Pages

Monday, November 16, 2015

ත්‍රස්ත උවදුරෙන් රට බේරාගත් ජනපති ත්‍රස්ත ප්‍රහරයට ලක්වූ රටේ ජනපතිට ලියයි! ත්‍රස්‌තවාදය නැති කිරීමට ලෝක ක්‍රියාමාර්ග අවශ්‍යයි...

ත්‍රස්‌තවාදය නැති කිරීමට ලෝක මට්‌ටමින් දැඩි ක්‍රියාමාර්ග අවශ්‍ය බව ප්‍රංශයට එල්ල වූ ත්‍රස්‌තවාදී ප්‍රහාරයෙන් පැහැදිලි වන්නේ යෑයි හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා එරට ජනාධිපති වෙත යෑවූ ලිපියක සඳහන් වෙයි.

එම ලිපියේ මෙසේද සඳහන් කර ඇත.

මිනිසුන් 100 කට වැඩි පිරිසක්‌ මරණයට පත්කරමින් සහ විශාල පිරිසකට තුවාල සිදුකරමින් පැරිස්‌ නගරයේ ත්‍රස්‌තවාදී ප්‍රහාරයක්‌ සිදුවූ බව අසන්නට ලැබීමෙන් මා කම්පනයට ලක්‌වූ අතර එය මට අදහාගැනීමටද අපහසු විය. මේ මොහොතේදී ප්‍රංශ වැසියාව සහමුළින්ම තේරුම්ගත හැක්‌කේ එවැනිම අත්දැකීමක්‌ විඳි පිරිසකට පමණි. දශක 3 කට අධික කාලයක්‌ පුරා ත්‍රස්‌තවාදයෙන් බැට කෑ ජාතියක්‌ වශයෙන් ශ්‍රී ලංකාව, ප්‍රංශයේ සිදුවූ මෙවැනි ආකාරයේ ප්‍රහාරයන් බහුල ලෙස අත්වින්දේය. මේ ත්‍රස්‌තවාදය අවසන් කළ යුතු යෑයි මගේ රජය දැඩි ස්‌ථාවරයක සිටියේ එබැවිනි. 2009 මැයි මස සිට කිසිදු ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ වාර්තා නොවූ මගේ රටේ අද සාමය රජයයි. මෙම ප්‍රහාරයෙන් ජීවිතය හැරගිය අය සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් මගේ හෘදයාංගම ශෝකය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් මාගේ වේදනාව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. 

http://www.divaina.com/2015/11/16/news57.html

සබැඳි ලිපි -
[

ප්‍රංශ ප්‍රහාරයට පසු පෝලන්තය මුස්ලිම් සංක්‍රමණිකයන්ට දොර වසයිhttp://denethharinna.blogspot.com/2015/11/blog-post_63.html
ප්‍රංශ ISIS ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශයේ ඉස්ලාම් සංක්‍රමණික කදවුරු ගිනිබත් වෙයි!
http://denethharinna.blogspot.com/2015/11/blog-post_74.html
]

0 comments: