Pages

Tuesday, December 15, 2015

නව නීතියෙන් ධර්මපාල චින්තනයටත් වැට. හැඟිම් ඇවිස්සෙන කතා කළොත් වසර දෙකක් සිරගෙට

අපරාධ නීතියේ නවතම සංශෝධන සමගින් ධර්මපාල චින්තනය ගෙනහැර දක්වමින් ජාතික අනන්‍යතාව ඉස්මතුවන ආකාරයේ දේශන පැවැත්වීම, පෙළඹවීම් කිරීම, ඒ හා සම්බන්ධව ප්‍රචාරාත්මක කටයුතු වලටද වැට බැදෙන බව වාර්තා වෙනවා.

ජාතිවාදි හෝ ආගම්වාදි ප්‍රකාශ කරන්නන්ට අවුරුදු දෙකක බරපතළ වැඩ ඇතිව හෝ නැතිව සිරදඬුවම් නියම කිරීම නීතිගත කෙරෙන මෙම පනත් කෙටුම්පත් පසුගිය 11 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර එදින සවස රජයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු සහ ඔවුන්ට හිතවත් කණ්ඩායමක් විසින් පැවැත්වූ සාදයකදී ඒ සම්බන්ධයෙන් කතා බහ වී ඇත.

ආණ්ඩුවට සම්බන්ධ ප්‍රධාන පක්ෂයක මුල්‍ය අංශය බාරව කටයුතු කරන ඇමැතිවරයකු මෙම සාදය සංවිධානය කර ඇති අතර අදාල පනත පාර්ලිමේන්තුවට ගෙන ඒම තම පාර්ශව ලැබූ ජයග්‍රහණයක් බව පවසමින් ඔහු උදම් අනා ඇත. ඇමතිවරයා බෞද්ධ සහ හින්දු ජනතාව මුදල් සහ යටිතල පහසුකම් ලබාදෙමින් අන්‍යගමිකරණය කිරීමේ කල්ලියක් මෙහෙයවන බවට කාලාන්තරයක සිට චෝදනාවට ලක්වුවෙකි.

ජාතික වීරවරයකු සේ මහත් ගරුබුහුමන් ලබන අනගාරික ධර්මපාල ගුණ සැමරුම් මෙන්ම ධර්මපාල චින්තනය ගෙනහැර දැක්වීමද වැලැක්වීමට ඉදිරියේදී මෙම පනත මගින් හැකියාව ලැබෙන බව මෙම සාදය අතරතුරදී අදහස් ප්‍රකාශවී ඇත. මෙරට ක්‍රියාත්මකවන ජාතික සංවිධාන තහනම් කිරීමේ කටයුතුද විශේෂයෙන් සාකච්චා කර ඇති පිරිස බොදු බල සේනා සංවිධානය තහනමකට ලක් කිරීම කඩිනමින් සිදුකලයුතු බව අවධාරණය කර ඇත.

ColomboToday.com වෙත තොරතුරු ලබාදුන් පුද්ගලයාගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම සාදයට එක්වුවන්ගේ වැඩිදුර තොරතුරු සදහන් කිරීමට නොහැකි අතර ජාතිවාදී කල්ලී මෙහෙයවන සුප්‍රසිද්ධ චරිත කිහිපයකම මෙම සාදය සදහා සහභාගී වී ඇත.

ජාතික අනන්‍යතාවය හා ජාතික ආරක්ෂාව වෙනුවෙන් අදහස් දැක්වීමද ජාතිවාදය වැපිරීමක් ලෙස ආණ්ඩුවේ ඇතැම් පිරිස් අර්තකථනය කරන අතර නව පනතින් “ජාතිවාදය” යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි  නිර්වචනය කිරීමටද කටයුතු කර නැත. මීට ටික කලකට පෙර රජයේ අධිකරණ අමාත්‍යවරයා වන විජේදාස රාජපක්ෂ මහතා ‘මේ රට සිංහල බෞද්ධ රටක්’ යැයි පැවසීමත් ජාතිවාදී ප්‍රකාශයක් යෑයි හඳුන්වා තිබිණි.

Colombo Today

aparada

0 comments: