Pages

Tuesday, October 22, 2013

සල්ලිවලට ආදරය කරන අය කැසිනෝ පනතට පක්‍ෂව අත උස්‌සයි - ගම්මන්පිල

කැසිනෝ පනතට පක්‍ෂව සල්ලිවලට ආදරය කරන අය අත උස්‌සන බවත් රටට ආදරය කරන අය එම පනතට විරුද්ධව පාර්ලිමේන්තුවේදී අත උස්‌සන බවත් බස්‌නාහිර පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල මහතා පැවැසීය.

ආණ්‌ඩුව විසින් 23 සහ 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ක්‍රම උපාය මාර්ගික සංවර්ධන පනත හෙවත් කැසිනෝ පනත සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් ඊයේ (22 වැනිදා) "දිවයින"ට ඒ බව පැවැසීය.

වත්මන් රජය පංචමහ බලවේග සමඟ රට සංවර්ධනය කරා ගෙන යන බවට මහින්ද චින්තන ප්‍රතිපත්තිය මගින් පෙන්වාදී තිබෙන බවත් පෙන්වා දුන් ඇමැතිවරයා එහි කිසිම තැනක කැසිනෝවලින් රට සංවර්ධනය කරන බවට සඳහනක්‌ නැතැයිද කීය.

ඩොලර් මිලියන 350 ක ආයෝජනයෙන් ආරම්භ කෙරෙන කැසිනෝ ව්‍යාපාරිකයා සඳහා වසර 10 ක බදු සහන ලබාදී ඉන් අනතුරුව තවත් වසර 15 ක්‌ සියයට හය (6%) බද්ධක්‌ පමණක්‌ ලබාගෙන පවත්වාගෙන යැමට බදු සහනදී ඇතැයිද කීය. මෙම සහනය මෙරට ගොවියාට හෝ සුළු කර්මාන්ත කරුවන්ට ලබාදීමේ හැකියාව ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

කැසිනෝ ව්‍යාපාරය සමඟ මත්පැන්, ගණිකා වෘත්තිය හා පාතාලයද රටේ ඇතිවීමේ හැකියාව පවතින බවද පෙන්වා දුන් ඇමැතිවරයා ඇමරිකාව, චීනය හෝ වෙනත් කිසිදු රටක කැසිනෝ හල් රටේ ප්‍රධාන නගරවල ස්‌ථාපනය කර නැතැයිද අවධාරණය කර සිටියේය.

චමින්ද සිල්වා
http://www.divaina.com/2013/10/21/news33.html

0 comments: