උන්වහන්සේ එම ප්‍රකාශය කළේ බෞද්ධ විහාර දේවාලගම් ආඥ පනත යටතේ පවරනු ලබන නඩු විභාග කිරීම සඳහා නව අධිකරණ ශාලාවක් අගවිනිසුරු මොහාන් පීරිස් මහතා විසින් විවෘත කරනු ලැබූ අවස්‌ථාවේ දීය.
දැනට ලංකාවේ පවත්වාගෙන යනු ලබන අධිකරණ ක්‍රියාවලිය පවතින්නේ අධිරාජ්‍යවාදීන් විසින් ආරම්භ කරන ලද අධිකරණ නීති රාමුව මතයි. එහෙත් අතීතයේ දී අප රටේ අධිකරණය පවත්වාගෙන යන ලද්දේ රාජ්‍ය නීතියට අනුවයි. ඒ වගේම බුද්ධ නීතියට අනුවයි. රට පාලනය වූයේත් රාජ නීතියටත් බුද්ධ නීතියටත් අනුව යෑයිද ඒ හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.
මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ -
මිනිස් සංහතිය තුළ ඇතිවන ගැටලු විසඳා ගැනීමට ඉතා ගැඹුරු අර්ථවත් සාකච්ඡා පැවතිය යුතු බව බුදුන්වහන්සේ පෙන්වා දී තිබෙන නමුත් වත්මන් අධිකරණය මගින් එවැන්නක් සිදු නොවේ.
බ්‍රිතාන්‍ය පාලනයේදී පවත්වාගෙන යන ලද අධිකරණ පද්ධතියෙහි යම් යම් වෙනස්‌කම් පසු කාලීන ඇතිවුවත් විහාරස්‌ථානවලට බලපාන ආරවුල් විසඳීම සඳහා අවශ්‍ය වෙනස්‌කම් සිදු නොවීම කනගාටුවට කරුණකි.
රාමඤ්ඤා මහා නිකායේ අතිපූජ්‍ය මහා නායක නාපාන පේමසිරි ස්‌වාමින්ද්‍රයන් වහන්සේ -
මහනුවර ශ්‍රී දළදා මාලිගාවට මෙන්ම දීඝවාපිය ඇතුළු බොහෝ පූජනීය ස්‌ථානවලට ඈත අතීතයේ සිට අයත්ව තිබුණු ඉඩකඩම් බෞද්ධ නොවන පුද්ගලයන්ගේ අයිතියටත් පරිහරණයටත් පත්වී තිබීම කනගාටුදායක කරුණකි.
දෙගල්දොරුව රාජ මහා විහාරයටත් රජ දවස ලැබුණු විශාල භූමි ප්‍රදේශය අද අන්සතු වී තිබෙනවා.
බෞද්ධ වෙහෙර විහාරස්‌ථාන සතු දේපළ එම පූජනීය ස්‌ථානවල අධිපති ධුරයන් පාලනය සඳහා වෙනම ව්‍යවස්‌ථාපිත නීතියක් පවතින්නේද බෞද්ධාගම සඳහා පමණයි. ඒ බෞද්ධ විහාර දේවාලගම් පනතයි. ඒ අනුව විනයගරුක උදාර භික්‍ෂුන්වහන්සේට මුහුණ පාන්නට සිදුවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහාත් අධිකරණ විනිශ්චයක් ලබා ගැනීම සඳහාත් මෙම නව අධිකරණය පිටිවහලක් වනු ඇත.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ සභාපති අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ද, අධිකරණ ඇමැති රාවුෆ් හකීම්, මධ්‍යම පළාත් බද සිවිල් අභියාචනාධිකරණ විනිසුරු අනුර සී. රණසිංහ යන මහත්වරුන්ද උත්සව සභාව ඇමැතූහ.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් සිසිර රත්නායක, මහා සංඝරත්නය සහ අධිකරණයේ විනිසුරුවරුන් හා නීතිඥවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්‌ථාවට සහභාගි වූහ.
සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2013/10/24/news28.html
සබැඳි ලිපි -
[
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
]
0 comments:
Post a Comment