මෙරට විහාරස්ථාන වැසීයාමට ප‍්‍රධාන හේතුව පැවිදීවීම සඳහා රටේ පිරිමි දරුවන් හිගවීම බව උඩුගම ශ‍්‍රී බුද්ධ රක්ඛිත අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමියෝ පැවසූහ.ලංකාවේ පවුල්වල ගැහැනු දරුවන් වැඩිවී පිරිමි දරුවන් අඩුවීමත් බොහෝ පවුල්වල දරුවන්ගේ ගණන සීමාවීමත් මේ තත්වයට බලපා ඇතැයි නාහිමියෝ පවසති.
මහනාහිමියෝ මෙසේ පැවසුවේ මධ්‍යම පළාත් සභාවේ නව විපක්ෂ නායකයා ලෙස පත්වු රංජිත් අලූවිහාරේ මහතා දිවුරුම්දිමෙන් පසු ආශිර්වාද ලබා ගැනීම සඳහා මහනාහිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදීය.
‘පෙරදා පැවිදි දිවියට ඇතුළත් වුයේ උගත් බුද්ධිමත් මෙන්ම පෙළපත් සහ ආර්ථික අතින් ශක්තිමත් ඇති පවුල්වල දරුවන්. එහෙත් එවැනි පවුල්වල දරුවන් හැදීම සීමා කිරීමත් සමග ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වල දරුවන් පැවිදි දිවියට ඇතුළුවී යම් මට්ටමකින් හෝ පන්සල් ආරක්ෂා කරගනිමින් සිටින බව මේ පිළිබඳව රටේම ජනතාවගේ අවධානය යොමුවිය යුතුයි’ යනුවෙන්ද නාහිමියෝ පෙන්වා දුන්හ.
http://lankacnews.com/sinhala/news/103158/






0 comments:
Post a Comment