Pages

Wednesday, December 30, 2015

දේශපාලන ටොයියන් හා බයියන් නිදාගෙන සිටිද්දී මුස්‌ලිම් අන්තවාදය සීඝ්‍රයෙන් පැතිරෙනවා - ඥනසාර හිමි

සිය සංවිධානය මීට වසර කිහිපයකට පෙර පෙන්වා දුන් පරිද්දෙන්ම මුස්‌ලිම් අන්තවාදය රට තුළ සිඝ්‍රයෙන් පැතිරෙමින් යන බවත් නමුත් අපගේ දේශපාලන ටොයියනුත් බයියනුත් නිදාගෙන සිටින බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ සඳහන් කළහ.

රට තවදුරටත් මෙසේ ඉදිරියට ගියහොත් සිංහල සමාජය තුළින් කැරැල්ලක්‌ මතුවිය හැකි බවත් උන්වහන්සේ පැවැසූහ.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ එම අදහස්‌ ඊයේ (29 වැනිදා) පළ කළේ කිරුළපන පිහිටි බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේද පැවැසූහ.

අප මීට වසරකට දෙකකට කලින් කළ හෙළිදරව් කිරීම් අද යථාර්ථයක්‌ බවට පත්වෙලා. අප මෙම ත්‍රස්‌ත කල්ලි පිළිබඳ හෙළි කරද්දී ඒවා පිළිබඳ රජය කිසිම සොයා බැලීමකට ලක්‌ කළේ නැහැ. ඒ වගේම ඇතැම් මාධ්‍යයන් ඒ ගැන වගේ වගක්‌ නැතුව හිටියා. බොහෝ අය කිව්වේ මේ බුද්ධ පුත්‍රයෝ අන්තවාදී කියලයි. අපි හෙළි කළ ඇත්ත පිළිගන්න බොහෝ අය කැමති වුණේ නැහැ.

අද ප්‍රධාන දේශපාලන පක්‍ෂ සුළු ජාතීන් හුරතල් කරනවා. ඔවුන් හිතන්නේ සුළු ජාතීන් නොමැතිව බලය ලබා ගන්න බැහැ කියලයි. මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදීත් අපට ඩිලාන් පෙරේරා වැනි රටේ කරුමෙට උපන් අය පහර දුන්නා. මහ ජාතියේ ප්‍රශ්න විසඳන්න කිසිවකු ඉදිරිපත් වන්නේ නැහැ.

සිංහල බෞද්ධයන්ගේ හඬට කන්දෙන්න යෑයි අපි පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා. අද පාලකයෝ රට දකින්නේ දෙමළ සහ මුස්‌ලිම් කණ්‌ණාඩි වලින් පමණයි. ඔවුන් සිංහල කණ්‌ණාඩියෙන් රට දකින්නේ නැහැ. ඔවුන්ට එසේ දකින්න වුවමනාවකුත් නැහැ.

යහ පාලන රජයේ රිෂාඩ් බිදියුදීන් මහතා අද ඔවුන්ගේ නිජ භූමියක්‌ ගැන කතා කරනවා. මුස්‌ලිම් ජනයා ව්‍යාප්ත කිරීම ආරක්‍ෂා කිරීම හා පෝෂණය කිරීම වෙනුවෙන් ඔහුට ඉරානයේදී සම්මානයක්‌ පවා හිමිවනවා. ඔහු කටයුතු කරන්නේ ඒ වෙනුවෙන්. ඔහු අන්තවාදීව කටයුතු කරනවා. ඒ බව ඔහු ඔප්පු කර පෙන්වා තිබෙනවා.

අප මතු කරන ප්‍රශ්න පිළිබඳ කතා නොකර දේශපාලන අරමුණුවලින් පමණක්‌ කටයුතු කරන දේශපාලකයින් දේශපාලනය නොකර හිඟා කන එක මීට වඩා හොඳයි.

බොදුබල සේනා ඇතුළු සංවිධාන මුස්‌ලිම් අන්තවාදය ඇතුළු අනෙකුත් අන්තවාදයන් ගැන මතු කර ඇති කරුණු පිළිබඳ වහාම සොයා බලන්න යෑයි රජයට කියා සිටිනවා. මේ පිළිබඳ කොමිසමක්‌ පත් කරන මෙන් අප රජයෙන් ඉල්ලා සිටිනවා.

හලාල් පිළිබඳ, අපගේ භූමිය ආක්‍රමණය කිරීම ගැන, මුස්‌ලිම් සංවිධාන පිළිබඳ, එහි ගැවසෙන මුදල් ධනස්‌කන්ධය පිළිබඳ, අපගේ සිංහල කාන්තාවන් මුස්‌ලිම්කරණය කිරීම පිළිබඳ සිංහල මුස්‌ලිම් විවාහයකදී පෙළපත් නාමය වෙනස්‌ කිරීම පිළිබඳව මද්රාසා පාසල් පිළිබඳ මෙම කොමිසම මගින් සොයා බැලිය යුතුයි. එසේම ලිහිල් වීසා ප්‍රතිපත්තිය දැඩි කිරීමත් අවශ්‍යයි.

මද්රසා පාසල් කීපයක්‌ මේ රටේ තිබෙනවා. සොයා බැලිය යුතුයි. ඒකට අරමුදල් එන්නේ කොහෙන්ද බුද්ධි අංශ සොයා බැලිය යුතුයි. මේ හෙළිදරව් කරන්නේ ස්‌වදේශික හා සාම්ප්‍රදායික මුස්‌ලිම්වරුන් රැකීමටයි.

මුස්‌ලිම් අන්තවාදය පැමිණෙමින් තිබෙනවා. නමුත් අපගේ දේශපාලන ටොයියොයි බයියොයි නිදාගෙන සිටිනවා. අපගේ මහනායක හිමිවරුන් සැතපිලා ඉන්නවා. අලුත් පරම්පරාවේ හාමුදුරුවරුන්ට මේ අනතුර දැක ඇස්‌ කන් වසාගෙන සිටිය නොහැකියි. තවදුරටත් රට මෙහෙම ගියොත් සිංහල සමාජය තුළින් විශාල කැරැල්ලක්‌ ඇතිවිය හැකියි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා මෙසේ පැවැසීය.

අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් මෙරට ක්‍රියාත්මක වන බව අප මීට පෙර අනතුරු අඟවා තිබුණා. නමුත් මෙරට ආණ්‌ඩුව ඒ ගැන අවධානය යොමු කළේ නැහැ. නමුත් දැන් විදෙස්‌ රටවල් දෙකක්‌ අපට බුද්ධි අංශ තොරතුරු වාර්තා කර ඇත්තේ අප රටෙහි එම ත්‍රස්‌තවාදී කල්ලි ක්‍රියාත්මක වන බවයි.

විදෙස්‌ රටවල් ඒ පිළිබඳ දැනුම් දෙනකම් අපගේ බුද්ධි අංශ කුමක්‌ කළාදැයි ප්‍රශ්න මතු වෙනවා. විදෙස්‌ රටවල් දෙකක්‌ විසින් අප රටට ඉදිරිපත් කළ බුද්ධි අංශ වාර්තාවල සංක්‍ෂිප්තය හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මෙන් අප රජයෙන් ඉල්ලා සිටිනවා.

අපගේ පාලකයින් මුස්‌ලිම් අන්තවාදයට රිසිසේ දළුලන්න ඉඩදී තිබෙනවා. අප මේ ගැන කතා කරන්නේ සැබෑ මුස්‌ලිම් ආගමිකයින් රැක ගැනීමටයි. හලාල්වලින් ලැබෙන සල්ලි ත්‍රස්‌ත ක්‍රියා සිදුකිරීම වෙනුවෙන් ගලාගෙන යනවා දැයි අපට සැකයක්‌ තිබෙනවා.

රටේ බොහෝ ප්‍රදේශ මුස්‌ලිම්කරණය වෙමින් තිබෙනවා. පාලකයින්ට නොපෙනුනාට රට විශාල අනතුරකට ලක්‌ වෙමින් තිබෙනවා. අප ඇත්ත පෙන්නනවා. නමුත් පාලකයින් ඒ ඇත්ත නොදැක අපට එරෙහිව ක්‍රියා කරනවා. මුස්‌ලිම්කරණය සංහිඳියාව නමැති තිරයෙන් වසාගෙන තිබෙනවා.

අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තවාදය පිළිබඳ පුළුල් ලෙස සොයා බැලිය යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු විවාදයක්‌ කැඳවිය යුතුයි. අප මෙම ත්‍රස්‌ත කල්ලිය ගැන අවුරුදු දෙක තුනක්‌ තිස්‌සේ කළ හෙළි කිරීම් අද යථාර්ථයක්‌ වෙලා තිබෙනවා.

සිරිමන්ත චන්ද්‍රසේකර
http://www.divaina.com/2015/12/30/news21.html

Pic Source

0 comments: