Pages

Friday, August 8, 2014

මා බොදුබල සේනාව හැර ගියේ නැහැ - කිරම විමලජෝති හිමි

බොදුබල සේනා සංවිධානයේ කටයුතුවලට පසුගිය කාලයේ සක්‍රීයව දායක වීමට නොහැකි වූයේ පෞද්ගලික කාරණා කිහිපයක නියෑළී සිටි නිසා මිස සංවිධානය හැර යැම නිසා නොවන බව එම සංවිධානයේ සභාපති නැදිමාල බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානාධිපති පූජ්‍ය කිරම විමලජෝති හිමියෝ ඊයේ (07 වැනිදා) සඳහන් කළහ.

"බෞද්ධ විරෝධී මෙහෙයුමට එරෙහිව නුතන සිංහල භික්‍ෂු වංශයේ පුනාරාගමනය" මැයෙන් බොදුබල සේනා සංවිධානය විසින් සංවිධානය කරන ලද නියෝජිත සමුළුව කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේලන මූලස්‌ථානයේ ඊයේ (7 වැනිදා) පැවති අවස්‌ථාවේ එහි මුලසුන අනුශාසනාව කරමින් උන්වහන්සේ ඒ බව සඳහන් කළහ.

තමන්වහන්සේ විසින් පොළොන්නරුව යුගයේ ටීකා පොත් පාලි භාෂාවට හා සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේ කාර්යයේ නියෑළී සිටීම සහ භාවනා මධ්‍යස්‌ථානයේ කටයුතුවල නිරතවීම හේතුවෙන් ටික කාලයක්‌ සංවිධානයේ කටයුතුවලට එක්‌වීමට නොහැකිවූ බව උන්වහන්සේ කියා සිටියහ.

අලුත්ගම සිද්ධියේදී ඇතැම් මාධ්‍යවේදීන් තමන්වහන්සේ අමතා ප්‍රකාශ කර සිටියේ මෙපමණ ගණනක්‌ මියගිහින්, මෙපමණ ගණනක්‌ තුවාලයි, කඩ සාප්පු විශාල ගණනක්‌ ගිනිතබා ඇතැයි යන සාවද්‍ය තොරතුරු මිස සත්‍ය තොරතුරු නොවන බවත් පූජ්‍ය කිරිම විමලජෝති හිමියෝ පැවසූහ.

රට දැය සමය නොරැකුවහොත් අනාගත පරපුර තමන්වහන්සේලාට සාප කරනු ඇති බවත් සඳහන් කළ උන්වහන්සේ රට ගමන් ගන්නා තත්ත්වයෙන් ගියහොත් තව වසර පනහකදී සිංහල ජාතිය සුළුතරය වනු ඇති බවත් සඳහන් කළහ.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/08/08/news32.html

Pic Source

1 comments:

Anonymous said...

Koyitharam hondata Bavanava upades denawada kiyala hithagatha ehaki. Meyata arannekuth thiyenawalu.