
1. චාලි හෙබ්දෝ පත්තර කන්තෝරුවට පහර දීම.

2. නගර ද්වාර ප්‍රහාරය (City Gate)
මේ ප්‍රහාරය මෙහෙය වූ ISIS ත්‍රස්‌ත ව්‍යාපාරයේ සාමාජිකයකු වන ප්‍රංශ ජාතික ඇම්ඩී කූලිබලි නමැත්තා 2015 ජනවාරි 09 වැනිදා ගිනි අවි සහිතව පැරිසියේ එක් සීමාවක පිහිටි නගර ද්වාරයක් ආක්‍රමණය කළේය. අත් බෝම්බ තුවක්‌කු, පිස්‌තෝල 10 කට වඩා ඔහු සන්තකයේ තිබිණ. යුදෙව්වන් සිව් දෙනකු ප්‍රාණ ඇපයට ගත් ඔහු අනාගත ඉස්‌ලාමීය රාජ්‍යයට ජය පතා ඔවුන් ඝාතනය කළේය. පසුව පොලිසිය විසින් ඔහු මරණ ලදී.
3. ගෑස් කර්මාන්ත ශාලාවට එල්ල කළ ප්‍රහාරය.
2015 ජුනි 26 වැනිදා මෙය සිදුවිය. අපරාධකරු යසිනි සයිහි නමැති ඉස්‌ලාමීය අන්තවාදියෙකි. තමා සේවය කළ ස්‌ථානයේ ස්‌වාමියා ප්‍රාණ ඇපයට ගත් ඔහු එම පුද්ගලයාගේ හිස ගසා මරා තම වෑන් රිය ගෑස් කම්හලක් තුළට අධි වේගයෙන් ධාවනය කර විශාල අනතුරක් සිදුකළේය. මෙය මරාගෙන මැරෙන මෙහෙයුමකි. එහෙත් අපරාධකරු පමණක් මළේ නැත.
4. විදුලි දුම්රියකට එල්ල කළ ප්‍රහාරය.
බෙල්ජියමේ බ්‍රසල්ස් හරහා නෙදර්ලන්තයේ ඇම්ස්‌ටර් ඩෑම් නගරය දක්‌වා පැරිසියේ සිට ගමන් කරමින් තිබූ දුම්රියක් තුළ 2015 අගෝස්‌තු 21 වැනිදා වෙඩි තැබීමක් ඇති විය. අපරාධකරු ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදියෙකි.
************************
පසුගිය සිකුරාදා ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීන් විසින් ප්‍රංශයේ තැන් හයකට එල්ල කළ ප්‍රහාරයේදී, එම තැන් හයෙන් එකක් වූ ක්‍රීඩාංගණයක් තුළ පැවැත්වුණ පාපන්දු තරගයක් නැරඹීමට ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා ඔලාන්ද් ද පැමිණ සිටියේය. එම ප්‍රහාරයට පැමිණි පැරිස් තුවක්‌කුකරුවෝ ප්‍රංශ ජනාධිපති එම ස්‌ථානයේ සිටින බව දැන සිටියහ. ඒ ප්‍රහාරය පිළිබඳව ප්‍රංශ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ එරට බුද්ධි අංශ වෙත වෙනමද Cභභ පුවත් සේවය වෙනමද පරීක්‍ෂණයක් කළේය. මේ ප්‍රහාරය කෙළින්ම මෙහෙයවා ඇත්තේ සිරියාවේ සිට බවත් ISIS සංවිධානයේ පාලකයා ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය ඉස්‌ලාමීයයකු වූ ජිහාඩි ජෝන් පසුගියදා ඇමරිකාව විසින් සිරියාව තුළදී ඝාතනය කිරීමට පළි ගැනීම සඳහා මේ ප්‍රහාරය එල්ල කළ බවත් කියනු ලැබේ. ප්‍රහාරය එල්ල කළ ඉස්‌ලාමීය තුවක්‌කුකරුවන් කණ්‌ඩායම විසින් අවසන් මෙහොතේදී පරිහරණය කෙරුණු ජංගම දුරකථන කිsහිපයක්‌ද මේ වන විට පොලිසිය භාරයේ ඇත. තමන් කතා කරන දේ බුද්ධි අංශවලට නොදැනෙනු පිණිස ඔවුහු වයිබර් තාක්‍ෂණය යොදාගෙන ඇත්තාහ. ප්‍රහාරයේ ප්‍රධාන අණදෙන නිලධාරියා වූ 26 හැවිරිදි සාලා අබ්දෙස්‌ලාම් සොයා ගැනීමට පොලිසියට තවමත් හැකිව නැත. එහෙත් ඔහු විසින් පරිහරණය කෙරුණු කුලී රථයක් පසුගිය බ්‍රහස්‌පතින්දා (19) සොයා ගනු ලැබීය. අබ්දෙස්‌ලාම් කිසි දිනෙක සිරියාවට ගොස් නැති ප්‍රංශ ඉස්‌ලාමියකු වන නමුත් සිරියානු ISIS ප්‍රධානීන් සමඟ කෙළින්ම ගනුදෙනු කළේය. පැරිසියේ පල්ලි කිහිපයක් පුපුරවා හැරීමට පසුගිය අප්‍රේල් මාසයේදී සැලසුම් කළ (නමුත් ඒවා ව්‍යාර්ථ විය) ෆොබියන් ක්‌ලේන් නමැති ප්‍රංශ ජාතිකයා සමඟ ඔහු අවසන් මොහොතේදීත් දුර කථනයෙන් කතා කර තිබිණි. ක්‌ලේන්, ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදයට ගරු කරන්නෙකි.
මේ ප්‍රහාරය නිසා ISIS ත්‍රස්‌තවාදයට බියෙන් සිරියාවෙන් පැන යුරෝපයට එන ඉස්‌ලාමීය යුද අනාථයන්ට විශාල හානියක් වී ඇත. ඔවුන් අතර ඉස්‌ලාමීය ත්‍රස්‌තයන් සිටිය හැකි බවට ඇති උපකල්පනය එයට හේතුවයි. මේ අතර ISIS ත්‍රස්‌තයන් ඉදිරියේදී තවත් හානි සිදු කරනු ඇතැයි සිතා සිරියාවට පහර දීම නැවැත්වීමට ඇතැම් යුරෝපීය රටවල් කටයුතු කරනු ඇතැයි මතයක් පවතී. එහෙත් රුසියන් අගමැති ඒලැද්මිර් පුතින් පවසන්නේ සිරියාවට දිගටම බෝම්බ දමමින් ISIS ත්‍රස්‌තයන් වාෂ්ප කර දමන බවය.
කෙසේ වුවද 1800 දී නැපෝලියන් හීනෙන් දුටු ප්‍රහාරය 2015 දී ප්‍රංශුවා ඔලාන්දේ ජනාධිපති විසින් හැබැහින් දකිනු ලැබීම දෛවෝපගත සිද්ධියකි. ඉතිහාසය යම් පමණකට පුනරුච්ඡාරණය වීමකි.
අනුර සොලමන්ස්
http://www.divaina.com/2015/11/22/feature06.html
0 comments:
Post a Comment