
"අපි අනුකම්පා විරහිතව ත්‍රස්‌තයන්ට ප්‍රතිචාර දක්‌වන්නෙමු" යෑයි ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හොලන්ෙච් ප්‍රකාශ කර ඇත.
ජෝර්දානයේ සහ එක්‌සත් එමීර් රාජ්‍යයේ පිහිටි ප්‍රංශ ගුවන් කඳවුරුවලින් පිටත් වූ ප්‍රහාරක යානා 10 ක් රක්‌තා නගරයේ පිsහිටි අයිසීස් හමුදා මූලස්‌ථානයට හා පුහුණු කඳවුරුවලට බෝම්බ 20 ක් දමා විනාශ කර ඇත.
මෙම ප්‍රහාර නිසා රක්‌නා නගරයේ විදුලිබල සේවාව සහ ජල සැපයුම් බිඳවැටී තිබේ.
රක්‌තා නගරයේ අයිසිස් ත්‍රස්‌තයන් බෝම්බ ප්‍රහාරවලින් මිදීමට පැන යන බව ද ඒජන්සි වාර්තා කියා සිටී.
මේ අතර මතුවී ඇති බිහිසුණු අනතුර ගැන ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් අතර විනාඩි 30 ක් තිස්‌සේ සාකච්ඡා පවත්වා ඇත.
මෙම පැරිස් ප්‍රහාරයට සම්බන්ධ අබිදෙල්ලාම් යලා නමැති ත්‍රස්‌තයා මෝටර් රථයකින් ප්‍රංශ බෙල්ජියම් දේශසීමාව වෙත පැමිණි අවස්‌ථාවේ ප්‍රංශ පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර මුදාහැර ඇතැයි වාර්තා වේ.
ප්‍රංශ පොලිසිය මෙම ප්‍රහාරයට සම්බන්ධ තිදෙනකු හඳුනාගෙන ඇත.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2015/11/17/news04.html
සබැඳි ලිපි -
[ප්‍රංශ ප්‍රහාරයට පසු පෝලන්තය මුස්ලිම් සංක්‍රමණිකයන්ට දොර වසයිhttp://denethharinna.blogspot.com/2015/11/blog-post_63.html
ප්‍රංශ ISIS ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශයේ ඉස්ලාම් සංක්‍රමණික කදවුරු ගිනිබත් වෙයි!
http://denethharinna.blogspot.com/2015/11/blog-post_74.html
]
0 comments:
Post a Comment