Pages

Friday, November 27, 2015

දෙමළ බහුතරය නිසා සිංහල දිසාපති වවුනියාවට එපාලු. මෙහෙ සිංහල බහුතර නිසා සියළු දෙමළ නිලධාරීනුත් එපාද? පොන්නම්බලම්ලාගේ සිට සිවාජිලින්ගම්ලා දක්වා දිගෑදෙන සැබෑ ජාතිවාදයේ සදාතනික සත්‍ය

වවුනියාවේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්‌ හා උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ 25 දා කළ සාකච්ඡාවකදී තීරණය කොට තිබුණේ වවුනියාවට අලුතෙන් පත්කළ දිසාපතිවරයාගේ පත්වීම දෙමළ ජාතික සන්ධානය පිළිනොගන්නා බවයි.

බහුතරයක්‌ දෙමළ වැසියන් වෙසෙන පළාතකට සිංහල ජාතිකයකු දිසාපතිවරයා වශයෙන් පත්කිරීමේදී දෙමළ ජනතාවගේ ප්‍රශ්න හා ගැටලු ඔහුට තේරුම් ගැනීමට නොහැකි නිසා දෙමළ ජනතාවට විශාල අසාධාරණයක්‌ සිදුවන බව දෙමළ ජාතික සන්ධානය පෙන්වා දී තිබේ.

උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී. සත්‍යලිංගම් පැවසුවේ කලින් වවුනියාවේ දිසාපතිවරයා ජනතාවට සේවය නොකළ නිසා ඔහුව මාරුකොට යවන මෙන් උතුරු පළාත් සභාව යෝජනාවක්‌ ද සම්මත කළ බවයි. පසුව අග්‍රාමාත්‍යවරයාට හා ජනාධිපතිවරයාට ද මේ අසාධාරණය සැලකළ බව ඔහු පැවසීය.

නමුත් අලුතින් පත්කළ දිසාපතිවරයා ද සිංහල ජාතිකයකු වීම නිසා දෙමළ ජාතික සන්ධානය රජයෙන් කළ ඉල්ලීම රජය ගණන් නොගෙන ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

වවුනියාව දිසාපතිවරයා වශයෙන් කටයුතු කළ බන්ධුල හරිශ්චන්ද්‍ර රත්නපුරයට මාරුකොට යවා ඇති අතර වවුනියාවේ නව දිසාපතිවරයා වශයෙන් පත්කොට ඇත්තේ හිටපු බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් රෝහණ පුෂ්පකුමාරයි.

මේ නව පත්කිරීම තමන්ට පිළිගත නොහැකි නිසා ඒ වෙනුවෙන් රජය යළි දැනුවත් කොට දෙමළ ජනතාවට යම් සාධාරණයක්‌ ඉෂ්ට කර ගැනීමට ක්‍රියාමාර්ගයන් රැසක්‌ ගැනීමට වවුනියාවේදී පැවැති සාකච්ඡාවේදී තීරණය කොට තිබේ.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2015/11/27/news26.html

Pic Source

සබැඳි ලිපි -
[
සිංහලයා ජාතිවාදියෙක්ද?
]

3 comments:

Anonymous said...

නිකම් බොරු එපා මේ සයිට් එක කරන යහපාලනේට කඩේ ගිය එවුනුත් මේකට වග කියන්න ඕනේ.

Anonymous said...

True! This site is run by Champuka and Athana Methana Ratana. The damage is done and there is no escape now. Tamil Eelam is the final outcome now!

දෙනෙත් හරින්න ! said...

එකෙකුටවත් කඩේ යන්නැතුව හරි දේට හරි කියපල්ලා, වැරදි දේට වැරදියි කියපල්ලා, සත්‍ය වෙනුවෙන් හඬ නගපල්ලා. මොකා වැරදි කලත් වැරැද්ද වැරැද්ද විදියට දැකපල්ලා.

ආයුබෝවන්! කාටවත් රිදවීමට නොව, රිදෙන අය වෙනුවෙන් ඇත්ත කීමට... රට, දැය, සමය වෙනුවෙන්, බැඳෙන්න අප සමඟ! - දෙනෙත් හරින්න ! -