Pages

Saturday, October 19, 2013

ළමා වයස්‌ සීමාව25 දක්‌වා ඉහළ දමන්න - මනෝ විද්‍යාඥ අන්ත්‍රබස්‌

මනෝවිද්‍යා මතයක්‌ අනුව ළමා වයස්‌ සීමාව 18 ලෙස සැලකීමෙන් ළමුන් වැඩිහිටියන් ලෙස මග හැරීමේ හානිකර ප්‍රවණතාවක්‌ පවතී. BBC අමතමින් ළමා මනෝ විද්‍යාඥ අන්ත්‍රබස්‌ ප්‍රකාශ කර සිටිනුයේ මෙතෙක්‌ ලබා ඇති දත්ත අනුව ළමා වයස්‌ සීමාව ඉහළ දැමීමේ අවශ්‍යතාවක්‌ පවතින බව සඳහන් කර ඇත.

සත්වයන් හා සැසඳීමේදී මිනිස්‌ මොලය ඉතා විශාලය. හිස්‌ කබලේ වැඩිම ප්‍රමාණයක්‌ මස්‌තිෂ්කය ගෙන ඇත. මෙමගින් විවිධ කාර්යභාර කළමනාකරණය ලැබේ. රස, ගන්ධය, ශ්‍රවණය, දැක්‌ම, මතකය, කථනය හෝ කියවීම ආදී සංනිවේදන කාර්ය රාශියක්‌ මෙහි පාලනය කරයි. වයස 12, 14 හා 18 අවධියේදී මේ කොටසෙහි ස්‌නායු පද්ධතිය වර්ධනය වෙමින් පවතී. මේ තත්ත්වය දරුවාගෙන් දරුවාට වෙනස්‌ වේ.

බ්‍රිතාන්‍යයේ ළමා හා පවුල් ආඥපනත මගින් ළමයාගේ නෛතික අයිතිවාසිකම් සැලකීමේදී ඔහුගේ ආකල්ප හා මනෝ සෞඛ්‍ය වර්ධනය 18 වයස්‌ සීමාවක රැදී සිටීම ප්‍රායෝගික නොවේ. ඕටිසම් වැනි මානසික දුබලතාවන් සඳහා නිර්දේශ අධ්‍යාපන පුහුණු කරවීම් සැපයීමේදී ළමා වයස්‌ සීමාව ප්‍රායෝගික නොවන බව ළමා මනෝවිද්‍යාඥ මතයයි.

http://www.divaina.com/2013/10/19/forign07.html

0 comments: