Pages

Wednesday, December 30, 2015

අන්තවාදී මත වපුරන කල්ලි 15 ක්‌ ක්‍රියාත්මකයි - ඥනසාර හිමි

අන්තවාදී වහාබ් සලාෆි මතවාද පැතිරවීමේ රාජ්‍ය නොවන සංවිධාන සහ තවත් සංවිධාන පහළොවක්‌ (15) ක්‌ මෙරට ක්‍රියාත්මක බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (29 වැනිදා) සඳහන් කළහ. මෙම සංවිධාන රට පුරා ක්‍රියාත්මක බවත් උන්වහන්සේ කියා සිටියහ. මෙම මතවාදය පතුරුවන රාජ්‍ය නොවන සංවිධාන වන්නේ ෂෂRධ ෂRධ අල්ජිබාබ්, මුස්‌ලිමාත්, මුස්‌ලිම් ඒඩ්, උAඵශ නීඩා, හීරා ඵFCD සෙරන්ඩිබ් වන බවත් පැවසූ උන්වහන්සේ ශ්‍රී ලංකා තවුහිදී ජමාද්...

බ්‍රහ්මීය අක්‍ෂර කෙටූ පෞරාණික ගල් කණු පිටතට ඇදලා. මිහින්තලා උරුමය නිදන් හොරුන් වනසනවා...

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයට අයත් අක්‌කර 582 ක ප්‍රමාණයකින් යුත් පුදබිම නිදන් හොරුන් විසින් විනාශ කරමින් සිටින බව පසුගිය දිනෙක වාර්තාවී තිබිණි. මිහින්තලා පුදබිම මිහිඳු මාහිමිපාණන් ප්‍රමුඛ මහරහතන් වහන්සේලාගේ පාදස්‌පර්ශය ලැබූ ඓතිහාසික වශයෙන් අතිශය වටිනා පුද බිමකි. එතරම් වටිනා තැනක්‌ විනාශකරන කවරෙකු වුව හොරු ලෙස හැඳින්වීමටත් වඩා ඉතිහාසය මත පහරන්නන් ලෙස හැඳින්වීම වඩාත් සුදුසුය. මේ නින්දිත පිරිස නිදන් හැරීම මෙන්ම මිහින්තලා අභයභූමිය තුළ වෙසෙන සතුන්...

දේශපාලන ටොයියන් හා බයියන් නිදාගෙන සිටිද්දී මුස්‌ලිම් අන්තවාදය සීඝ්‍රයෙන් පැතිරෙනවා - ඥනසාර හිමි

සිය සංවිධානය මීට වසර කිහිපයකට පෙර පෙන්වා දුන් පරිද්දෙන්ම මුස්‌ලිම් අන්තවාදය රට තුළ සිඝ්‍රයෙන් පැතිරෙමින් යන බවත් නමුත් අපගේ දේශපාලන ටොයියනුත් බයියනුත් නිදාගෙන සිටින බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ සඳහන් කළහ. රට තවදුරටත් මෙසේ ඉදිරියට ගියහොත් සිංහල සමාජය තුළින් කැරැල්ලක්‌ මතුවිය හැකි බවත් උන්වහන්සේ පැවැසූහ. බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ එම අදහස්‌ ඊයේ...

Tuesday, December 29, 2015

හැදියාව වනසන්නන්ට මඩු වලිගයෙන්ම තලමු!

අපේ රටේ සභ්‍යත්වය, සංස්‌කෘතිය හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධානය කරන මිනිසුන්ට මඩු වලිගයෙන් තැලිය යුතු යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කී කතාව මේ වන විට විශාල වශයෙන් කතාබහට ලක්‌ව තිබේ. ඇත්ත වශයෙන්ම මෙය ජනාධිපතිවරයා ප්‍රකාශයක්‌ කරන්නට පෙර සිටම සමාජය තුළ විශාල කතාබහක්‌ මතු කළ යුතු එකක්‌ව තිබුණු බව අපේ විශ්වාසයයි. විශේෂයෙන් විදේශීය ගායකයකු ගායිකාවක හෝ නළුවකු නිළියක ගෙන්වන විටත් (ගෙන්වීමට පෙර සිටම) මෙවැනි අශීලාචාර...

Monday, December 28, 2015

අධෝමාර්ගය රන් ගුදමක්‌ කරගත් 'අබ්දුල් හලීම් ඇමැති ලේකම්' මොහොමඩ් මුස්තාපා

රේගු නිලධාරින්ගේ ඇහැට වැලි ගසමින් නීති විරෝධී ක්‍රියා සිදු කිරීමට දක්‍ෂ බොහෝ තක්‌කඩි මෙරට සිටිති. නමුත් එම තක්‌කඩින්ට දිගටම එය සිදු කරගෙන යැමට හැකි වන්නේ නැත. කිනම් හෝ මොහොතක ඔවුහු නීතියේ රැහැනට කොටුවෙති. මේ කතා කරන්නට යන්නේද එවැනිම දෙයකි. එනම් රේගු නිලධාරීන්ට හොරෙන් අධෝ මාර්ගයේ රන් බිස්‌කට්‌ සඟවාගෙන සිංගප්පූරුවේ සිට පැමිණි ඇමැති ලේකම්වරයකු යෑයි කියාගත් පුද්ගලයකු අත්අඩංගුවට පත්වීමේ සිද්ධියක්‌ පිළිබඳවයි.  අපි ඔහු මොහොමඩ් යන නමින් හඳුන්වන්නෙමු....

සංචාරක වීසාගෙන ශ්‍රී ලංකාවේදී කොන්ඩා කැපීම, කුඹුරු කෙටීම සහ හිඟාකෑම

ඇත්තෙන්ම අප සිතා සිටියේ මෙරටට පැමිණෙන්නේ "සංචාරකයන්" පමණක්‌ බවය. එහෙත් පසුගිය කාලයේ වාර්තා වූ සිද්ධීන් බොහෝමයක්‌ ගැන කල්පනා කිරීමේදී ඒ වනාහි මෝඩ සිතුවිල්ලක්‌ බව පෙනේ. පසුගිය කාලය පුරාම මෙරටට හිඟන්නන්, විදේශීය ගණිකාවන්, කුඹුරු වැඩ කරන්නන්, මංකොල්ලකාරයන් බුරුතු පිටින් පැමිණ තිබේ. ඇත්තෙන්ම අප ඔවුන් සංචාරකයන් හැටියට සිතා ස්‌වයං රැවටීමකට භාජන වීම පුදුමයක්‌ නොවේ. ඊට හේතුව ඒ සියලු දෙනා පැමිණ තිබෙන්නේ "සංචාරක වීසා" රැගෙන වීම නිසාය. සුදුහම ඇති සහ කලුහම ඇති...

ලංකාව තුළ සැඟවුණූ ISIS ජාලයක් ක්‍රියාත්මකයි - විදෙස් ඔත්තු සේවා අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වන නියෝජිතයන් හරහා ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී සිටි ඉන්දීය තරුණිය ලබා දුන් තොරතුරු මහාරාෂ්ඨ ත්‍රස්ත මර්ධන ඒකකය විසිල් ශ්‍රී ලංකාවේ කන්සියුලර් කාර්යාලයට ලබා දී ඇති බව වාර්තා වනවා. මෙම ශ්‍රී ලාංකික ISIS ත්‍රස්ත නියෝජිතයා ඉන්දියාවේ පූනේ හි පදිංචිව සිටි තරුණියට සම්බන්ධ කරදී ඇත්තේ ඉන්දීය තෙල් සමාගමේ නිලධාරියෙක් වන මොහොමඩ් සිරාජුඩීන් නමැති අයෙකු බවයි පැවසෙන්නේ. අදාල තරුණිය මහාරාෂ්ඨ ත්‍රස්ත විමර්ශන ඒකකයට කළ පාපොච්චාරණය...

දානපති සමරකෝන් මහා භාරකාර වෙත භාරයක්‌ ලෙස පිහිටුවන ලද බොදු දේපළ සත්තු වත්තක්‌ බවට

පසුගියදා පළ වූ ප්‍රවෘත්තියකින් කියෑවුණේ අක්‌කර 80 කින් යුත් පිළියන්දල රෙජිඩේල්වත්ත සත්තු වත්තක්‌ කිරීමට මුල්ගල තැබූවත් තවම කිසිවක්‌ සිදු වී නැති බවයි. රෙජිඩේල්වත්ත මීට දශක කීපයකට පෙර දානපති සමරකෝන් නමැති ප්‍රභූවරයකු විසින් මහා භාරකාර තැන වෙත භාරයක්‌ ලෙස පිහිටුවන ලද ඉඩම් වලින් එකක්‌. අන්සතු කළ නොහැකි මේ ඉඩම මීට වසර 10 කට පමණ පෙර එවකට සිටි මහා භාරකරු උසාවිය නොමඟ යවා බී.ඕ.අයි. අධි ව්‍යාපෘතියක්‌ ලෙස ලලිත් කොතලාවලට විකුණන ලදී. මේ ප්‍රවෘත්තිය දැන ගත්...

ප‍්‍රංශ කෝර්සිකා දිවයිනේ මුස්ලිම් විරෝධී ප‍්‍රහාරයක්

ප‍්‍රංශයට අයත් කෝර්සිකා දිවයිනේ මුස්ලිම් යාඥා නිවසකට ප‍්‍රහාරයක් එල්ලවී ඇත.  65000ක ජනගහනයකින් යුතු ඇජාසියෝ නගරය තුළ බ‍්‍රහස්පතින්දා රැය පුරා මුස්ලිම් විරෝධී උද්ඝෝෂණයක් පවත්වා ඇති අතර එහිදී විරෝධතාකරුවන් විසින් ගිනි නිවන හමුදාව සහ පොලිස් නිලධාරීන්ට පහරදී ඇත. එහිදී ගිනි නිවන සෙබලූන් දෙදෙනෙකු හා පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇතැයි පැවසේ. මෙම සිදුවීමට විරෝධය පළ කරමින් සිකුරාදා දිනයේදී කෝර්සිකා පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා ඇති අතර...

ලංකාවේ අයි. එස්‌. අයි. එස්‌.ට හිතවත් පිරිස වර්ධනය වෙනවා. 45ක් දැනටමත් බැඳිලා - බුද්ධි අංශ රහස් වාර්ථාව ජනපතිට

ශ්‍රී ලංකාවේ පවුල් 09 කට අයත් 45 දෙනකු අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට එක්‌වීම සඳහා සිරියාවට ගොස්‌ ඇති බව බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන ඇත. මෙරට අයි. එස්‌. අයි. එස්‌. ක්‍රියාකාරකම් සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව විදේශ රටවල් දෙකක්‌ විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකාව තුළ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට හිතවත් ත්‍රස්‌ත සානුකම්පිත පිරිස වර්ධනය වෙමින් පවතින බව බුද්ධි අංශ විසින් ජනපතිවරයාට හා අගමැතිවරයාට රහස්‌ ලේඛනයක්‌ මගින් දැනුම් දී ඇත. බොහෝ...