බෞද්ධ කටයුතු පිළිබඳව කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රෙAම ගමගේ මහතා විසින් කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්‌ථානයේදී මෙම භාරකාරත්වය පවරන අතර විහාරස්‌ථානයේ වැඩ බැලීම සඳහා ඌව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පොලොම්මාරුවේ වාචිස්‌සර හිමියෝ පත්කරනු ලැබූහ. ලබන පළමු වැනිදා නායක හිමියන් තේරීම මල්වතු විහාරස්‌ථානයේදී සිදු කිරීමට නියමිත අතර කිරිවෙහෙර දායක සභාවේ සාමාජිකයන් පවසන්නේ නියත වශයෙන්ම පොලොම්මාරුවේ වාචිස්‌සර හිමියන් නායක පදවිය සඳහා පත්වීමට ඉඩ ඇති බවයි.
කතරගම - කේ.ඩී. දේවප්‍රිය
http://www.divaina.com/2013/10/29/news14.html
0 comments:
Post a Comment