Pages

Wednesday, July 29, 2015

ෆෙඩරල් ඉල්ලා ද්‍රවිඩ සන්ධානයට තනි තීරණයක්‌ ගැනීමට බැහැ - මු.කො. මහ ලේකම් හසන් අලි

උතුරු නැගෙනහිර පළාත්වල මුස්‌ලිම් ජනතාවද ජීවත් වෙන බැවින් එම ප්‍රදේශයට ෆෙඩරල් පාලනයක්‌ ඉල්ලා උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට දෙමළ ජාතික සන්ධානයට තනි තීරණයක්‌ ගත නොහැකි බව මුස්‌ලිම් කොංග්‍රසයේ මහ ලේකම් හසන් අලි මහතා සඳහන් කළේය.

උතුරු නැගෙනහිර පළාත් සඳහා වෙනම ෆෙඩරල් පාලනයක්‌ ලබා දෙන්නේ නම් 33% ක්‌ මුස්‌ලිම් ජනතාව ජීවත්වන නැගෙනහිර පළාතටද වෙනම මුස්‌ලිම් පාලනයක්‌ ලබාදිය යුතු බව ඔහු පෙන්වා දෙන්නේය.

දෙමළ ජාතික සන්ධානය ජාතික ගැටලුව සම්බන්ධයෙන් තම මතය ඉදිරිපත් කිරීම හා ඊට ඇති අයිතිය පිළිගන්නා නමුත් ඒ ගැන තනි තීරණයකට එළඹීමට එම සන්ධානයට කිසිදු අයිතියක්‌ නැතැයිද හසන් අලි මහතා සඳහන් කළේය.

ජයසූරිය උඩුකුඹුර
http://www.divaina.com/2015/07/29/news11.html

0 comments: