Pages

Monday, July 13, 2015

කරච්චි අගනුවරින් 950 දෙනෙකු මරුට! උණුසුමින් බැටකන පකිස්ථානුවන් රාමසාන් උපවාසයෙන් තවත් අමාරුවේ...

උණුසුමින් බැටකන පකිස්ථානුවන් රාමසාන් උපවාසයෙන් තවත් අමාරුවේපකිස්ථානයේ පවතින  උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ.

පකිස්ථානයේ සින්ද් පළාතේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සඳහන්ය. කරච්චි අගනුවරින් 950 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේය.


මෙම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ඉක්මවා ඇති බව සඳහන්ය. විදුලි බලය අත්හිටුවීම හේතුවෙන් වායු සමීකරණ හා විදුලිපංකා භාවිතයද සීමා කිරීමට එම ප්‍රදේශවල වැසියන්ට සිදුව ඇත.


රාමසාන් උපවාසය සමය හේතුවෙන් මෙම අර්බුදය තවත් උග්‍රවී ඇති බව වාර්තා වේ. උපවාස කාලය තුළ ජලය පානයෙන් පවා ඉවත්ව සිටීම හේතුවෙන් උණුසුම් කාලගුණ තත්ත්වය තුළ ජනතාව දැඩි දුෂ්කර තත්ත්වයන්ට පත්ව ඇති බව සඳහන්ය. 
රාමසාන් උපවාස කාලයේදී ඇතැම් වෙළඳසැල් ජල බෝතල් සහ අයිස්ක්‍රීම් අලෙවි කිරීමෙන්ද වැළකී සිටින බව වාර්තා වේ. ආගමික නීතින්ට අනුව එම කාලය තුළ ජලය සහ සෙසු ආහාර වර්ග අලෙවි කිරීම තහනම් බව සඳහන්ය.

අද දෙරණ

0 comments: