Pages

Sunday, July 26, 2015

ලංකාව මුසලු අන්තවාදය අභිමුව? මක්‌කම යන බව පවසා අයිසීස්‌ ත්‍රස්‌තයන්ට එක්‌වූ ෂරියා පිලිබඳ උපාධිධාරී 6 දරු කරාටේ මාස්‌ටර් - අබු ශුරා සයිලානි

අයිසීස්‌ යනු ලොව අති බිහිසුණු ත්‍රස්‌ත සංවිධානයකි. ඉරාකයේ සහ සිරියාවේ පිහිටි වසර 2000 ක්‌ පැරණි පුරාවස්‌තු පවා මුළුමනින්ම විනාශකර දැමීමට අයිසිස්‌ ත්‍රස්‌තයෝ ක්‍රියාකළහ. ඉරාකයේ මෝසුල් නගරයේ පිහිටි කෞතුකාගාරයේ තිබූ පෞරාණික වස්‌තූන්ද පැහැරගනු ලැබුවේ අයිසිස්‌ ත්‍රස්‌ත නායකයෙකි. මෑතකදී බටහිර සංගීත භාණ්‌ඩ වාදනය කළ සංගීතඥයන් පිරිසක්‌ද ඝාතනය කෙරුණි. අත්පා කැපිම්, උස්‌ ගොඩනැඟිලිවල සිට බිමට දැමීම, රොකට්‌ විදින මගින් ප්‍රහාර එල්ල කිරීම් වැනි බිහිසුණු දඬුවම් පනවනු ලැබුවේද අයිසිස්‌ ත්‍රස්‌තයන්ය. පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ සිරියානු ගුවන් නියමුවා යකඩ කූඩුවක දමා පණපිටින් පුළුස්‌සා දැමීමටද ක්‍රියා කෙරුණි. ප්‍රංශයේ චාලි හෙබ්දෝ පුවත්පත් කාර්යාලයට ප්‍රහාර එල්ල කිරීමෙන් 17 ක්‌ ඝාතනය විය. 

බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඉතාලිය යන රටවල අයිසීස්‌ ත්‍රස්‌තවාදයට ගොදුරුවන තත්ත්වයක්‌ මතුවූ අවස්‌ථාවේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අයිසීස්‌ ත්‍රස්‌තයන්ට එරෙහිව ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කළේය. ඉරාකයේ ටිර්කිට්‌ නගරයේ හමුදා කැඩෙට්‌ භටයන් 600 ක්‌ ඝාතනය කිරීමේ සිද්ධියක්‌ද වාර්තා විය. එහෙත් අයිසීස්‌ ත්‍රස්‌තයන්ගේ ක්‍රියාදාමය තවදුරටත් සිදුවේ. මේ පසුබිම මැද ෂර්පාස්‌ නිලාම් මූෂීන් හෙවත් අබු ශුරා සයිලානි නැමැත්තෙක්‌ ජුලි 14 දා එල්ලවූ ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මරුමුවට පත්වූ බව අයිසිස්‌ ත්‍රස්‌තයන්ගේ පේස්‌බුක්‌ අඩවියේ සඳහන් විය. මේ ත්‍රස්‌තයාගේ අනන්‍යතාව හෙළිවූයේ ඉන්පසුවය. ගලේවෙල පදිංචිකරුවකු වන ෂර්පාස්‌ නිලාම් කරාටේ මාස්‌ටර් වරයෙකි. පසුගිය දෙසැම්බර් මස මක්‌කම වන්දනාවේ යන බව කියා කටුනායක ගුවන් තොටුපලින් පිටව ගිය ෂර්පාස්‌ නිලාම් ආපසු මෙරටට පැමිණියේ නැත.

ඔහුගේ පවුලේ අයද ඒ බව පොලිසියට දැනුම් දී නොතිබූ බව වාර්තා වේ. ෂර්පාස්‌ නිලාම් මක්‌කම සිට ලෙබනනයටත් ඉන්පසු තුර්කියටත් පැමිණ ඇත. තුර්කියේ සහන සේවා කටයුතුවල නිරතවන බවට ප්‍රකාශ වුවත් ඔහු අයිසිස්‌ ත්‍රස්‌තයන්ට එක්‌වී තිබිණි.

මහරගම ප්‍රදේශයේ කරාටේ පංතියක්‌ පවත්වාගෙන ගිය මොහු මහනුවර ත්‍රිත්ව විදුහලේ අධ්‍යාපනය ලැබූවෙකි. අයිසිස්‌ පේස්‌බුක්‌ අඩවිය සයිලානි මියගිය බව හෙළිනොකළේ නම් ෂර්පාස්‌ නිලාම් නමැති ශ්‍රී ලාංකික මුස්‌ලිම් කරාටේ මාස්‌ටර්ට සිදු වූ දේ සදහටම වැළලී යැමට ඉඩ තිබුණි.

මෙම අයිසීස්‌ ත්‍රස්‌තයෝ පසුගිය ජුනි 26 දා ටියුනීසියාවේ මුහුදු වෙරළේ සිටි බ්‍රිතාන්‍ය සංචාරකයන්ට එල්ල කළ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් 36 ක්‌ මරුමුවට පත්වූහ. එම සංචාරකයන් අතර ක්‍රිස්‌ ඩයර් යන ඔහුගේ බිරිය වූ ජිනා මැග්ඩෝට්‌ද විය. අයිසිස්‌ ත්‍රස්‌තයකු සිදුකළ වෙඩි තැබීමකින් ක්‍රිස්‌ ඩයර් මියගිය අතර බිරිය ජිනා බරපතළ තුවාල ලැබීය. පැය පහක්‌ තිස්‌සේ සිදුකළ ශල්‍යකර්මයකින් පසු ජිනා මැග් ඩෝර්ට්‌ ප්‍රකෘති තත්ත්වයට පත් වූවාය. ඇය ශ්‍රී ලාංකික බර්ගර් සම්භවයක්‌ ඇති කාන්තාවකි. ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යයට ගිය ඇය පසුගිය ජුනි මස විවාහ වූවාය. 

ටියුනීසියාවේ මුහුදු වෙරළේ සිටි සංචාරකයන්ට අයිසිස්‌ ත්‍රස්‌ත ප්‍රහාරය එල්ලවී ශ්‍රී ලාංකික බර්ගර් සම්භවයක්‌ ඇති කාන්තාවක්‌ බරපතල තුවාල ලැබූ බවට ශ්‍රී ලංකාවට වාර්තා වූයේ පසුගිය සතියේයි.

මේ අතර අයිසිස්‌ ත්‍රස්‌තයන්ට සම්බන්ධව සිටි ගලේවෙල කරාටේ මාස්‌ටර් මරුමුවට පත්වීම ගැන අනාවරණය වෙත්ම මෙරට විවිධ පාර්ශව කලබලයට පත්විය. මේ අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය නිර්මාණය කළේ ඇමරිකානුවන් යෑයි එක්‌ පාර්ශවයක්‌ වරද ඇමරිකාව මත යොමු කරමින් පවසනු ලැබීය. ඇමරිකාව අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය පිහිටුවනු ලැබුවේ නම් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් එකී සංධානයට ගුවන් ප්‍රහාර එල්ල කරන්නේ කුමකටද? අල්කයිදා නායක බින්ලාඩන්ට එරෙහිව ඇමරිකානු ප්‍රහාර එල්ලවන අවස්‌ථාවේ කොළඹ මරදානේදී බින්ලාඩන්ගේ ඡායාරූපය සහිත ටීෂර්ට්‌ ඇඳගෙන විරෝධතා පැවැත්වූයේ කවුද?

එමෙන්ම මහනුවර පදිංචිකරුවකු වූ මුස්‌ලිම් ජාතිකයකු තමිල්නාඩුවේ ඊශ්‍රායල් සහ ඇමරිකානු කොන්සල් කාර්යාලවලට මරාගෙන මැරෙන ප්‍රහාරයන් එල්ල කිරීමේ සැලසුමක්‌ ගැන අනාවරණය වීමෙන් පසු ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම තත්ත්වය මත ඉන්දියානු බලධාරීන්ද එරට පිරිස්‌ අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයට සම්බන්ධ බව සොයාගෙන තිබේ. මෙම ඉන්දීය ජාතිකයන් සිරියාවට ගොස්‌ ඇත්තේ මක්‌කම වන්දනාවේ යන බව පවසමිනි. ගලේවෙල පදිංචි ෂර්පාස්‌ නිලාම් ද සිරියාවට ගියේ වන්දනාවේ යන බව දන්වමිනි. පාකිස්‌තානයට ගොස්‌ ෂාරියා නීතිය ඉගෙනගත් ෂර්පාස්‌ නිලාම් ආපසු මෙරටින් පිටව ගියේ එම ෂාරියා නීතිය බිහිසුණු ලෙස ක්‍රියාත්මක කරන අයිසිස්‌ ත්‍රස්‌තයන් වෙතය. ඉහළ පෙළේ බුද්ධි ආරංචි මාර්ග දක්‌වන අන්දමට ශ්‍රී ලාංකිකයන් කීදෙනෙක්‌ වන්දනාවේ යන මුවාවෙන් සිරියාවට ගියේදැයි මෙතෙක්‌ වාර්තා වී නැත. මේ සිද්ධිය ඉදිරියේ එන අනතුරක පෙරනිමිත්තකි. 2014 දෙසැම්බර් මස වනතෙක්‌ ගලේවෙල ඉංගී්‍රසි ඉගැන්වීමේ පාසලක මුස්‌ලිම් විදුහල්පති ලෙස ක්‍රියාකළ මුෂින් කොළඹ නගරයේ පදිංචිව සිටි බවද හෙළි වී ඇත.

අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයේ පේස්‌බුක්‌ වෙබ් අඩවිය අනුව නිලාම් මුසින් හෙවත් සයිලානි මියගියේ සටන්වැදී ආපසු කඳවුර වෙත එන අවස්‌ථාවේයි. මෙලෙස ශ්‍රී ලාංකිකයකු අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයට එක්‌වී තිබූ බව අනාවරණය වුණ සමයේ මෙරට ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරන්නැයි ඉල්ලීමක්‌ ඉදිරිපත් විය.

ශ්‍රී ලාංකික අයිසිස්‌ ත්‍රස්‌තයා මියගොස්‌ සති කිහිපයකට පසු සිරියාවේ අයිසිස්‌ ත්‍රස්‌ත නායකයකු වූ මුෂින් පද්ගිලානි ද ඇමරිකානු ප්‍රහාරයකින් මරුමුවට පත්විය. නිලාම් මුෂින් අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයට බැඳී එකී අපරාධකාරී ක්‍රියාදාමයන්ට සම්බන්ධ වූ බවට තවදුරටත් සාක්‌ෂි අවශ්‍ය නැත. එහෙත් ශ්‍රී ලාංකිකයන් කීදෙනෙක්‌ සිරියාවට ගොස්‌ අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයට එක්‌වී ඇද්ද යෑයි මෙතෙක්‌ හෙළිවී නැත.

නැගෙනහිර ජිහාද් ක්‍රියාකාරීන් සිටින බවට වාර්තා වූ අවස්‌ථාවේ එය අසත්‍යයක්‌ බවට ප්‍රචාරය විය. එහෙත් පසුව එම තොරතුරු සනාථවිය. පසුගියදා ෂරියා නීතිය ඉගැන්වීම සම්බන්ධව පෞද්ගලික පනත් කෙටුම්පතක්‌ ඉදිරිපත් වී තිබුණි. මේ ක්‍රියාදාමය පසුබිමේ ඇති ඉලක්‌කය කුමක්‌ද?

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2015/07/26/feature13.html

සබැඳි ලිපි -
[

අයි. එස්‌. ත්‍රස්‌ත මුසලු විදුහල්පතිගේ පවුලම කලින්ම ශ්‍රී ලංකාව හැරගිහින්...http://denethharinna.blogspot.com/2015/07/blog-post_25.html"සයිලානිට" පමණක්‌ ලඝු නොවන අනාගත ISIS රාජ්‍යයට ලංකාවත් අයත් විටෙක සිහළ සමාජය තුළ සැඟවෙමින් වැඩෙන මූසලු අන්තවාදය ගැන සිතන්නට යමක්‌http://denethharinna.blogspot.com/2015/07/isis.htmlඅයිසිස්‌ ත්‍රස්‌තයන්ට එක්‌ වූ ශ්‍රී ලාංකික මුසලු සයදරු පියා - ෂර්පාස්‌ නිලාම් මුෂින් හෙවත් අබු සයිල් ආනිhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_84.htmlශ්‍රී ලාංකික අයි එස්‌ අයි සටන්කරුගේ පැටිකිරිය - ඉපදුනේ 77. දරුවන් 6යි.http://denethharinna.blogspot.com/2015/07/77-6.htmlඅයි එස්‌ අයි එස්‌ සංවිධානයට එක්‌ වූ පළමු ශ්‍රී ලාංකිකයා අබු ෂුරේන් සයිලානි ගුවන් ප්‍රහාරයකින් මරුටhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_94.html
ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේ
http://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.html
ලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.htmlජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ සහ අන්තවාදී සංවිධාන 4 ක්‌ කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!http://denethharinna.blogspot.com/2014/05/13-4.htmlමෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේhttp://denethharinna.blogspot.com/2014/05/blog-post.htmlමුසලු අන්තවාදයේ හෙවනැලි රටපුරාම??? බේරුවලදී ද්‍රවිඩ බසින් කතාකරන මැර ප්‍රහාරයකින් එස්‌ටීඑෆ් දෙදෙනා රෝහලේhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_8206.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලාhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_19.htmlඅනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.htmlසමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.htmlරටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.htmlඅනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.htmlමුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.htmlලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.htmlඅල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]

0 comments: