Pages

Wednesday, December 9, 2015

පැරණි බොදු පුද බිම - අද හින්දු කෝවිල - ඓතිහාසික බෞද්ධ උරුමය වනසා පුරාවස්තු මුහුදට - ත්‍රි'මලේ කෝනේෂ්වරන් කෝවිලේ බලධාරීන් ගෝකණ්‌ණ විහාරයේ පුරාවිද්‍යා නටබුන් ගලවයි

ත්‍රිකුණාමලය ගෝකණ්‌ණ රජ මහා විහාරයට අයත් පුරා විද්‍යා භූමියේ ඉපැරණි ගල්කණු සහ පුරාවිද්‍යා නටබුන් ගලවා මුහුදට විසිකර කරගෙන යමින් තිබූ අනවසර ඉදිකිරීමක්‌ ඊයේ (6 දා) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් අත්හිටුවා තිබේ.

ත්‍රිකුණාමලය කෝනේෂ්වරන් කෝවිලේ පාලක බලධාරීන් විසින් මෙම අනවසර ඉදිකිරීම් සිදුකර ඇති බව ත්‍රිකුණාමලය සහකාර පුරාවිද්‍යා කොමසාරිස්‌ ඩබ්. එච්. ඒ. සුමනදාස මහතා එම ස්‌ථානයට ගොස්‌ සිදුකළ පරීක්‍ෂාවකදී තහවුරුවී ඇත.

සහකාර පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා ඊයේ (6දා) එම ස්‌ථානය පරීක්‍ෂා කිරීමට යැමේදී කෝවිලේ බලධාරීන් ඊට විරෝධය දක්‌වා ඇති අතර එහිදී පොලිස්‌ ආරක්‍ෂාව ලබාගෙන එම ස්‌ථානයට යැමට ඔහු කටයුතු කර තිබේ.

ඔහු සිදුකළ පරීක්‍ෂාවෙන් පසු ගෝකණ්‌ණ රාජමහා විහාරයට අයත් ඉහළ පුරාවිද්‍යා වටිනාකමක්‌ ඇති මෙම භූමියේ සිදුකරන අනවසර ඉදිකිරීම් වහාම නතර කරන ලෙස තමන් කෝවිල් බලධාරීන්ට දැනුම් දුන් බව සහකාර කොමසාරිස්‌ ඩබ්. එච්. ඒ. සුමනදාස මහතා සඳහන් කළේය.

කෝවිල් බලධාරීන් මීට වසර හතරකට පෙරදීද මෙම අනවසර ඉදිකිරීම් සිදුකිරීමට උත්සාහ ගෙන තිබේ. එහිදී පුරාවිද්‍යා කොමසාරිස්‌ ජනරාල් විසින් අධිකරණ නියෝගයක්‌ ලබාගනිමින් එය වළක්‌වා ඇති අතර කෝවිල් බලධාරීන් රහසේම යළි ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත්තේ අධිකරණ නියෝගයද නොතකා හරිමිනි.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවද සහකාර කොමසාරිස්‌වරයා සඳහන් කළේය.

ත්‍රිකුණාමලය - සමන් මල්ලවාරච්චි
http://www.divaina.com/2015/12/07/news35.html

Pic Source

සබැඳි ලිපි -
[
සිංහලයා ජාතිවාදියෙක්ද?
http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
]

0 comments: