Pages

Monday, October 28, 2013

උතුරු පළාත් සභාවේ මංගල සැසිය අමතමින් විග්නේශ් ප්ලෑන කියයි

දහතුන්වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව පොලිස්‌ බලතල හා ඉඩම් බලතල උතුරු පළාතේ ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බව උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ඊයේ (25 වැනිදා) පළාත් සභාවේ මංගල සැසිවාරය අමතමින් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් පැන නගින ගැටලුවලට ඕනෑම පාර්ශ්වයක්‌ සමග සාකච්ඡාකොට විසඳුම් සොයා ගන්නා බව ද ප්‍රධාන ඇමැතිවරයා කීය.

දෙමළ භාෂාව කතාකරන බහුතර පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ උතුරු පළාතේ සේවයට යොදවන බව පැවැසූ ප්‍රධාන ඇමැතිවරයා උතුරු ප්‍රදේශයේ සීමාවකින් තොරව රඳවා සිටින හමුදාව ඉවත් කිරීම හෝ අවම කිරීම පළාත් සභාවට ඇති බලතල අනුව පියවරෙන් පියවර කරගෙන යන බව ද එහිදී සඳහන් කළේය.

පළාත් සභා ක්‍රමය ඇතිකර වසර 25 කට පසුව ප්‍රථම වරට පිහිටවූ උතුරු පළාත් සභාවේ මංගල සභාවාරය ඊයේ (25 වැනිදා) පෙරවරු 9.00ට යාපනය කයිතඩි හි පළාත් සභා රැස්‌වීම් ශාලාවේදී පැවැත්විණි. පළාත් ආණ්‌ඩුකාර මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වීම පැවැති අතර ඊට පෙර ආණ්‌ඩුකාරවරයාත් ප්‍රධාන ඇමැතිවරයාත් නව පළාත් සභා ගොඩනැඟිල්ල විවෘත කළහ.

එහිදී ආණ්‌ඩුකාරවරයා ජාතික ධජයත්, ප්‍රධාන ඇමැතිවරයා පළාත් ධජයත් එසවූ අතර ඉන්පසුව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සවයේ කටයුතු ආරම්භ විය. සභා රැස්‌වීම ආරම්භවීමෙන් පසුව විශේෂ ප්‍රකාශයක්‌ කළ ප්‍රධාන ඇමැතිවරයා මෙසේ ද කීය.

උතුරු පළාත් සභාවේ කිසිදු මන්ත්‍රීවරයකුට හෝ අමාත්‍යවරයකුට අල්ලස්‌ හෝ දූෂණ වංචාවලට සහභභාගිවීමට තමන් ඉඩ නොතබන බව ද පැවැසීය.

යුද්ධයේදී වසර ගණනාවක්‌ බැට කෑ උතුරේ වැසියන්ට යළිත් කිසිදු අඩන්තේට්‌ටමක්‌ විඳීමට අවස්‌ථාවක්‌ උදා නොවන බව ද මහ ඇමැතිවරයා පැවැසීය. යුද සමයේදී උතුරු ප්‍රදේශයෙන් ඉවත්වූ සියලුම මුස්‌ලිම් වැසියන් යළි ඔවුන්ගේ ගම්බිම්වල පදිංචිකරවීමටත් ඔවුනට අවශ්‍ය සහන හා සහයෝගය ලබාදීමටත් ක්‍රියාකරන බවද හෙතෙම පැවැසීය.

උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරු ඇමැතිවරු නිතර නිතර කණ්‌ඩායම් සාකච්ඡාවලට සහභාගි කරවා ගැනීමෙන් ඔවුන් අතර දැඩි සහසම්බන්ධයක්‌ ගොඩ නඟන බව කී මහඇමැතිවරයා දකුණේ සිංහල ජනතාව මේ උතුරු පළාත් සභාව රට බෙදන පරිපාලන ව්‍යqහයක්‌ ලෙස සිතන්නේ නම් එය වැරදි අදහසක්‌ බව ද කියා සිටියේය. රට බෙදීමට තමාට හෝ වෙනත් අයකුට කිසිදු උවමනාවක්‌ නොමැති බව කී හෙතෙම එක්‌ රටක්‌ තුළ බලය විමධ්‍යගත කෙරෙන පාලන ව්‍යqහයක්‌ කෙරෙහි වර්තමානයේ අවධානය යොමුවිය යුතුව ඇතැයි ද පැවැසීය. මේ සඳහා චෙල්වනායගම් වැන්නවුන් යෝජනා කළ පෙඩරල් ක්‍රමය ඉතා යෝග්‍ය බව කී මහ ඇමැතිවරයා ඔවුන් නතර කළ තැන සිට ඉදිරියට කටයුතු කොට දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකරගත යුතු බව ද පැවැසීය.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ පහ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ටද උතුරු පළාත් සභාවේ මංගල සභාවාරය ඇමැතීමට අවස්‌ථාව සලසා දී තිබිණි.

දිනසේන රතුගමගේ - යාපනයේ සිට
http://www.divaina.com/2013/10/26/news01.html

සබැඳි ලිපි -
[
උතුර-නැගෙනහිර එක්වීම රජය පිළිගත යුතුයි - විග්http://denethharinna.blogspot.com/2013/10/blog-post_1867.html
ජනපති ඉදිරියේ දිව්රුම - මෙය ස්වං තීරණය සඳහා වන දුර ගමනක ඇරඹුමක් – විග්නේෂ්වරන්http://denethharinna.blogspot.com/2013/10/blog-post_8337.html
13 ගන්න සහය දෙන්න - විග්නේශ්වරන්-ඉන්දීය විදේශ ඇමැති හමුවේhttp://denethharinna.blogspot.com/2013/10/13.html
]

0 comments: