Pages

Monday, November 30, 2015

ඩබික්‌ සඟරාව හෙළි කරන පවුල් පිටින් ISIS ගිය ගලේවෙල සයිලානිගේ කතාව

ඩබීක්‌ යනු සිරියාවේ නගරයකි. 1516 දී මෙම නගරය ඔටොමාන්වරු අතට පත්විය. මල්මුක්‌වරු පරාජය කර මේ නගරය දිනාගත් ඔටොමාන්වරු අවසන් ඉස්‌ලාමික රාජ්‍ය ප්‍රකාශයට පත් කරන ලද්දේ ඩබීක්‌ ප්‍රධාන කරගෙනයි. වර්තමානයේ අයිසිස්‌ සංවිධානය ප්‍රකාශයට පත් කරන ඉංග්‍රීසි සඟරාවේ නාමය වන්නේද ඩබීක්‌ වේ. මීට වසරකට පමණ පෙර ප්‍රකාශයට පත්වූ ඩබීක්‌ සඟරාවේ හතරවැනි කලාපයේ ප්‍රධානම ලිපිය වූයේ ඔයෑ Faසකැd Cරමිade යන්නයි. එම සඟරාවේ මුල් පිටුවේ ඡායාරූපය වූයේ වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රය...

මඟහැර යැමෙන් මේ ආශ්‍රව යන් ද දුරු කළ හැකිය... මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නපුරු සතුන් මඟහැර යන්න කියලා. පිංවත් ඔබ සිතන්න. නපුරු බල්ලෙක්‌ සිටිනවා, බුදුරජාණන් වහන්සේ දේශනාකරන්නේ නපුරු බල්ලා මඟහැර යන්න කියලා. ඔබ නපුරු බල්ලා ඉදිරියට ගියොත් ඒ බල්ලා ඔබව සපාකන්න පුළුවන්. සමහර විට ඒ නපුරු බල්ලා ඔබව දැකල දුවන්න පුළුවන්. නපුරු බල්ලා ඔබව දැකල දුවන විට ඔබ තුළ නැති ආශ්‍රවයන් ඇතිවෙනවා. මගේ ශීලයට, මගේ සමාධිය නිසයි නපුරු බල්ලා කරදරයක්‌ නොකර දිවගියේ කියල. ඔබ තුළ මමත්වයේ දැඩිභාවය වර්ධනය කරගන්න ඉහත කාරණා හේතුවෙනවා.  දිනක්‌...

ටොලමිට තේරෙන අපට නොතේරෙන නාගදීප සත්‍යය

නාගදීපය කිසියම් අර්බුදයකට තුඩු දී ඇති බව පෙනෙයි. එහි නම නයිනතිවු ලෙස වෙනස්‌ කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී කෙනෙකු වූද නැසීගිය වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඥාතියකු වූද, එම්. කේ. ශිවාජිලිංගම් පවසා තිබේ. ඒ අතර එකී සන්ධානයේම හිටපු නායක සහ ත්‍රිකුණාමලේ පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් පවසන්නේ නාගදීබය ඒ නමින්ම තිබිය යුතු බවත් එය නයිනතිවු ලෙස වෙනස්‌ කිරීමට තමා විරුද්ධ බවත් ය. වසර 2015 ගැසට්‌ පත්‍රයේ දෙමළ පරිවර්තනය මගින් නාගදීපය හඳුන්වා...

Friday, November 27, 2015

දෙමළ බහුතරය නිසා සිංහල දිසාපති වවුනියාවට එපාලු. මෙහෙ සිංහල බහුතර නිසා සියළු දෙමළ නිලධාරීනුත් එපාද? පොන්නම්බලම්ලාගේ සිට සිවාජිලින්ගම්ලා දක්වා දිගෑදෙන සැබෑ ජාතිවාදයේ සදාතනික සත්‍ය

වවුනියාවේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්‌ හා උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ 25 දා කළ සාකච්ඡාවකදී තීරණය කොට තිබුණේ වවුනියාවට අලුතෙන් පත්කළ දිසාපතිවරයාගේ පත්වීම දෙමළ ජාතික සන්ධානය පිළිනොගන්නා බවයි. බහුතරයක්‌ දෙමළ වැසියන් වෙසෙන පළාතකට සිංහල ජාතිකයකු දිසාපතිවරයා වශයෙන් පත්කිරීමේදී දෙමළ ජනතාවගේ ප්‍රශ්න හා ගැටලු ඔහුට තේරුම් ගැනීමට නොහැකි නිසා දෙමළ ජනතාවට විශාල අසාධාරණයක්‌ සිදුවන බව දෙමළ ජාතික සන්ධානය පෙන්වා දී තිබේ. උතුරු...

Monday, November 23, 2015

භික්‍ෂු භූමිකාව කුමක්‌ විය යුතුද?

කවරම හෝ වර්තමාන කාර්යභාරයක්‌ ගැන කරුණු විමසා බැලීමේදී අතීතයට යොමු වී අතීත ක්‍රියාකාරකම් අනුව වර්තමාන ක්‍රියාකාරකම් කවරේදැයි තීරණය කළ යුතුය. ඒ අනුව පළමු කොටම සිංහල භික්‍ෂුවගේ අතීත කාර්යභාරය විමසා බැලිය යුතුය.  ක්‍රි. පූ. 3 වැනි සියවසෙහි දෙවන පෑතිස්‌ රජු දවස මිහිඳු මහ රහතන් වහන්සේ විසින් බුදු දහම අපට හඳුන්වා දෙන ලද බව ඓතිහාසික සත්‍යයකි. තුනුරුවන් පිළිගෙන බුදු දහමට අනුව කටයුතු කරගෙන යද්දී දිනක්‌ දෙවන පෑතිස්‌ රජතුමා "ස්‌වාමීනී, දැන් මගේ රටෙහි...

Sunday, November 22, 2015

එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස්‌ කිරීමට පෙර හිතන්න!

පසුගිය බ්‍රහස්‌පතින්දා (19 දා) රාවණා බලය සංවිධානයේ භික්‍ෂූන් වහන්සේ පිරිසක්‌ ජනාධිපතිවරයාට විශේෂ සංදේශයක්‌ බාරදී තිබිණි. ඒ, බන්ධනාගාර ගතව සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස්‌ නොකර ඔවුනට එරෙහිව නඩු පවරන්නැයි කියමිනි. රාවණා බලයේ භික්‍ෂූන් වහන්සේ පිරිස මේ සංදේශය භාරදීමට පෙර සිටම මේ පිළිබඳව විවිධ කතාබහ සමාජයේ මතුව තිබිණි. මේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් පිළිබඳව එවැනි අර්බුදයක්‌ පැන නැගෙන්නේ ඔවුන් නිදහස්‌ කිරීමට ගත් තීරණයත් සමඟය. එහෙත් එය එතරම්ම ප්‍රායෝගික...

පැල් බැඳගෙන වැහැපු මොකක්‌ද මේ මැඩන්-ජුලියන් දෝලනය?

මේ දිනවල ශ්‍රී ලංකාවටත්, ඉන්දියානු සාගර ප්‍රදේශයටත් බල පැවැත්වෙන අධික වැසි තත්ත්වය හා කාලගුණ විපර්යාසය පිළිබඳව යමක්‌ පැවසීම වැදගත්ය. ඊට අඩිතාලම වැටුණේ පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් හා සිදුකරන ලද දුරකථන සංවාද සහ ඔවුන් විසින් වසරක්‌ පාසා පවත්වනු ලබන "මෝසම් කතිකාවත" ට එක්‌වීමෙන් ලද තොරතුරු නිසාය.  මෙම "මෝසම් කතිකාවත" 12 වැනි වරටත් පසුගිය 19 දා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි....

ජනප්‍රිය භික්‍ෂුන් වහන්සේ හදිසියේ අපවත් වන අබිරහස

තමන් වහන්සේ ලෝකවාසී ජනතාවට වදාළ බුදු දහම මතු දවසක චිරාත් කාලයක්‌ චිරස්‌ථිතව පවතින්නේ ශ්‍රී ලංකාවේ බව බුදුන් වහන්සේ අනාගතය දෙස බලා කළ හෙළිදරව්ව වඩාත් සපථ කරන්නට ලක්‌ දෙරණෙහි උපත ලැබ පැවිදි දිවියට පත්ව බුද්ධ පුත්‍රයන් බවට පත්වූ භික්‍ෂුන් වහන්සේ අතිමහත් කැපවීමක්‌ සිදු කරති. එම කැපවීම නිසාම බුදුන් වහන්සේ පිරිනිවන් පා වසර දෙදහස්‌ පන්සියයකට අධික කාලයක්‌ ගත වුවද නිර්මල බුදු දහම තවමත් ශ්‍රී ලංකාවේ සුරක්‍ෂිතව පවතී. මෙලෙස බුදු දහම සුරක්‍ෂිතව පවත්වා ගෙන එන්නට...

ලක්‌ මාතාව විළියෙන් ඇඹරෙද්දී ජාතික ආරක්‍ෂාවේ ඇඳුම් ගලවා බැලීම

දැන් ගෙවී යමින් තිබෙන්නේ භිහිසුණු ත්‍රස්‌තවාදී ප්‍රහාරයක්‌ හමුවේ ප්‍රංශයේ ජනතාව භීතියෙන් මුසපත්ව සිටියදී ප්‍රංශ රජය සිරියානු අයිඑස්‌ රාජ්‍යයට බෝම්බ වැසි වස්‌සවන මොහොතකි. එහෙත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් මෙහිදී ප්‍රංශයට කියන්නට අපට කතාවක්‌ ඇත. ඒ අයිඑස්‌ ත්‍රස්‌තයන්ට ගහන්නට ගොස්‌ ඇන ගන්නේ නැතිව වහාම උන් සමග සාකච්ඡා කර ප්‍රශ්නය ගොඩින් බේරා ගනිල්ලායි කියාය. මන්ද තිස්‌ වසරක්‌ පුරා මේ රටට ශාපයක්‌ වූ එල්ටීටීඊය සමග යුද වදිද්දී ශ්‍රී ලංකාවට පැමිණි එවකට ප්‍රංශයේ...

අරුවක්‌කාලු ප්‍රාග් ඓතිහාසික බිමට කුණු පුරවන උරුමය වළ දමන අමනයෝ

ලෝක ඉතිහාසය තුළ තම අනන්‍යතාව තහවුරු කෙරෙන සාක්‍ෂි තරම් රටකට, ජාතියකට වැදගත් වෙනත් යමක්‌ නොමැත. ලෝක නායකයෝ තම රටවල අනන්‍යතාව තහවුරු කෙරෙන සාක්‍ෂි පරම පූජනීයත්වයෙන් සුරක්‍ෂිත කරන්නේ ඒ නිසාය. එහෙත් අපේ දේශපාලකයෝ රටේත් ජාතියේත් ඒ හැඳුනුම්පතට කුණු පුරවති. විකුණති, මුදල් ගරති. අපේ උරුමය ලොවට කියාපාන අරුවක්‌කාලු ප්‍රාග් ඓතිහාසික බිමට කුණු පුරවන මේ අඳබාලයන් පිළිබඳ ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් අවධානය යොමු කොට එය වහාම නතර කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ...

මග හැරිය යුතු දේ මග නොහැරියහොත්... මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයට අදාළව මගහැර යැමෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන් ගැන දේශනා කරනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ස්‌ත්‍රීන් ගැවසෙන තැන්, නපුංසකයන් ගැවසෙන තැන්, කාමච්ජන්දයන් වැඩෙන තැන් මගහැර යන්නය කියලා. නපුරු සතුන් මගහැර යන්නය කියලා. හෙළ, ප්‍රපාත, අසුචි වළවල්, මඩ ගොහොරු, කටුපඳුරු මගහැර යන්නය කියලා. පිංවත් ඔබ අකමැති කථා, අකමැති වචන, අකමැති හැසිරීම් ඇති තැන් මග හැර යන්නය කියලා. මේවා ධර්මානුකූලව දැකීමට ඔබ අදක්‍ෂ නම්, මේවා හේතුවෙන් ඔබ...