයේ (28 වැනිදා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අත්සන් කළ අතර මෙම අවස්‌ථාවට විදේශ කටයුතු සහ විදුලි සංදේශ ඇමැති මංගල සමරවීර, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන හර්ෂ ද සිල්වා සහ රුවන් විජයවර්ධන යන මහත්වරුද එක්‌වූහ.

උපාලි ද සේරම්
http://www.divaina.com/2015/07/29/news20.html

Pic Source

0 comments: