Pages

Thursday, October 31, 2013

ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරවලින් පාකිස්‌තානයේ හා යේමනයේ සිවිල් වැසියෝ 4415 ක්‌ මරුට

ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාර 365 කින් පාකිස්‌තානයේ සිවිල් වැසියන් 3404 ක්‌ද යේමනයට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාර 117 කින් සිවිල් වැසියන් 1088 ක්‌ද ඝාතනය වී ඇත. මෙම ප්‍රහාරවලින් පාකිස්‌තානයේ ත්‍රස්‌තයක්‌ 2767 ක්‌ හා යේමනයේ ත්‍රස්‌තයන් 1011 ක්‌ද මියගොස්‌ තිබේ. මෙලෙස එල්ල කළ ඩ්‍රෝන් ප්‍රහාර නිත්‍යානුකූල යයි ඇමරිකානු රජය කියා සිටී. එහෙත් බ්‍රසීලය චීනය හා වැනිසියුලාව මෙම ප්‍රහාර නීති විරෝධී යයි ප්‍රකාශ කර ඇත. http://www.divaina.com/2013/10/31/forign05.ht...

කොල්වින් ආර්. ද සිල්වා විශිෂ්ඨ දේශපාලඥයෙකි

එතුමා ඉතා විශිෂ්ට කථිකයෙක්‌. නීති විශාරදයෙක්‌. ඒ වාගේම මෙරට ව්‍යවස්‌ථාදායකය ක්‍රියාවලිය පිළිබඳව විශේෂඥයෙක්‌. එතුමා කළ විශිෂ්ට මෙහෙවර බ්‍රිතාන්‍ය පාලනයෙන් සම්පූර්ණයෙන් ම නිදහස්‌ වූ 1972 ජනරජ ව්‍යවස්‌ථා සම්පාදනය කිරීමෙන් ම ඔප්පු වෙනවා. එතුමා 1970 දී බලයට පත් සමඟි පෙරමුණ රජයේ වැවිලි කර්මාන්ත හා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේදී ව්‍යවස්‌ථාදායකය හා ජාතික රාජ්‍ය සභාව ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක්‌ ලෙස පරිවර්තනය කරමින් නව ජනරජ ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කර ශ්‍රී ලංකාව නිදහස්‌ ස්‌වෛරී රාජ්‍යයක්‌ බවට පත් කිරීමට එදා බලයේ සිටි සිරිමාවෝ...

නිදහස්‌ අධ්‍යාපනයට පණදුන් ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර සූරීන්

දහනව වැනි සියවසේ පස්‌චාත් භාගය වූ 1884 දී එනම් මින් වසර 129 කට පෙරාතුව මේ ලක්‌ පොළොවෙහි උපන් ජාතියට දේශයට සදානුස්‌මරණීය වූත්, අමුල්‍යවූත් සේවාවක්‌ ඉටු කළ අජානීය පුරුෂයකු පිළිබඳව සියවසකටත් අධික කාලයක්‌ ඉක්‌ම ගිය තැන හෝ යමක්‌ ලියන්නට අවස්‌ථාවක්‌ ලැබීම මහා පිනකැයි මම සිතමි. ඒ උදාර මිනිසාගේ ජීවන චරිතය පිළිබඳව ශාස්‌ත්‍රීය වූත්, පර්යේෂණාත්මක වූත් තොරතුරු සොයා විමසා ඉදිරිපත් කිරීමට ප්‍රශස්‌ත ප්‍රයත්නයක යෙදෙමින් කේ. එච්. එම්. සුමතිපාල ශූරීන් "ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය 1798 - 1965" නම් ග්‍රන්ථයෙහි සංඥාපනයෙහි සඳහන් කළ උද්ධෘතයකින් මේ කෙටි ලිපිය ඇරඹීම...

මරණය දැක දැක ගවයෝ බේරෙති. පොලිසිය එනවිටත් කුළුගෙඩි පහර කෑ සතුන් පණ අදිමින්...

සේයාරුව හා සබැඳි ලිපිය - http://denethharinna.blogspot.com/2013/03/bbs.html වැලිසර නීති විරෝධී ගව ඝාතකාගාරයක්‌ පෙරේදා වැටලූ බස්‌නාහිර උතුර අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීහු කණ්‌ඩායමක්‌ ඝාතනය කරන ලද ගැබ්බර එළදෙනුන්, ඝාතනය කිරීමට සූදානම් කර සිටි එළදෙනුන් එකොළොස්‌ දෙනකු, කුඩා හරක්‌ පැටවුන් එකොළොස්‌ දෙනකු සමඟ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. එම අපරාධ ස්‌ථානය වටලන අවස්‌ථාව වන විටත් එළදෙනුන් ඝාතනය කරමින් තිබූ බවද පොලිසිය පවසයි. එළදෙනුන්ගේ හිසට...

කට රැක ගත නොහැකිවූ වටරැක හිමිට අවට පන්සල් සහ ප්‍රදේශවාසීහු එරෙහි වෙති

මහියංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වටරැක විජිත හිමියන්ට විරුද්ධව අවට විහාරස්‌ථානවල හිමිවරු සහ ප්‍රදේශවාසී ජනතාව විරෝධතාවක නිරත වීම නිසා ඊයේ (30 වැනිදා) පැවැති මාසික සභා රැස්‌වීම දින නියමයක්‌ නොමැතිව කල් තැබීමට සභාපති ඩබ්ලිව්. ඒ. සුනිල් මහතා පියවර ගත්තේය. විජිත හිමි මෙයට මාස කිහිපයකට පෙර බදුල්ලේ පැවැති රාමසාන් දින මුස්‌ලිම් පල්ලියකදී සිංහල ජාතියට සහ ආගමට විරුද්ධව දේශනයක්‌ සිදුකර එය අන්තර් ජාලයට යොමු කිරීම නිසා මෙම විරෝධතාව පවත්වා තිබේ. මන්ත්‍රී...

Wednesday, October 30, 2013

රාජසිංහ මාලිගයේ නටබුන් මතුවේ

සීතාවක බලකොටුව ආශ්‍රිතව කෙරෙන පුරාවිද්‍යා කැණීම්වලදී පළමුවැනි රාජසිංහ රජුගේ රජ මාලිගයේ නටබුන් යැයි අනුමාන කළ හැකි සාක්කි හමුවී තිබේ. කළුගල්වලින් තනන ලද පාදමක කොටස් සහ ගල් ඇතිරුමක් සහිත ගල්  පඩිපෙළක නටබුන් මේ වන විට මතු කරගෙන ඇතැයි සබරගමුව පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ තිස්ස මදුරප්පෙරුම මහතා පැවැසීය. සීතාවක බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි සීතාවක රාජසිංහ රජුගේ මාලිගය සහ ලන්දේසි බලකොටුව තිබූ බව කියැවෙන ස්ථානයේ මෙම කැණීම් ආරම්භ කර ඇත.  හමුවූ නටබුන් රාජසිංහ රජුගේ මාලිගයේ නටඹුන් ද යන්න පිළිබඳව මතෛක් නිශ්චිතව තහවුරු වී නැති බවත් තවදුරටත් කැණීම්...

අසල්වැසි රටේ සම්පත් වලට රැකවරණය දිය නොහැකි දකුණු ආසියාවේ ලොකුඅයියා - ප්‍රැට්‍රල් බෝම්බ ප්‍රහාරය සමග ශ්‍රි ලාංකිකයන්ගේ ආරක්ෂාව ගැන අනතුරු අඟවයි

තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂාව පිළිබඳ අනතුරු ඇඟවීමක් ඉන්දීය මධ්‍යම රජය විසින් බදාදා (30) නිකුත් කරනු ලැබ තිබේ. කොටි හිතවාදීන් අඟහරුවාදා (29) දිනයේ චෙන්නායි හි විරෝධතා රැළි පවත්වමින් ශ්‍රී ලංකාවට එරෙහි අදහස් ප්‍රකාශ කර ඇත. විශේෂයෙන් මෙහිදී ඔවුන්ගේ උදහසට ලක්වූයේ ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතාය.  මෙම විරෝධතා රැස්වීම්වලින් පසු චෙන්නායි හි පිහිටි ශ්‍රී ලාංකීය තැපැල්හල් දෙකකට පැට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම සිද්ධි‍යත්...

කැබිතිගොල්ලෑවේ බස් බෝම්බය පිපිරවූයේ කොටි කාන්තාවක් - සංඥා දුන් කොටියා හෙළි කරයි

අපි වැරදි බස් එකකට බෝම්බයක් තිබ්බා කියලා පිරිමි  ඔක්කෝටම ලලිත් (කර්නල්) පනිෂ්මන්ට්  දුන්නා. කෙල්ලෝ  දෙන්නා ඇර ඔක්කොම යකඩ කූඩුවක දාලා දවස් 08 ක් තිබ්බා. ‍පොලු වලින් ගැහැව්වා. ඒ කූඩුවේ කටුකම්බි තියන නිසා නැගිටින්න. නිදා ගන්න බැහැ. පසුව අපිව පනිෂ්මන්ට් එකට පාලමොට්ටේ බංකර් කපන්න දැම්මා. කැබිතිගොල්ලෑව යකාවැව දී 2006 ජුනි 13 වැනිදා මගී බස් රථයක් පුපුරවා හැරීමට සංඥා  දුන් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට  පා‍පොච්චාරණයක්...

හිටපු මාලදිවයින ජනාධිපති ඝාතනය කිරීමට අල්කයිදා ත්‍රස්‌තයන් මාලේ නුවරට පැමිණිලා - නෂිද්ගේ කාර්යාලය හෙළි කරයි

මාල දිවයින හිටපු ජනාධිපති මොහමද් නෂීද් ඝාතනය කිරීම සඳහා අල්කයිදා ත්‍රස්‌තයන් දෙදෙනකු මාලේ නුවරට පැමිණීම සම්බන්ධයෙන් ආරක්‍ෂක බලධාරීහු විමර්ශන අරඹා ඇත. තමාව ඝාතනය කිරීමේ උත්සාහයක්‌ ඇතැයි නෂීද් එරට ආරක්‍ෂක බලධාරීන් හට පැමිණිලි කර තිබුණි. මේ අතර මාල දිවයින මැතිවරණයේ මුල් වටය නොවැම්බර් 9 දා ද 2 වැනි වටය නොවැම්බර් 16 දාද පැවැත්වේ. http://www.divaina.com/2013/10/30/forign04.ht...

ශ්වසන ආබාධ සහිත ළමයින්ට වාෂ්ප අල්ලන්න එපා - ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

ශ්වසන ආබාධ සහිත දරුවන්ට ජල වාෂ්ප හුමාලය ඇල්ලීම මගින් ළමා හතිය වැඩිවන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ළමා හතිය ඇති ළමුන්ට එය මගහරවා ගැනීමට බොහොමයක්‌ දෙමාපියන් හුමාලය අල්ලන බවත් එම නිසාම ඔවුන්ගේ හතිය වැඩිවීමේ අවදානමක්‌ ඇතැයිද ඒ පිළිබඳව දෙමාපියන්ට අවබෝධයක්‌ නොමැති බවද හේ වැඩිදුරටත් කියා සිටියි. එවැනි ළමුන්ට හුමාලය ඇල්ලීමෙන් ශ්වසන පද්ධතියට ජලය වාෂ්ප වශයෙන් ඇතුල් වී ශ්වසන පද්ධතිය සංකෝචනය වීම මගින් එය වැඩිවන බවට විද්‍යාත්මක සාධක ඇති බැවින් ශ්වසන ආබාධ සහිත දරුවන්ට හුමාලය ඇල්ලීම නවත්වන්නැයි දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය පෙරේරා...

උතුරේ මහ ඇමැති හා මන්ත්‍රීවරුන් අතර තවත් අර්බුදයක්‌

පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගි වෙනවද නැද්ද යන්න සම්බන්ධයෙන් උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් මහතා හා පළාත් සභාවේ සෙසු මන්ත්‍රීවරුන් අතර තවත් අර්බුදයක්‌ ඇතිවී ඇත. මෙම සමුළුව වර්ජනය කළ යුතු යෑයි ඔවුන් කළ ඉල්ලීමට මහ ඇමැතිවරයා එකඟ වී නැත. තමිල්නාඩුවේ මහ ඇමැතිනි ජය ලලිතා ලවා පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව වර්ජනය කිරීමේ යෝජනාවක්‌ පළාත් සභාව වෙත ඉදිරිපත් කිරීමට පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි සසිකරන් දැරූ උත්සාහයද අසාර්ථක වී ඇත.  මේ අතර නොවැම්බර් 11 වැනිදා උතුරු පළාත් සභාවේ 2 වැනි රැස්‌වීම පැවැත්වේ. කීර්ති වර්ණකුලසූරිය http://www.divaina.com/2013/10/3...

ටෙලිමේල් අවුල් ජාලාවක්‌ වෙයි

විදුලි පණිවුඩ සේවාව (ටෙලිග්‍රෑම්) අහෝසි කිරීමත් සමඟ ඒ සඳහා විකල්පයක්‌ ලෙස තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ ටෙලිමේල් සේවාව ප්‍රායෝගික ගැටලු රැසක්‌ හේතුවෙන් අවුල් ජාලයක්‌ බවට පත්ව ඇති බවට තැපැල් වෘත්තීය සමිති චෝදනා කරයි. මේ පිළිබඳව "දිවයින" ට අදහස්‌ දැක්‌වූ තැපැල් වෘත්තීය සමිති නායකයන් රැසක්‌ම සඳහන් කළේ පැය දෙකක්‌ තුළදී බෙදා හැරීමට සැලසුම් කළ ටෙලිමේල් පණිවුඩය මේ හේතුවෙන් පැය 24 ක්‌ තුළදී වත් බෙදා හැරීමට නොහැකි තත්ත්වයක්‌ උදාවී ඇති බවයි. ටෙලිග්‍රෑම් සේවාව ක්‍රියාත්මකව පැවැති කාලයේ තැපැල් කාර්යාලයට විදුලි පණිවුඩයක්‌ ලැබුණම එය බෙදාහරින්න විදුලි...

ශ්‍රී ලංකා ඉල්ලීම පසෙකලා, ඇමරිකාව කොටි ආයුධ ප්‍රවාහකයා හිරේ යවයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා විනාශ කිරීම සඳහා ගුවන් යානා නාශක මිසයිල ලබාගැනීමට උත්සාහ කළ කොටි ආයුධ ප්‍රවාහකයකු වූ සුරේෂ් ශ්‍රී ස්‌කන්ධරාජා හෙවත් වෝටර්ලු සුරේෂ්ට නිව්යෝර්ක්‌ අධිකරණය විසින් ඊයේ (29 දා) වසර 2 ක සිර දඬුවමක්‌ නියම කර ඇත. ශ්‍රී ලංකාවේ සහජීවන වැඩපිළිවෙළ නිසා මොහුට එල්ල වී තිබූ ත්‍රස්‌ත චෝදනා ඉවත දමන ලෙස ශ්‍රී ලංකා රජය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත ලිපියක්‌ යවමින් ඉල්ලා තිබිණි. එහෙත් එම ලිපිය කෙරෙහි ඇමරිකානු රජය තැකීමක්‌...

Tuesday, October 29, 2013

ගණිකා වෘත්තිය සහ ගබ්සාව පිළිබඳ නිමල්කාගේ ප්‍රකාශයට හෙළ උරුමයෙන් පිළිතුරු

පනින රිලවුන්ට ඉණිමං බදින්නට සංචාරක කර්මාන්තය මුවාවෙන් එන ගණිකා ව්‍යාපාරයට නීත්‍යානුකූලභාවය ලබගැනීමේ කසකරුවන්ගේ ව්‍යායාමය, මතවාදය පරාජය කිරීමට පෙරට පැමිණීම ජාතික, ආගමික, සංස්කෘතික බලවේගවල වගකීමක් බව ජාතික හෙළ උරුමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා පවසන්නේ ගබ්සාව, ගණිකා වෘත්තිය නීතිගත කිරීමේ යෝජනාව සදාචාරයේ පදනමට එල්ල කරන කුළුගෙඩි පහරක් බවයි. සම්පූර්ණ නිවේදනය මෙසේය. ගබ්සාව සහ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බව නිදහස වේදිකාවේ සම කැඳවුම්කාරිනී, එමෙන්ම කුප‍්‍රකට රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකරිණියක...

ගණිකා වෘත්තිය සහ ගබ්සා කිරීම මෙරට නීතිගත කළ යුතුයි - නිමල්කා

ගණිකා වෘත්තිය සහ ගබ්සා කිරීම මෙරට තුල නීතිගත කළ යුතු යැයි නිදහස් වේදිකාවේ සම කැඳවුම්කාරිනී සහ කාන්තා දේශපාලන පීඨයේ අධ්‍යක්‍ෂිකා නිමල්කා ප්‍රනාන්දු මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ සංචාරක කර්මාන්තයට සමගාමීව ලංකාවේ කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂා කිරීම සඳහා මෙම පියවර ගත යුතු බවයි. සංචාරකයන් පැමිණෙන්නේ විවේක සුවය විඳීම සඳහා නිසා සංචාරක කර්මාන්තය හැඳින්විය යුත්තේ විවේකී සංස්කෘතිය වශයෙන් බවත් එම සංස්කෘතියේ අනෙක් පැතිකඩ ලිංගික හැසිරීම බවද පවසන ඇය එහිදී කාන්තාවන්ට ලිංගික සේවයට අනුගත වීමට සිදුවන බවත් කියයි. එබැවින් මේ තත්ත්වයට මුහුණදෙන කාන්තාවන්ගේ සෞඛ්‍ය...

මර්කල් ගැන ඔත්තු බලන බව ඔබාමා දැනසිටලා

ජර්මානු චාන්ස්ලර් ඇන්ජලා මර්කල් මහත්මිය පිළිබඳව ඔත්තු සෙවීමේ කටයුතු පිළිබඳව ඇමරිකානු ජනාධිපති බරැුක් ඔබාමා 2010 පමණ සිට දැනගෙන අතැයි ජර්මානු පුවත්පතක් විසින් අනාවරණය කර තිබේ. බ්ලිඞ් ඇම් සොන්ටැග් පුවත්පත වෙත තොරතුරු ලබාදුන් නම් හෙළි නොකළ ජාතික ආරක්ෂක ඒජන්සියේ නිලධාරියෙකු පවසා ඇත්තේ 2010දී ජාතික ආරක්ෂක ඒජන්සියේ ප‍්‍රධානි කීත් ඇලෙක්සැන්ඩර් ඇන්ජලා මර්කල්ගේ තොරතුරු ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළ විට එයට එරෙහි වීම වෙනුවට ඉදිරියට ගෙන යාමට...

ආණ්ඩුකාරයා බාධාවක් - විග්

පළාත් සභාවේ බලය ආණ්ඩුකාරවරයා විසින් මුළුමනින්ම යටපත් කරගෙන තිබෙන බවත්, පළාත් සභාවට යම් යම් අයිතිවාසිකම් පැවතුනද ආණ්ඩුකාරවරයාට පවතින බලතල හේතුවෙන් ඇතැම් වැඩසටහන් කි‍්‍රයාවට නැංවීමට නොහැකිවී ඇති බවත් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශවරන් මහතා පැවසීය. යාපනයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් ඔහු කියා සිටියේ පළාත් ආණ්ඩුකාරවරුන් සතුව පවතින බලතල පළාත් සභා කටයුතු වලට බාධාවක් බවයි. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයා පත් කරන බැවින් ඔහු පාලක ආණ්ඩුවේ...

සුළු ජාතීන්ට හෙළබිමේ සෑම බිං අඟලක්ම කැපයි! සිහළුන්ට උතුරු නැගෙනහිර අකැපයි! සැබෑ අසාධාරණය කාටද?උතුරු පළාතේ සිංහල පවුල් ඉවත් කරන්න පළාත් සභාව සූදානම්

උතුරු පළාත් සභාව විසින් දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ගේ බලපෑම මත උතුරු පළාතේ පදිංචි සිංහල පවුල් ඉවත් කිරීමේ සැලැස්මක් සකස් කරමින් සිටින බව වාර්තා වේ. දැනට යාපනය නාවක්කාලි ප‍්‍රදේශයේ ඉහිටි ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක පදිංචිකරවා සිටින සිංහල පවුල් මෙහි මුල් පියවර වශයෙන් ඉවත් කිරීමට උතුරු පළාත් සභාව විසින් තීරණය කර තිබේ. පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශවරන් මහතා උතුරේ මාධ්‍යවේදීන් හමුවේ ප‍්‍රකාශ කර ඇත්තේ මෙම සිංහල පවුල් ඉවත් කිරීම...

ඩ්‍රෝන ප්‍රහාර මෙහෙය වූ ඇමරිකානු නියමුවා ඉල්ලා අස්‌වෙයි

ඇෆ්ගනිස්‌ථානයේ හා ඉරාකයේ ෙඩ්‍රෝන යානාවලින් ප්‍රහාර එල්ල කළ නියමුවා සිය ධූරයෙන් ඉල්ලා අස්‌වී ඇත. බ්‍රැන්ඩන් බ්‍රයිරන්ට්‌ මෙහෙය වූ ෙඩ්‍රෝන ප්‍රහාරවලින් 1626 ක්‌ මරුමුවට පත් වු බව ඔහු හෙළි කළේය. මෙම ෙඩ්‍රෝන ප්‍රහාර මෙහෙයවීම සඳහා තවදුරටත් ඔහුව රඳවා ගැනීමේ අරමුණින් ඩොලර් 109000 ක මුදලක්‌ ප්‍රදානය කිරීමට ඇමරිකානු ආරක්‍ෂක බලධාරීහු ඉදිරිපත් වූවත් ඔහු එය ප්‍රතික්‍ෂේප කර ඇත. ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමෙන් තමා මානසික අසහනයට පත් වූ බව ඔහු පවසා තිබේ. http://www.divaina.com/2013/10/29/forign01.ht...

පැට්‌නා බෝම්බ පිපිරීම්වලට ඉන්දීය මුජෙයිදීන් සම්බන්ධයි - බිහාර් පොලිසිය

ඉන්දියාවේ පැට්‌නා නගරයේ දේශපාලන රැස්‌වීමක සිදු වූ බෝම්බ පිපිරීම්වලට ඉන්දීය මුජෙයිදීන් සංවිධානය සම්බන්ධ යයි හෙලි වී ඇත. මෙම බෝම්බ පිපිරීම් නිසා පස්‌ දෙනකු මියගොස්‌ 100 කට අධික පිරිසකට තුවාල සිදු වී තිබේ. භාරතීය ජනතා පක්‍ෂයේ අගමැති අපේක්‍ෂක නරේන්ද්‍ර මෝධිගේ දේශපාලන රැස්‌වීමකදී මෙම පිපිරීම් සිදු වී තිබේ. පැට්‌නා දුම්රිය ස්‌ථානය අසලදී ද එක්‌ බෝම්බ පිපිරීමක්‌ සිදු වී ඇත. මෙම බෝම්බ පිපිරීම්වලට ඉන්දීය මුජෙයිදීන් සංවිධානය සම්බන්ධ බවට බිහාර් පොලිසිය කියා සිටී. http://www.divaina.com/2013/10/29/forign02.ht...

බොඳ වී යන රාවනා ඇල්ලේ සුන්දරත්වය

සංචාරක කර්මාන්තය විදේශ විනිමය රටට ගලා එන තවත් එක්‌ ප්‍රබල මාධ්‍යයක්‌ වී තිබේ. රජය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා සුවිශේෂ අවධානයක්‌ යොමු කර ඇති අතර විවිධ ක්‍රමෝපායන් ක්‍රියාවට නන්වමින් සිටියි. ඉකුත් 2012 වසරේදී මෙරටට පැමිණ ඇති විදේශ සංචාරකයන් සංඛ්‍යාව දස ලක්‍ෂයකට ළඟා වූ 950.000 කි. මෙම සංඛ්‍යාව 2011 වසරට වඩා 17% ක වර්ධනයෙනි. සංඛ්‍යාත්මකව එම අගය 855.957 කි. 2012 වසර ලබා ඇති විදේශ විනිමය බිලියනයක්‌ වී ඇත. 2016 වසර වන විට විදේශ සංචාරකයන් මිලියන 2.5...

බෝපත් ඇල්ල ද? ඕපත් ඇල්ල ද?

වර්තමානයේ විදේශ සහ ස්‌වදේශික සංචාරකයන්ගේ සිත්ගත් සංචාරක ස්‌ථානයක්‌ ලෙස රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ පිහිටි එක්‌තරා දිය ඇල්ලක්‌ ප්‍රසිද්ධියට පත්ව තිබේ. මෙම දිය ඇල්ල වර්තමානයේ හඳුන්වනු ලබන්නේ "බෝපත් ඇල්ල" නමිනි ඊට හේතු වශයෙන් දක්‌වන්නේ දිය ඇල්ලේ ආරම්භක ස්‌ථානය බෝ පත්‍ර හැඩයක ස්‌වරූපයෙන් යුක්‌තවීම අනුව එසේ හඳුන්වා ගෙන ඇති බවය. එහෙත් මෙහි පැරැණි නාමය "බෝපත් ඇල්ල නොව "ඕපත් ඇල්ල" බව අවධාරණයෙන් පැවසිය යුතුව තිබේ. කිසියම් දිය පහරක්‌ නැතහොත් ඔයක්‌ ගලා යන ස්‌වභාවය...

මතට තිතද? තිතට මතද?

කසිප්පුවලින් බද්දක්‌ අයකළ යුතුයෑයි මේ රටේ නියෝජ්‍ය මුදල් ඇමැති සරත් අමුණුගම මහතා යෝජනා කරයි. ඒ මහතා මෙම යෝජනාව කළේ සමස්‌ත ලංකා සුරාබදු සැරයන්වරුන්ගේ සහ නියාමකවරුන්ගේ සංවත්සර උත්සවයට සහභාගි වෙමින්ය. මතට තිත යන ප්‍රතිපත්තියට එරෙහිව මත්පැන් බොන අය දිරිමත් කරන මේ ප්‍රකාශය පනින රිළවුන්ට ඉනිමං බැඳීමකි. ලෝක අමද්‍යප දිනය පසුවී (2013.10.03) ටික දිනකින්ම ඒ මහතා කළ මේ ප්‍රකාශය ගැන අමද්‍යප සංවිධාන හෝ කටක්‌ ඇර කිසිවක්‌ කියා නොමැත. රජයට ආදායම් ලබාගත හැකි ප්‍රධානම මාර්ගයකි මත්පැන් හා දුම්වැටි. රුපියල් 28 කට විකිණෙන දුම් වැටියකින් රුපියල් 19 ක්‌ම රජයට බදු වශයෙන්...

ජීවිතයට කිසිදු වටිනාකමක්‌ නැති දුම්වැටි මත්වතුර වැනිදේ ළංකරගෙන ඵලක්‌ නැහැ - මෛත්‍රීපාල

ජීවිතයට කිසිදු වටිනාකමක්‌ නැති දුම්වැටි මත් වතුර වැනි දේ ළඟා කරගෙන ජීවත්වීමෙන් තමුන්ටවත් වෙනකාටවත් ඵලක්‌ නැතැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ රජය විසින් ආරම්භ කර ඇති දුම්වැටි විරෝධී වැඩසටහනට සහාය දැක්‌වීම සඳහා නුගේගොඩ අධ්‍යාපන ආයතනයක්‌ වන සැසිප් ආයතනය විසින් සංවිධානය කර තිබූ දැනුවත් කිරීමේ වැඩ සටහනකට සහභාගි වෙමිනි. එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය. ඔබේ ජීවිතයට ඔබ වැඩි වටිනාකමක්‌ දුන්නේ නැත්නම් ඔබේ ජීවිතයට වඩා වෙනත් දේවල්වලට තමයි ඔබට අගයක්‌ දෙන්න වෙන්නේ. ඒ වගේම ඔබේ ජීවිතයට වඩා වෙනත් දේවල්වලට...

පොලොම්මාරුවේ වාචිස්‌සර හිමි කිරිවෙහෙර වැඩබලන නාහිමි පදවියට

අපවත්වී වදාළ කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගෙන් පසු පුරප්පාඩුව පවතින කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්‌ථානයේ තාවකාලික භාරකාරත්වය කතරගම ප්‍රාදේශීය ලේකම් ටී. බී.එම්. අතපත්තු මහතා වෙත පවරා ඇත. බෞද්ධ කටයුතු පිළිබඳව කොමසාරිස්‌ ජනරාල් චන්ද්‍රප්‍රෙAම ගමගේ මහතා විසින් කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්‌ථානයේදී මෙම භාරකාරත්වය පවරන අතර විහාරස්‌ථානයේ වැඩ බැලීම සඳහා ඌව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පොලොම්මාරුවේ වාචිස්‌සර හිමියෝ පත්කරනු...

කොටි සුසාන භූමි ඉදිකළොත් අත්අඩංගුවට

කොටි සුසාන භූමි ඉදිකිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකු වහාම අත්අඩංගුවට ගන්නැයි ආරක්‍ෂක බලධාරීන් උතුරේ පොලිස්‌ ස්‌ථානවලට හා ආරක්‍ෂක ප්‍රධානීන්ට නියෝග කර ඇත. නොවැම්බර් මසට යෙදී ඇති මියගිය කොටි සැමරීමේ කාල සීමාවේ උතුරේ ඇතැම් පිරිස්‌ කොටි සුසාන භූමි ඉදිකිරීමට සැලසුම් කරන බව බුද්ධි සේවාවන්ට වාර්තා වී තිබේ. කොටි සංවිධානය තහනම් සංවිධානයක්‌ බවත් ත්‍රස්‌තවාදීන් සැමරීමට ඉඩ දිය නොහැකි බවත් ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ පැවැසීය. මෙම කොටි සුසාන භූමි නැවත ස්‌ථාපිත කළ යුතු බවට චාවකච්ෙච්රි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 15 ක්‌ අත්සන් කළ ලිපියක්‌ මහ ඇමැති විග්නේශ්වරන්ට...

සුලතලුන් ඕනැවට වඩා සුරතල් කරන්නේ පරිස්සමින්. බල්ලාගෙන් විෂබීජ ගොස් ඇසක් අහිමි වූ අමිලගේ කථාව...

කතරගම දියවර ගම්මානයේ පදිංචිව සිටින කතරගම ජනාධිපති ජාතික පාසලේ 2 වැනි වසරේ ඉගෙනුම ලබන පුංචි හේවාගේ අමිල මදුසංක දරුවාගේ දකුණු ඇස මුළුමනින් අක්‍රීය වීමේ සෝචනීය පුවතක්‌ වාර්තා වේ. වසර 7 ක්‌ වැනි පුංචි අමිල ගේ දකුණු ඇසට ඇතුළු වූ විෂබීජයක්‌ මගින් ඇසෙහි ස්‌නායු සියල්ල මැරී ඇතැයි වෛද්‍යවරු පවසති. මාස දෙකක්‌ පමණ හම්බන්තොට රෝහලේත් කොළඹ ඇස්‌ රෝහලේත් ප්‍රතිකාර ලැබූ අමිල මේ වන විට සිය නිවසට පැමිණ සිටින අතර සිය දකුණු ඇස අහිsමි වීම පුංචි අමිලට ඉගෙන ගැනීම් කටයුතුවලට...

ගව ඝාතනයට සැක හය දෙනා අධිකරණයට

ගැබ්ගෙන සිටි මී වැස්‌සියක්‌ හා තවත් මී වැස්‌සියකු නීති විරෝධී අයුරින් විකිණීම සඳහා වෙල්යායක මස්‌ කරමින් සිටි පුද්ගලයන් හය දෙනෙක්‌ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මුත්තූර් මහෙස්‌ත්‍රාත් පායන් රසාක්‌ මහතා සැකකරුවන් රුපියල් 50000 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර දඬුවම් පැමිණවීම සඳහා ලබන 29 දින වැනි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය. මෙලෙස ඇප මත නිදහස්‌ වූයේ සේරුනුවර කිලිවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් හය දෙනෙකි. සේරුනුවර පොලිස්‌...

නාමළුව විහාරයේ වෛත්‍යය හැරූ 12දෙනකුට ලක්‌ෂ 18ක දඩයක්‌. හතරදෙනෙක්‌ යළි රක්‌ෂිතයට

සියඹලාණ්‌ඩුව නාමළුව පුරාණ රජමහා විහාරයේ ඉපැරණි චෛත්‍යයක්‌ බැකෝ යන්ත්‍රයක්‌ යොදා හාරා විනාශ කර නිධන් සෙවීමෙහි යෙදුණු සැකකරුවන් 16 දෙනාගෙන් 12 දෙනකු වරද පිළිගැනීම හේතුවෙන් මොනරාගල වැඩ බලන මහෙස්‌ත්‍රාත් බණ්‌ඩාර මහතා විසින් එක්‌ අයෙකුට රුපියල් 150000 බැගින් රුපියල් 1800000 ක දහඅට ලක්‌ෂයක්‌ දඩයක්‌ ගෙවන ලෙසට නියෝග කළේය. 2013. 04. 19 හෝ 20 යන දිනවලදී චෛත්‍යය හාරා ඇති බවට සියඹලාණ්‌ඩුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වැඩිදුර විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරුවන් අතරින් 04 දෙනකු නිවැරදි කරුවන් බව පැවසු හෙයින් ඔවුන් නැවතත් බන්ධනාගාරගත...

තක්‌කඩින්ට කැසිනෝ දාන්න ඉඩ දෙන්න එපා - භද්දිය හිමි

* ජනාධිපතිටත් ෆොන්සේකාටත් එක සමානව ආශිර්වාද කරනවා * දෙමළෙන් ධර්මය දේශනා කරන භික්‌ෂු පරපුරක්‌ හදනවා "මහත්තයෝ තක්‌කඩින්ට කැසිනෝ දාන්න ඉඩ දෙන්න එපා"යෑයි මාවරලේ භද්දිය හිමියෝ පෙරේදා (26 දා) රාත්‍රි බස්‌නාහිර පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල මහතාට පැවසූහ. මෙවැනි දේට එරෙහිව ඉස්‌සර මෙන් පෙළපාලියැමට තමන්ට දැන් නොහැකි බවත් එම නිසා රටට, ජාතියට, සංස්‌කෘතියට ලැදි දේශපාලකයනගේ වගකීම විෂමාචාරයන්ට ඉඩ නොතැබීම බවත් එහිදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ. භද්දිය හිමියන්...

Monday, October 28, 2013

'මුලතිව්හි දිවුරුම්දීම වැළැක්‌වීමෙන් දෙමළ ඩයස්‌පෝරාවේ කුමන්ත්‍රණය පරාජය වුණා' - ආනන්ද සංගරී

උතුර පළාත් සභාවට තේරී පත්වූ සමහර මන්ත්‍රීවරුන් මුලතිව්හිදී දිවුරුම් දීමට ගත් උත්සාහය නතර කර එය ජයග්‍රාහී ලෙස අවසන් කිරීමට මන්නාරම අගරදගුරු රායප්පු ජෝශප් පියතුමන් ගත් පියවර ගැන සතුටු වන බව ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී මහතා පවසයි. මෙම තීරණයත් සමඟ සරුසාර ජීවිත ගතකරන දෙමළ ඩයස්‌පෝරාවේ කුමන්ත්‍රණ පරාජය වූ බවද හෙතෙම පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් ආනන්ද සංගරී මහතා මන්නාරම අගරදගුරු තුමන්ට යෑවූ" ලිපියේ මෙසේද සඳහන් වෙයි. පසුගියදා පැවැති පළාත් සභා මැතිවරණයේදී සන්ධානයේ පොදු අපේක්‍ෂක ලෙස තරග කළ නිසා විවිධ පාර්ශ්ව සහ ප්‍රශ්න අමතක කරන්නට...

සිසුන් අතර තවමත් ජනප්‍රිය 'මඩොල්දූව'

පාසල් සිසුන් අතර තවමත් ජනප්‍රිය වී පවතින්නේ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ "මඩොල් දූව" පොත බව ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලය විසින් කරන ලද සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇත. ඊට අමතරව වැඩිම සිසුන් පිරිසක්‌ කියවා ඇත්තේ "හීන්සැරය", "හත්පණ", "අඹ යාළුවෝ", "මඟුල් කෑම", "අපේ ගම", "ෂර්ලොක්‌ හෝම්ස්‌" වැනි පොත් යෑයි ද එම සමීක්‍ෂණයෙන් තවදුරටත් හෙළිවී තිබේ. උතුරු නැගෙනහිර හැර සෙසු සියලුම පළාත්වලින් අහඹු ලෙස තෝරාගත් පාසල් පන්සීයක හය ශේ්‍රණියෙන් ඉහළ සිසුන් දසදහස්‌ හයසිය විසි දෙනකු යොදා ගනිමින් මෙම සමීක්‍ෂණය සිදු කරනු ලැබ ඇත. එම සමීක්‍ෂණ වාර්තාවට අනුව සිසුන්ගෙන්...

මන්මෝහන් සිංට ජංගම දුරකථනයක්‌ නෑ - අගමැති ප්‍රකාශක [ඇමෙරිකාව රාජ්‍ය නායක දුරකථන රහසේ සවන් දීම]

මිලියන 1250 ක ජන සමූහයක්‌ ජීවත්වෙන ඉන්දියාවේ අගමැති අසූඑක්‌ හැවිරිදි මන්මෝහන් සිං ජංගම දුරකථනයක්‌ හෝ පෞද්ගලික ඊ-මේල් ලිපිනයක්‌ හෝ නැතිව ඉන්දියාව පාලනය කරන බව වාර්තා වේ. මේ බව හෙළිවූයේ පසුගිය සිකුරාදා ලන්ඩන් නුවර "ලන්ඩන් ගාඩියන්" පුවත්පත විසින් කරන ලද සමීක්‍ෂණයකදීය. ඇමෙරිකාව විසින් ලෝකයේ රටවල් 35 ක පමණ රාජ්‍ය නායකයන්ගේ ජංගම දුරකථන ඇමතීම් වලට රහසේ සවන් දෙන බවට (ටැප් කරන බවට) පසුගියදා ලෝකය පුරා විශාල ආන්දොaලනයක්‌ ඇතිවිය. ඒ සම්බන්ධව අගමැති මන්මෝහන්...