Pages

Tuesday, November 10, 2015

ශ්‍රී ලාංකික වෛද්‍යවරයකුගෙන් ලියුකේමියා සුවකරන ප්‍රතිකාරයක්‌

ලියුකේමියා රෝගය සුව කිරීම සඳහා නව ප්‍රතිකාර ක්‍රමයක්‌ සොයාගත් ලාංකික වෛද්‍යවරයකු පිළිබඳව තොරතුරු බී. බී. සී. වෙබ් අඩවිය මගින් වාර්තා කර ඇත.

සුජිත් සමරසිංහ නමැති මේ වෛද්‍යවරයා ඇතුළු කණ්‌ඩායමක්‌ විසින් සිදුකළ ප්‍රතිකාර නිසා ලෝකයේ පළමු වරට සුවකළ නොහැකි ලියුකේමියා රෝගයකින් පෙළුණු අවුරුද්දක්‌ වයසැති දැරියක්‌ සුවය ලබා ඇත.

ලන්ඩනයේ ග්‍රේට්‌ ඩර්මනට්‌ ස්‌ට්‍රීම් රෝහලේ මේ දැරිය ප්‍රතිකාර ලබා ඇත.

ලයිලා නමැති මේ දැරියට පරිත්‍යාග කරන්නකුගෙන් සුදු රුධිර සෛල ගෙන එය විද්‍යාගාරය තුළ නවීකරණයට ලක්‌කර ලියුකේමියා සෛල විනාශ කළ හැකි විශේෂ ජාන විශේෂයක්‌ තමා ඇයට එන්නත් කළ බව වෛද්‍ය සමරසිංහ මහතා කීය. මේ ප්‍රතිකාර ක්‍රමය ළමුන්ට පමණක්‌ නොව වැඩිහිටියන් සඳහා ද යොදාගත හැකි බව වෛද්‍ය සුජීත් සමරසිංහ මහතා කීය.

ලයිලා ඉපදී මා තුනේදී ඇය ලියුකේමියා රෝගයෙන් පෙළෙන බව සොයාගෙන ඇත.

චතුර පමුණුව
http://www.divaina.com/2015/11/09/news04.html

0 comments: