Pages

Wednesday, November 11, 2015

අනුන්ට උපකාර කිරීම - ශ්‍රී ලංකාවට 8 වැනි ස්‌ථානය! මියන්මාරයට පළමු තැන!

අනුන්ට උපකාර කිරීමේ ලෝක දර්ශකයේ පළමු තැන මියන්මාරයට හිමිවී ඇති අතර ශ්‍රී ලංකාවට 8 වැනි ස්‌ථානය හිමිව තිබේ. 

රටවල් 145 යොදාගනිමින් බ්‍රිතාන්‍ය සහන සේවා ආයතනයක්‌ මෙම සමීක්‍ෂණය සිදුකර ඇත.

මෙහි දෙවන ස්‌ථානය ඇමරිකාවටයි. තෙවන ස්‌ථානය නවසීලන්තයට හිමිව ඇත.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට 9 වැනි ස්‌ථානය හිමිව තිබිණි.

චතුර පමුණුව
http://www.divaina.com/2015/11/11/news21.html

Pic Source

ප.ලි.
ස්වභාවික අපදා තත්ත්ව වලදී අප හුදී ජන මනස බොහෝ සංවේදී වන අතර එහිදී, කිසිඳු සංවිධානයක් මැදිහත්වීම්ට ප්‍රථම ගමේ පන්සල මුල්වී අසරණයන්ට උපකාර කිරීමේ ක්‍රමවේදයක් හෙළ ජන මනස තුළ කිඳා බැස ඇත. සුනාමි, ගං වතුර වැනි හදිසි ආපදා තතව වලදී කුසගින්නේ සිට කිසිඳු ලාංකිකයකු මියගොස් නැත. නමුත් මෙහි දෙවනතැන සිටින ඇමරිකාවේ සහ අනෙකුත් බටහිර රටවල එවැනි ස්වභාවික ආපදාවකදී රජය මැදිහත් නොවුනහොත් හැර ප්‍රජාමූල ක්‍රමවේදයක් නොපවතින අතර එවනි හසිදි ආපදා අවස්ථාවක ඇමරිකානුවන් කුසිගින්නේ සිට මියගිය පුවතක් අපි අසා ඇත්තෙමු! පාඨකයෝ ඒ ගැන නිවැරදි තතු දත් නම්, පළකරත්වා!

0 comments: