එහිදී ගිනි නිවන සෙබලූන් දෙදෙනෙකු හා පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇතැයි පැවසේ.
මෙම සිදුවීමට විරෝධය පළ කරමින් සිකුරාදා දිනයේදී කෝර්සිකා පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා ඇති අතර ඉන් පිරිසක්ද 600 දෙනෙකුගේ පමණ කණ්ඩායමකට එක්වී මුස්ලිම් විරෝධී ප‍්‍රහාරය සඳහා පිටත්ව ගොස් තිබේ.
ඔවුන් යාබද පිහිටි යාඥා නිවස විනාශ කර දමා ඇති අතර කුරාන් ග‍්‍රන්ථ කිහිපයක් ඇතුලූ ඉස්ලාමික ආගමික ග‍්‍රන්ථ 50ක් පමණ ගිනි තබා විනාශ කර ඇතැයි පැවසේ.
මෙම සිදුවීමෙන් අනතුරුව ඇජාසියෝහි මුස්ලිම් යාඥා නිවෙස් 5කට පොලිස් ආරක්‍ෂාව ලබාදී ඇති බව ප‍්‍රාදේශීය නිලධාරී ප‍්‍රංශුවා ලාලේන් පවසා තිබේ.
කෝර්සිකාවේ ආරක්‍ෂක නිලධාරීන්ට හා ඉස්ලාමික දේවස්ථානයට එල්ල කළ ප‍්‍රහාරය ප‍්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බර්නාඞ් කැසෙනියු විසින් හෙළා දැක ඇති අතර වගකිව යුත්තන් අත්අඩංගුවට ගන්නා බවද ආරක්‍ෂක බලධාරීන් විසින් අවධාරණය කර තිබේ.
නොවැම්බර් 13 ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් අනතුරුව ප‍්‍රංශය පුරා ඉස්ලාමික විරෝධයක් පැතිර යමින් පවතී.
http://lankacnews.com/sinhala/foreign-news/139014/
0 comments:
Post a Comment