ඇබ්බැහිය සද්භාවයක් ලෙස යෙදෙන්නේ දුර්ලභවයි. කෙනෙක් සුරාවට ඇබ්බැහි වෙති. අයෙක් දුරාචාරයට ඇබ්බැහි වෙති. සමහරෙක් මිථ්‍යාචාරයේ ඇබ්බැහිව දිවි ගෙවති. ඒ ඇබ්බැහි පිටුදැකිය යුතු අසද්භාවයන් ලෙස ආගම දහමේ උගන්වයි.
සෝමා එදිරිසිංහ මැතිනියටද ඇබ්බැහියක් තිබුණි. එහෙත් එය සද්භාවිතාවේ ඇබ්බැහියකි. ඇය පිනට ඇබ්බැහි වී සිටියාය. බොහෝ දෙනා පින් පවත්වන්නේ පුද්ගල අභිමතාර්ථ සඳහායි. එක්‌කෝ දිව්‍ය ලෝකයේ යාමටය. නැත්නම් භවාන්තර පව් ගෙවා දැමීමටය. සමහරෙක් තත්ත්ව සංකේතයක් ලෙසද, මෝස්‌තරයක් ලෙසද, ව්‍යාපාරික ෙච්තනාවෙන් හා ලාභාපේක්‌ෂාවෙන් ද පින්කමෙහි යෙදී දිවි ගෙවති.
එහෙයින් ඔවුහු පිනට යොමුවන්නේ ජීවිතයේ සන්ධ්‍යා කාලය එළඹෙත්මයි. ඔවුන්ට පින් පොත ඕනෑ වන්නේ ගිලන්ව ඔත්කලටය. වර්ණ දශකයේ, බල දශකයේ සුබාස්‌වාදයේ අනඟ කෙළි නිමවා තබා ගිලන් වූ වෘද්ධ අවධියේ ඔවුහු පින් පොත දිග හැර ගනිති.
එහෙත් සෝමා එදිරිසිංහ මාතාව පිනට යොමුවන්නේ ඇගේ සුන්දර ළමා කාලයේ සිටමයි. ඇය පින මෝස්‌තරයක් ලෙස නොගත්තාය. ඇය පින ජීවන චර්යාවක් කොට ගත්තේ නොකර සිට බැරිකමේ ජීවන ඇබ්බැහියක් ලෙසිනි. එහෙයින් ඇය පිටාර යන "පන් උල්පතක්" යෑයි වරෙක මම ඇගේ මූණට කීවෙමි. ඇය ඒ අන්වර්ථ හැඳින්වීමට ප්‍රිය වූවාය. ඇගේ සිවිල් නාමයට ඉදිරියෙන් ගෞරව නාම බොහොමයක් තිබුණාය. දේශ ශක්‌ති, දේශමානය, ආචාර්ය සෝමා එදිරිසිංහ යෑයි ඇය හඳුන්වනවාට වඩා "පින් උල්පතේ සෝමා අම්මා"යෑයි ඇයව හඳුන්වනවාට ඇය වඩාත් තුටු වූවාය.
ඇයට පින්පෙත්වල නොයෙදී ජීවත්විය නොහැකිව තිබුණාය. එහෙයින් ඇය පිං ව්‍යාපෘති තනා සෙස්‌සන්ව ද ඊට සහභාගි කරවා ගැනීමේ ඇබ්බැහියක තත්පරව සිටියාය. ඉන් ආනිසංස ලැබුවෝ බොහෝ වෙති. සෝමා එදිරිසිංහ සන්ධ්‍යා වයසේදී පින් ඇරඹූ වෘද්ධ මානසික උපාසිකාවක නොවූවාය. එතුමිය නායකත්වය දෙන සමූහ පින් ව්‍යාපෘතිය ආරම්භවන්නේ ඇගේ ජීවිතයේ ස්‌වර්ණමය යුගය එළඹෙත්මයි. එවක ව්‍යාපාරික ලෝකයේ බැබළෙන නමක් දිනා සිටි ඊ. ඒ. පී. එදිරිසිංහ තරුණ මහතා හා විවාහ වී වසරක් ගෙවී යත්ම 1961 දී අනුරාධපුරය දෙගොඩතලා මහා ගංවතුරක් ඇතිවිය. ස්‌වාමියා සම්බන්ධව සිටි චිත්‍රපට ලෝකයේ දිදුලන තාරකාවන්වූ ක්‌ලැරිස්‌ද සිල්වා, විජිත මල්ලිකා සහ ඇන්. ඇම්. පෙරේරා බඳු ජනකාන්තයන් පිරිවරාගෙන ඇය එදා මහ පාරට බැස්‌සේ කැට සල්ලි එකතු කර ආපදාවට ලක්‌වූ සරණාගතයන්ට සුව පහසුව සැලැස්‌වීමටයි. ඉන් ප්‍රාණය ලද ඇය අද දක්‌වාම ක්‍රමිකව වර්ධනය වූ 'ජන සරණ සහ පුනර්ජීව' බඳු අසරණ සරණ පුණ්‍ය ව්‍යාපෘති රැසකට නායකත්වය දී ලක්‍ෂ සංඛ්‍යාත ජනප්‍රජාවකට සත්කාර සලස්‌වා ඇත.
සංහිඳ වැඩිහිටි නිවාසය ඇය ඇගේ නිවසට වඩා ප්‍රිය කළ නිස්‌කාන්සුවකි. 'මහලු මඩම්' යෑයි අපකීර්තියට හා නින්දාවට පාත්‍රව තිබූ වෘද්ධායතන සංකල්පයට සෝමා එදිරිසිංහ මැතිනිය නව හැඩයක් සහ න්‍යායක් ගෙන ආවාය. ඇයටද ඒ නිවස්‌නේ සුළඟ ඖෂධයක් වී තිබුණි. කවදා හෝ තමා පිළිබඳ මතකාගාරය ඉදිකළ යුත්තේ සංහිඳ නිවාසයේ යෑයි ඇය අප සමඟ පවසා සිටියාය. ඇයට මේ වන විට ලැබී තිබූ ජාතික හා ජාත්‍යන්තර සම්මාන පළිහ සියල්ල රැස්‌කර තබන කෞතුකාගාරය කෝට්‌ටේ සංහිඳ නිවාස පියසෙහි ඉදිකරන්න යෑයි ඇය ඉල්ලා සිsටියාය.
මම ස්‌වර්ණවාහිනී නාලිකාවේ නිර්මාණ අධ්‍යක්‍ෂ ධුරය හොබවමින් සහශ්‍රකයේ සිට වසර දහයක් කල් සේවය කෙරුවෙමි. ඒ වනාහී පුද්ගලික නාලිකා ආරම්භ වී ලංකාවේ ජාතික මනස පුද්ගලීකරණය කරන්නට න්‍යාය විරෝධී ක්‍රියාවලියක් ආරම්භ කළ කාලයයි. පුද්ගලික නාලිකාවන්ට කොන්දේසි විරහිතවම ජාතික වායුගෝලය මුදාහැර තිබුණි. 'සහශ්‍රකය ආවෝය, 'විශ්ව ගම්මානය පෑදුනෝය' ය, 'දැන් කොල්ලන්නේ සෙල්ලම් කාලය' යි කියා පුද්ගලික හා රාජ්‍ය නාලිකා වකුටු වූ ඇමරිකානු සිවිල් සිතිවිල්ලකින් 'මාධ්‍ය සදාචාරය' අතට ගත්තා පමණි.
ගරු සෝමා එදිරිසිංහගේ පැසුණු ජාතික මනසින් යුතු සභාපතිත්වය හමුවේ යෑංකි ඇමරිකානුවාදයට ස්‌වර්ණවාහිනී ගේට්‌ටුව ඇරුණේ නැත. මා විසින් ඉදිරිපත් කෙරුණු 'මහා සිංහලේ වංස කතාව' 'හපන් පැදුර', 'යෙහෙළි', 'ගඟ දිගේ', 'සලං හන්තේ', වැනි යෝජනා එදා වෙළෙඳපොළ බලවේග සමඟ පොරබදිද්දී මට හව්හරණ වුණේ ගරු සෝමා එදිරිසිංහ මැතිනියගේ සිවිල් ජන මනසේ පරිපාලන ව්‍යqහයයි.
වර්තමාන සිංහල සිනමා කර්මාන්තය වනාහී එහි අභාග්‍ය සම්පන්නම කාලය ගෙවා දමමින් සිටී. මේ කර්මාන්තයේ ඇද වැටීමට බලපෑ දීර්ඝ කාලීSන අවගුණ රැසක් අතර ඇති ප්‍රධාන දුබලතාවක් නම් චිත්‍රපට නිෂ්පාදකයාගේ ක්‍ෂයවී යැම යෑයි මම විශ්වාස කරමි. ගරු සෝමා එදිරිසිංහ මැතිනියගේ අභාවය වනාහී වර්තමාන සිංහල සිනමා කර්මාන්තයේ සිටි පතාක නිෂ්පාදකයාගේ ඇදවැටීමේ දුක්‌ඛදායී සංකේතය යෑයි මට හැඟී යැම අරුමයක් නොවේ.
තම ස්‌වාමියා ආරම්භ කරන චිත්‍රපට නිෂ්පාදනය ක්‍රියාදාමය ගරු සෝමා එදිරිසිංහ මැතිනිය සියතට ගන්නේ 1995 වසරේ එච්.ඩී. ප්‍රේමරත්න අධ්‍යක්‍ෂණය කරන 'සෙයිලම' නම් සම්භාවනීය චිත්‍රපට නිෂ්පාදනය කරමින්ය. ඊ. ඒ. පී. චිත්‍රපට නිෂ්පාදන 27 න් 18 ක්‌ම එතැන් සිට ඇරඹෙන ඇගේ නිෂ්පාදන කාර්යයට ඇතුළත් වී ඇත. ඇය අභාවප්‍රාප්ත වන්නට මාසයකට දෙකකට පෙර අගනුවර සුලෙයිමාන් ටෙරසයේ පිහිටි ඇගේ නිවසේදී තවත් චිත්‍රපට නිෂ්පාදනයක් සඳහා එතුමිය මූලික සාකච්ඡාවක් පැවැත්වූ බව කිසිදු මාධ්‍යයක වාර්තා වූයේ නැත. එහෙත් ඇය ජයන්ත චන්ද්‍රසිරි නම් කෘතහස්‌ත සිනමා අධ්‍යක්‍ෂවරයා කැඳවා මූලික සාකච්ඡාවක් පවත්වා තිබුණි.
සෝමා එදිරිසිංහ නම් චිත්‍රපට නිෂ්පාදිකාවගේ චිත්‍රපට තෝරා ගැනීමට තේමාවක් තිබුණි. මා මේ තේමාව හඳුනාගන්නේ ජනප්‍රිය සිනමාව ගුණාත්මක කිරීමේ ව්‍යාපෘතිය හෙවත් සුභාවිත සිනමාව කියායි. ගුණාත්මක සිනමාව ජනප්‍රිය නොවිය යුතුයි. ජනප්‍රිය සිනමාව ගුණාත්මක නොවිය යුතු යෑයි මිථ්‍යාචාරයක් අපේ විමසුමෙහි තැවරී තිබුණි. ඒ අනුව වාණිජ මාවත හා සම්භාව්‍ය මාවත කියා පැහැදිලි මාවත් දෙකකට සිනමාව බෙදා ඉරි අඳින්නට තරම් අපේ සිනමා විමසුම බොළඳ වී තිබුණි.
එහෙයින් එච්.ඩී. ප්‍රේමරත්න බඳු සුභාවිත සිනමාකරුවන්ට මේ මාවත් දෙකෙහිම නොරඳවා 'මැද මාවත' කියා මායාවක රඳවන්නට අපේ සිනමා විමසුම් කරුවෝ උපක්‍රමශීලී වූහ.
සෝමා එදිරිසිංහගේ සිනමා තේමාව වැටී තිබුණේ මේ මැද මාවතේ සිනමාකරුවා සමඟයි. එච්. ඩී. ප්‍රේමරත්නයෝ සෙයිලම, විසිදැල හා කිණිහිරියා මල් යන සිනමා ත්‍රිත්වයම නිෂ්පාදනය කළේ සෝමා එදිරිසිංහගේ නිෂ්පාදන තෝරාගැනීම යටතේය. එපමණක් නොව වසන්ත ඔබේසේකර, උදයකාන්ත වර්ණසූරිය සහ ප්‍රසන්න විතානගේ ඇගේ නිෂ්පාදන ආරාධනා ලද ඊළඟ පරපුරේ සුභාවික සිනමාකරුවෝය. මට සිදුවීමක් මතක් වෙයි. මට සෝමා එදිරිසිංහ මැතිනියගෙන් කැඳවීමක් තිබිණි. මම වහා ඇය හමුවුණෙමි. ඇය මට චිත්‍රපටයක් සඳහා ආරාධනාවක් කළාය. සුභාවික සිනමාව විශ්වාස කරන මම වහා ඒ ආරාධනාවට අවධානය යොමු කළෙමි.
"මම ඔයාට දෙනවා තේමාවක්. එහෙම වැඩ කරන්න කැමැතිද?" මම උනන්දුවෙන් අසා සිටියෙමි.
'අපි චිත්‍රපටයක් හදමු අනගාරික ධර්මපාලතුමා ගැන. මම එතුමන්ගෙ ජීවිත කතාවට කැමැතියි.'
මම පස්‌වනක් ප්‍රීතියෙන් පිනා යැම පසකට තබා ඇය පිළිබඳ ගෞරවනීය විශ්මයක් ඇතිකර ගත්තෙමි.
'මම ඔබතුමීට ගෞරව කරන්නෙ ඒ නිසානෙ. බලන්න ඔබතුමීගෙ කල්පනා මොනතරම් සමාජශීලීද? මොන තරම් කාලීනද?"
'එහෙනම් පටන් ගනිමු. පිටපත ලියන්න කොයි තරම් කාලයක් ඕනිද?"
"පුළුවන්තරම් ඉක්‌මන් කරන්න බලන්නම්. කොහොමත් මාස පහ හයක් යයි." ඇය එකඟතාවකට පත්වූවාය. එතැන් සිට අනගාරික ධර්මපාලතුමා පිළිබඳ මා තුළ තිබූ සමාජ විද්‍යාත්මක හැදෑරීම් පිළිබඳ මම ඇය සමඟ කතා කෙරුවෙමි. අප වෙන් වෙන්නට මත්තෙන් එතුමිය මට තවත් යෝජනාවක් කළාය.
"අපි දෙන්නා මේ චිත්‍රපටය හදනවා කියලා මම පත්තරේට කියන්නද? නැතිනම් ඊට කලින් කවුරු හරි පටන් ගනීවි." මම කිසිත් නොකියා ඇයව දෙස බලා සිටියෙමි. පෙරහරට කලින් අඬබෙරකරුවා යෑවිය යුතු බව සැබෑය. එහෙත් තවම පෙරහැර සූදානම්වීත් නැත. මේ ආගමානුකූල දේශපාලන සිද්ධිදාමය ආකර්ෂණීය තිර පිටපතක් බවට පත්වෙනතුරු අඬබෙරකරුවා පමා කළ යුතු යෑයි මගේ සිත හටගත් සිතුවිල්ල ඇයට තේරුම් ගියාය.
"හරි හරි ඔයා වැඩේ පටන් ගන්නකෝ" කියා ඇය මට සමුදුන්නාය. මම වහ වහා කටයුත්තේ නියෑළුණෙමි. අනගාරික ධර්මපාල ජීවන වෘත්තය කිහිපාකාරයකින්ම යළි කියවා, ගුණදාස අමරසේකරයන්ගෙන් ඇරඹුණු ධර්මපාල සමාජ විචාරයද යළි අවුස්‌සා මාසයකට අඩු කාලයකින් ඇයට කතාකොට මා පිටපත ලිවීමට සූදානම් යෑයි දැනුම් දුන්නෙමි.
එහෙත් ඊළඟ මාසයේ පළමුවැනි සරසවිය පුවත්පතේ ප්‍රවෘත්තියක් පළවී තිබුණි. වෙනත් නිෂ්පාදකයෙක් සහ වෙනත් අධ්‍යක්‍ෂවරයෙක් අනගාරික ධර්මපාල පිළිබඳ චිත්‍රපටයකට අතගසා ඇති බවය.
මට සෝමා එදිරිසිංහ මැතිනියගේ අන්තිම ඉල්ලීම සිහියට ආවේය. ඇය මේ සිනමාවේ කොයිතරම් ප්‍රායෝගිකදැයි මට ඒ වෙලාවේ සිතුණි. පෙරහර සූදානම් වෙන්නට පෙරම අඬබෙරකරුවා යෑවිය යුතු යුගයක අප ජීවත්වෙන බව එතුමිය එදා මට කියා දුන්නාය.
http://www.divaina.com/2015/11/08/feature27.html

0 comments:
Post a Comment