Pages

Thursday, June 2, 2016

පාපතර කොටි ත්‍රස්‌තවාදීන්ගේ අරන්තලා භික්‌ෂු ඝාතනයට වසර 29 යි

අරන්තලා බෞද්ධ මධ්‍යස්‌ථානය ගොඩගන්න ආධාර පතයි 

සාමනේර භික්‌ෂූන් වහන්සේලා සමගින් උතුරු නැඟෙනහිර අධිකරණ සංඝනායක හෑගොඩ ඉන්දසිරි නාහිමියන් ලංගම ඩිපෝවට අයත් බස්‌ රථයට ගොඩ නැගුනේ වාර්ෂිකව සිදුකරන ධර්ම ප්‍රචාරක වැඩ සටහනට කොළඹට වැඩම කිරීමටය. නුවරට ගොස්‌ දළදා සමි`දුද වැද පුදා ගනිමින් යැමට 1987 ජුනි 02 වැනිදා හිමිදිරියේම අම්පාරෙන් පිටත්විය.

එසේ පැමිණ පැවසූ යැමට හැකිවුයේ පැයකට ආසන්න කාලයකි. අරන්තලාව 28 සැතපුම් කණුව අසලදී මග අවුරා ගත් කොටි ත්‍රස්‌තයෝ හිමිවරුන් සමගින් බස්‌ රථය ඒ ආසන්නයේ තේක්‌ක වන පෙත තුළට රැගෙන යන්නට වුහ. බස්‌ රථයේ සාමනේර හිමිවරු රියදුරු සහ කොන්දොස්‌තර ඇතුළු ගිහියෝ කිහිප දෙනෙක්‌ද සිටියහ.

සියල්ලන්ම දැඩිසේ බියට පත් වන්නට වූහ. බස්‌ රථය වට කොට කොටි ත්‍රස්‌තයින් 60ක්‌ පමණ ඇත. රියදුරු අසුන ළගට කොටි ත්‍රස්‌තයෙක්‌ ළං වෙත්ම අනේ මාව මරන්න එපා මට දරුවෝ හය දෙනෙක්‌ ඉන්නවා යනුවෙන් රියදුරු සමරපාල කියත්ම එක දිගට එල්ලවු වෙඩි පිට වෙඩි පහරින් සුක්‌කානම මතටම රියදුරු සමරපාල ඇද වැටුනේය.

"උඹලා මාව මරපල්ලා මගේ දරුවෝ ටික මරන්න එපා" යනුවෙන් හෑගොඩ නාහිමියන් කොටි ත්‍රස්‌තයින් හට පවසත්ම තිරිසන් පාපතරයන් රෑන නාහිමියන්ගේ ශ්‍රීදේහය පෙති පෙති ගසද්දී මුළු බස්‌ රථයෙන්ම නැගුනේ අදෝනාවකි. නායක හිමියන්ගේ සිරුර ලෙයින් තෙත්ව බස්‌ රථය තුළ ඇද වැටෙද්දී අන්ත අසරණවූ මෙම අහිංසක බුද්ධ පුත්‍රයින් වහන්සේලා කුමක්‌ නම් කරම්ද? 

ගතවුයේ මොහොතකි. කොටි ත්‍රස්‌තයින්ගේ ඉවක්‌ බවක්‌ නොමැතිව වැදුණු මන්නා කැති පිහි පහරින් සාමනේර හිමිවරුන්ගේ අත්පා ගෙල වෙන්ව බස්‌රථය තුළ ඇද වැටෙද්දී මුළු බස්‌ රථයම එකම ලේ ගංගාවක්‌ විය. ඉන්ද නොනවතුන තිරිසනුන් එළියේ සිට බස්‌ රථය වටකොට වෙඩි පිට වෙඩි තබන්නට විය. යුද හමුදාව වෙඩි හඬ ඇසී එතෙනට දිව එත්ම දුටු දෙයින් කම්පාවට පත්වූහ. මිය ගිය අය සහ තුවාලකරුවන් අම්පාර මහා රෝහලට සැනෙකින් පිටත් කර හරින ලදී.

අවසානයේදී අරන්තලාවේ වැලි පොළව භික්‌ෂූන් වහන්සේලා 41 නමකගේ ලෙයින් තෙත්ව 31 ක්‌ නමක්‌ ඝාතනය වූහ. රියදුරු පී.ජී. සමරපාල, කොන්දොස්‌තර එන්.ජී. ජිනදාස සමගින් වසන්ත ජයවර්ධන නම් තරුණයා ඇතුළු 34 දෙනකුගේ ජීවිත කොටින් විසින් උදුරා ගන්නා ලදී.

ඉන්දසාර නාහිමියන්ගෙන් පසුව අභීත ආකාරයෙන් දිගමඩුල්ල බොදු සසුන වෙනුවෙන් කටයුතු කරන අරන්තලාව බෞද්ධ මධ්‍යස්‌ථානයේ නිර්මාතෘ සහ විහාරාධිපති ශාස්‌ත්‍රපති කිරිඳිවෙල සෝමරතන හිමියන් මෙම සිද්ධිය පිළිබඳ මෙසේ අදහස්‌ දක්‌වා සිටියේය.

අපේ නායක හාමුදුරුවන් 1956 ගාල්ලේ සිට පැමිණ නැගෙනහිර පළාතේ බෞද්ධ පුනර්ජීවනය සදහා මහත් මෙහෙයක්‌ සිදු කළා. ඉපැරණි විහාර සහ ජනපදවල නව විහරස්‌ථාන 60 කට අධික සංඛ්‍යාවක්‌ ඉදි කළා. කුල දරුවන් 300 කට අධික ප්‍රමාණයක්‌ සසුන් ගත කළා එදා උතුරු නැගෙනහිර දෙපාළතට භික්‌ෂූන් වහන්සේලාට පිරිවෙනක්‌ තිබ්බේ නැහැ. පොල් අතු මඩුවකින් එදා අම්පාර විද්‍යානන්ද පිරිවෙන ආරම්භ කර අද මේ වන විට එය නැගෙනහිර පළාතේ භික්‌ෂු අධ්‍යාපනයේ කේන්දාස්‌ථානය බවට පත්ව තිබෙනවා.

එදා කොටින් ගම්වලට පැනලා අහිංසක ජනතාව ඝාතනය කරද්දී උන්වහන්සේ එම ජනතාව බේරා ගැන්ම සදහා ආරක්‌ෂක අංශ සමගින් කටයුතු කළා. ඒ නිසා උන් වහන්සේ කොටින්ගේ ඉලක්‌කයක්‌ බවට පත් වුණා. මේ ආකාරයෙන් රට පුරා ධර්ම ප්‍රචාරය කිරීමෙහි නියෑළුණු උන්වහන්සේ එදිනදා ධර්ම ප්‍රචාරයෙහි නියෑළෙන විටදී ලොවම කම්පා කරවමින් ඝාතනය කළා.

ඒ මහා ඛේදවාචකය සිදු වූ ස්‌ථානයේ මේ වන විට අරන්තලා බෞද්ධ මධ්‍යස්‌ථානය යනුවෙන් රමණිය විහාරස්‌ථානයක්‌ කිරිඳිවල සෝමරතන නාහිමියන් විසින් ගොඩ නගා ඇත. එම ඝාතනය සිදුවූ ස්‌ථානයේ එම බස්‌ රථය තුළම මේ වන විට එම සිදුවීම පිළිබිඹු වනසේ නිර්මාණය කර ඇත. බුද්ධගයා බෝ සමිදු අංකුරයක්‌ රෝපණය කරමින් එම පාපතර ක්‍රියාව සිදුවූ බිම පින් බිමක්‌ බවටත් ලොවටම ධර්මය බෙදන බෞද්ධ මධ්‍යස්‌ථානයක්‌ බවටත් පත්ව ඇත.

අරන්තලා බෞද්ධ මධ්‍යස්‌ථානය ගොඩ නගන්න දැඩි අසිරු කරුණක්‌ වූවා. දිනපතා සිය දහස්‌ ගණනක්‌ ජනයා මෙම ස්‌ථානය නරඹන්න පැමිණෙනවා. නමුත් ඔවුනට ජලය නවාතැන් ආදි පහසුකම් සපයන්න ඉතා අපහසු වෙලා තිබෙනවා. ධර්ම ශාලාවේ ඉදි කිරීම් අතර මග නතර වෙලා තිබෙනවා. එහි වහලය සකස්‌ කරන්න නොහැකි වෙලා තියෙනවා. එම නිසා ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙනවා.

අපි වසරක්‌ පාසාම මෙම මහා ඛේදවාචකය සමරා පුන්‍යානුමෝදනා වැඩ සටහන් රැසක්‌ ක්‍රීයාත්මක කරනවා. මෙවරත් භික්‌ෂූන් වහන්සේලා 41 නමක්‌ ලෙයින් තෙත්වුන භික්‌ෂූන් වහන්සේලා 31 ක්‌ නමක්‌ ඝාතනයට ලක්‌කළ ස්‌ථානයේ අපි දිවිපිදූ බොදු පුතුන් සමරමු යනුවෙන් වැඩසටහන් මාලාවක්‌ පැවැත්වීමට කටයුතු සංචිධානය කර තිබෙනවා. හෑගොඩ ඉන්දසාර නාහිමියන් සහ ඝාතණයට ලක්‌වූ හිමිවරුන් ඇතුළු එදා මෙදා තුළ ඝාතණයට ලක්‌වූ හිමිවරුන් සිහිපත් කරමින් මෙම වැඩ සටහන් මාලාව පවත්වනු ලබනවා. ජුනි 02 වැනිද උදෑසන බුද්ධගයා බෝධීන් වහන්සේ අභියස කිරි පුඬු පූජාවක්‌ පවත්වා ගැබිනි මව්වරුන්ට තිලිණ ප්‍රදානයක්‌ සිදු කරනු ලබනවා. පසුව උදෑනස 8.00 ට පිරිත් දේශනාව ආරම්භ කර දහවල් දානමය පිංකම සිදු කරනවා. සවස 4 ට ගුණ සමරු පිංකම ආරම්භ කර හෑගොඩ නාහිමියන්ගේ පිsළිරුව අභියස පුෂ්පෝහාර දැක්‌වීමද රටට ලබා දුන් නිදහස රැක ගැනීමටත් විපත් දුරුවි ජනතාවට සෙත ශාන්තිය උදාවීම සදහාත් දේශය රැකගැනීම සදහාත් අධීෂ්ඨාන පුජාවක්‌ද භික්‌ෂූ ස්‌මාරකය අභියස පැවැත්වෙනවා. නුවරගලතැන්න සහ අරන්තලාව විද්‍යාලවල සිසු දරුවන්ට හට පාසල් උපකරණ ප්‍රදානය කිරීමද සිදුකරන බව කිරිදිවෙල සෝමරතන හිමි පවසා සිටියේය.

සුසන්ත අමර බන්දු - අම්පාර විශේෂ
http://www.divaina.com/2016/06/02/news19.html

Pic1 Source
Pic2 Source

2 comments:

Anonymous said...

පරණ කේස් ම ඇද ඇද හිටපල්ලා ජාතික සමගිය ඇතිකරන්න මොකුත් කරන්න එපා.

Anonymous said...

මූලධර්මවාදියො, බෙදුම්වාදියො උනේ තම්බි, දෙමළ උන් මිසක් සිංහලයො නෙවේ බොලව්. අදටත් ජාතිවාදීන් උන් තමයි. නුවර පාසලේ ගුරුවරු මුස්ලිම් පමණයි කියල අනික් ගුරුවරුන්ට පහර දෙන උන්මත්තක මූලධර්මවාදියො, හැමදා සහනශීලී සිංහලයන්ට ජාතිවාදීන් කියනව. පරයො!