Pages

Sunday, November 15, 2015

ප්‍රංශ ISIS ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශයේ ඉස්ලාම් සංක්‍රමණික කදවුරු ගිනිබත් වෙයි!

Calais-Jungle-migrant-camp-fire-619361ප්‍රංශයේ පැරිස් නුවරදී එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර මාළාවෙන් පසුව බ්‍රිතාන්‍යයට සමීප ප්‍රංශයේ උතුරුදිග වෙරළේ පිහිටි Calais වරාය නගරය අසල වනාන්තර ප්‍රෙද්ශයේ පිහිටි අනවසර ඉස්ලාම් සංක්‍රමණික කදවුරු ගිනි තබා තිබෙන බව විදෙස් මාධ්‍ය වර්තා සදහන් කරයි.

Calais හී මෙම අනවසර කදවුරුවල 6000කට වැඩි පිරිසක් රැදී සිටින බවත් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වීම සදහා එම පිරිස එහි රැදී සිට ඇති බවත් වාර්තා වේ. මේ වන විට එම ප්‍ර දේශයේ දැඩි ගැටුම්කාරී තත්වයක් හටගෙන ඇති අතර මෙම අනවසර සංක්‍රමණිකයන් පාලනය කිරීමට එරට රජය ක්‍රියා නොකළ බවත් එහි වැසියන් චෝදනා කරයි.

ඉස්ලාමීය අන්තවාදීන් විසින් ප්‍රංශය ආපස්සට ඇදගෙන යමින් සිටින බවත් මෙම අනවසර සංක්‍රමණික අවදානම ඉදිරියේදී ගරිල්ලා යුධ තත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත් එහි වෙසෙන ප්‍රංශ ජාතිකයන් ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා දක්වනවා.

එමෙන්ම ප්‍රහාරයට සහභාගී වූ ත්‍රස්තවාදීන් “අල්ලාහ් අක්බර්” කියමින් කෑ ගසා ඇති බව පවසන විදෙස් මාධ්‍ය අදාල ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබෙන බවද වාර්තා කර තිබේ. ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදියෙකුගේ මළ සිරුර අසල තිබූ සිරියානු ගමන් බපත්‍රයක් හමුවී ඇති බවද වාර්තා වෙනවා.

ප්‍රංශය යුරෝපයේ වැඩිම ඉස්ලාමීය ජනගහනයක් වෙසෙන රට බව සදහන් වෙනවා. එම ප්‍රමාණය මිලියන 4.7 ක් බවයි පැවසෙන්නේ. ස්වදේශික ප්‍රංශ ජාතිකයන්ට වඩා ඉස්ලාම් ජනගහන ව්‍යාප්තික වේගයේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර එම පිරිස සාමකාමී ප්‍රංශයේ මෙන්ම යුරෝපයේ ද අනාගත ඉරණම තීරණය කරනු ඇති බවයි විචාරකයන් පවසන්නේ.

Colombo Today

පැරිස් නුවරට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් – ප්‍රංශයේ හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

බෙල්ජියම විසින් බෙල්ජියම් ප්‍රංශ දේශසීමාවේ ආරක්ෂාව වැඩි කෙරේ. මියගිය ත්‍රස්තවාදීන් ගණන 5 දක්වා ඉහලට. 

“We wanted to be here among all those who saw these atrocious things, to say that we are going to fight and our fight will be merciless, because these terrorists that are capable of such atrocities need to know that they will be confronted by a France that is determined, unified and pulled together and a France that will not let itself be overawed even if today it is expressing an infinite amount of emotion at this drama and this tragedy, which was an abomination and a barbaric act.”

ප්‍රංශ ජනාධිපති සිද්දියවූ ස්ථානයට. ත්‍රස්තවාදීන් තිදෙනෙකු ආරක්ෂක අංශ ප්‍රහාරවලින් මරුට. මියගිය ගණන 140 දක්වා ඉහලට. 1500 ක හමුදා බලකායක්

ප්‍රංශයේ පැරිස් නුවරට මේ වනවිට අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක් ප්‍රහාර එල්ල කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මරාගෙන මැරෙන ප්‍රහාර දෙකක් සහ එක් බෝම්බයක් පුපුරාගොස් ඇති තවමත් වෙඩි තැබිම් සිදුවෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ. මේ වනවිට 100 කට අධික මළසිරුරු ප්‍රමාණයක් ප්‍රංශ පොලිසිය සොයාගෙන ඇති අතර මියගිය ගණන විශාල ප්‍රමාණයකින් ඉහල යා හැකි බවයි වාර්තා වන්නේ.

Colombo Today

0 comments: